සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

දොර ඇරපන් කඳවුරු, නිදහස් කරව් කඳවුරු….

Vi 03

Vi 02

Vi01

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සදහා වන සංවිධානය විසින් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂනයක් පැවැත්විණි. විශාල පිරිසක් සහභාගී වු එම උද්ඝෝෂනයේදී ඔවුන් අවධාරණය කරන ලද්දේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවරු කරන ලෙසයි.

එහිදී අදහස් දැක්වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අදහස් දක්වමින් ‛‛ අපි අද එකතුවෙලා ඉන්නේ පළවෙනි කාරණාව තමයි උතුරේ ලක්ෂ ගණනක් හිරේ තියාගෙන ඉන්න කඳවුරු වහාම ඉවත් කරලා ඒ ජනතාවට නිදහස දෙන්න. ලෙඩ්ඩු, බබාලා, දරුවො හිරකරගෙන ඉන්නවා. මේ අපරාධේ වහාම නවත්තන්න. දෙවනි කාරණය තමයි බලය බෙදලා දෙමළ ජනතාවට අයිතිවාසිකම් ලබාදෙන්න. 13වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමාණවත් නෑ. ඊට එහා යන සැබෑ බලයක් උතුරට විතරක් නෙමේ දකණේ ජනතාවටත්, ජනතාවට තමන්ව පාලනය කර ගැනීමට බලය දෙන්න. තුන්වන ඉල්ලීම තමයි මේ පඩිය කිසිසේත් ජනතාවට ජීවත් වෙන්න පඩියක් නෙමේ. වතුකරයට 500 පඩිය වහාම දෙන්න ඕන. අවම පඩිය 15000ක් කරලා සෑම කම්කරුවෙකුටම පඩි වැඩි කරන්න. එවගේම බොරු නඩු දාලා අවුරුදු 20ක් හිරේ දාලා ඉන්න තිස්සනායගම්ව වහාම නිදහස් කරපන්. අපි මේකයි කියන්නේ.’’

වන්නි වන්නි කඳවුරු
අපාය වගේ කඳවුරු
වද විඳිනා කඳවුරු
දොර ඇරපන් කඳවුරු
නිදහස් කරව් කඳවුරු

හදිසි නීති අකුළ ගනිව්
කොටි පනතත් අකුළ ගනිව්
මර්ධන නීති අකුළ ගනිව්
මාධ්‍ය නීති අකුළ ගනිව්
බොරු චෝදනා අකුළ ගනිව්
ඉහත දැක්වෙන්නේ එම උද්ඝෝෂණයේදී භාවිතාකළ සටන් පාඨ කිහිපයකි.