සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

දේශපාලන සිරකරුවෝ හෙට සිට මාරාන්තික උපවාසයක


ප්‍රසිද්ධ ලිපියක් යොමුකරමින් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් පවසා සිටින්නේ තමන් 2009 වසරේ සිට වසර 3 ක් තිස්සේ රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින බවත් තමන් වෙනුවෙන් නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෝ එසේ නැතිනම් තමන් නිදහස් කරන ලෙසයි. මෙලෙස කිසිදු නෛතික තත්ත්වයක් වෙත යොමු නොකරමින් සිටීමට විරුද්ධව තමන් හෙට (මැයි මස 17 වැනිදා) සිට මාරාන්තික උපවාසයක් ආරම්භකරන බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටී.

මෙම තත්ත්වය ඉතා ඛේදජනක තත්ත්වයක් බවත් මීට පෙරද මෙවැනි උපවාස ක්‍රියාමාර්ග සඳහා යොමුවුවද ඒ මොහොතේදී දේශපාලඥයන් සහ ඉහළ බලධාරීන් පොරොන්දු ලබාදුන්නද ඒ කිසිවක් ඉටුනොවූ බව ඔවුන් අවධාරණය කර සිටී.

ඔවුන් සිවිල් ක්‍රියාකාරීන්ගෙන් සහ සමාජයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සාධාරණයත්වය සහ නිදහස උදෙසා සිදුකරන මේ අරගලයට සහයෝගය දක්වන ලෙසයි.

By – yutkthiya.com