සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

ඉඩම් ඉල්ලා හමුදාව පොරයක – සොහොන් භූමිය පවා අත්පත් කර ගැනීමේ වෑයමක්

යාපනය කරවෙට්ටි ප්‍රාදේශීය සභාව යටතේ තිබෙන සොහොන් භූමියක් තමන්ට ලබා දෙන ලෙස හමුදාව විසින් ජනතාවට බල කරමින් සිටියි. – 2012 ජුනි 12 සුඩර් ඔළි පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, මෙසේ හමුදාවට බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීමට ඉඩ නොදෙන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ජනතාවගෙන් ඉලලීමක් කර ඇත. මේ පිළිබඳව වැඩි දුර අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්,

‛‛ඊයේ(11) කරවෙට්ටි ප්‍රාදේශීය සභාවට පැමිණි හමුදාව එම ප්‍රාදේශීය සභාව යටතේ තිබෙන සොහොන භූමියක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. කරවෙට්ටි ප්‍රාදේශීය සභාව පවතින්නෙ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාලනය යටතේයි. එම නිසා එම ඉඩම කිසිසේත් හමුදාවට අත්පත් කර ගන්නට ඉඩ නොදෙන බව අපි ඒ අවස්ථාවේදීම හමුදාවට පැවසුවා. එම ඉඩම ලබා දෙන්නට නොහැකි බවට ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන ලෙස හමුදාව අපිට පැවසුවා. ප්‍රාදේශීය සභාවත් ලිඛිත ප්‍රකාශයක් ලබා දීමට එකඟ වුණා.

හමුදාව ඉල්ලන පරිදි තමන්ගේ ඉඩම් ලබා දීමට ජනතාව බැඳී නැහැ. හදිසි නීතිය තිබුණ කාලයේ හමුදාවට කැමැති දෙයක් කිරීමට බලය තිබුණා. නමුත් දැන් හදිසි නීතිය නැහැ. ජනතාව බය වෙන්න ඕනෙ නැහැ. හමුදාවේ මෙවැනි බලහත්කාරී ක්‍රියාවලට එරෙහිව නීති්‍යාණුකූලව පියවර ගන්නවා.’’