සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

රුසියාවේ පුසි රයට් ගායිකාවන් ට වසර දෙකක සිර දඬුවම්


කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වීමේ චෝදනාවලට වැරදිකරුවන් බව තීන්දු කෙරුණු රුසියාවේ පුසි රයට් වේග රිද්ම සංගීත කණ්ඩායමේ නදේශා තොලොකොනිකෝවා, මාරියා අලෙක්හීනා, යෙකතෙරිනා සමුත්සෙවි ගායිකාවන් තිදෙනාට අවුරුදු දෙක බැගින් සිර දඬුවම් නියම විය.

පසුගිය පෙබරවාරි මාසයේ මොස්කව් අගනුවර ප්‍රධාන දේවස්ථානයේ දී පුසි රයට් ගායිකාවන් තිදෙනා ජනාධිපති පූතින්ට එරෙහිව ගීයක් ගායනා කිරීමෙන් අනතුරුව ඔවුන් සිරභාරයේ පසු වූ අතර මෙය රුසියාවේ මෑත ඉතිහාසයේ මහජන අවධානය තදින් යොමු වූ නඩු විභාගයක් ලෙස ජාත්‍යන්තර වාර්තා සදහන් කරයි.

මෙම නඩුව විභාග කළ මරීනා සිරෝවා විනිසුරුවරිය ප්‍රකාශකර සිටියේ පුසි රයට් ගායිකාවන් තිදෙනා දේශපාලන සහ ආගමික වෛරයෙන් අපරාධයක් කර ඇති බවත්, ඔවුන් සමස්ත රුසියානු සමාජයට සහ ආගම් අදහන්නන්ට අගෞරව කර ඇති බව අධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කළ බවට වාර්තා විය.

කෙසේ නමුත් මෙම පුසි රයටි ගායිකාවන් තිදෙනා අත්අඩංගුවට ගත් පසු විවිධ රටවල බොහෝ පිරිස් මෙන්ම ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුලු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද ඔවුන් නිදහස් කිරීමට තවමත් ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම් සදහා නැඹුරැවක් නොදක්වන පුටින් රජයට බලකරමින් විරෝධතා ව්‍යාපාරයන් සංවිධානය කර තිබිණි.

මේ ඔවුන් රැසියාව තුළ ගැයූ විරෝධාකල්ප ගිතයක්..(පරිවර්තනය – සුනන්ද දේශප්‍රිය | රුසියාව හොළවන ගෑනු තුන් දෙනා – ලිපියෙන්)

දේව මතාවෙනි, කන්‍ය මරියතුමියෙනි, පූටින් පළවා හරින්න, පළවා හරින්න, පළවා හරින්න.

කලූ ලෝගු, රන්මුවා උපපටි, හැම බැතිමතෙක්ම තදබදයෙන් වැද වැටෙයි,

නිදහසේ අවතාර ඇත්තේ දෙව්ලොවයි,

සමරිසියෝ දම්වැල් දමා සයිබිරියාවට,

රහස් ඔත්තු සේවයේ ලොක්කා එහි සාන්තුවරයා වී

විරෝධකරුවෝ රංචු පිටින් සිර ගෙදරට යවත්.

…..

ශුද්ධ වූ අසූචි, දෙවියන්ගේ අසූචි, ශුද්ධ වූ අසූචි, අසූචි, අසූචි

සාන්ත මරියාවනි, ස්ත්‍රීවාදිනියක් වෙනු මැනව

පල්ලිය ඒකාධිපතියන්ට මල්මාලා දමයි

කුරුසය වැඩමවන්නේ සුඛොපභෝගී රථ වලිනි

ඔන්න ඔබේ පාසැලටත් පූජක දේශකයෙක් එන්න යනවා

ගිහින් එයාට මුදල් පුදන්න

ප්‍රධාන පූජක අදහන්නේ පූටින්

පමා නොවී දෙවියන් ඇදහුවොත් යහපත්.

මරියා දේව මෑණියෙනි,

ඔබ අපේ නම් පූටින් පළවා හරින්න, පළවා හරින්න, පළවා හරින්න.

@VIKALPA [Vikalpa is Sri Lankan Citizen Journalism Initiative]