Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Vavuniya

සංහිදියාව වෙනුවට බලහත්කාර පදිංචිවීම්

A Sri Lankan Commando soldier keeps watc
වවුනියාව කොක්කච්චාන්කුලම් ගම්මානයේ තවත් සිංහල පවුල් 800ක් පදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මඟින් මෙම දිස්ත‍්‍රික්කයේ ජන අනුපාතයට හානියක් සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිවසක්ති ආනන්දන් පවසයි. මීට පෙර මෙ ප‍්‍රදේශයේ ගම්මානයක සිංහල පවුල් 300ක් පදිංචි කර වවුනියාවේ දකුණ ප‍්‍රාදේශීය සභාවට ඇතුළත් කර ඇත.

මේ පිළිබඳව වැඩිදුරට අදහස් දක්වන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සිවසක්ති ආනන්දන් මහතා :

Vanni district MP Sivashakthi Anandan
Vanni district MP Sivashakthi Anandan

‘‘වවුනියාව ප‍්‍රාදේශීය සභා කොට්ඨාශයට අයත් කොක්කච්චාන්කුලම් පාරම්පරිකව දෙමළ ගම්මානයක්. මෙහි පහුගිය අවුරුද්දේ හමුදාව සහාය සමඟ සිංහල පවුල් 300ක් පදිංචි කරා. මේ ගම්මානයේ නමද කලාබෝගස්වැල ලෙස වෙනස් කරා. දැන් තවත් සිංහල පවුල් 800ක් රැුගෙන ඇවිත් 11වනදා (11.02.2013) පදිංචි කරලා.

ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ ද පැමිණ පදිංචි වූ පිරිසට සහන ලබා දුන්නා. මෙම ගම්මානයේ සිංහල පවුල් 3000ක් පදිංචි කිරීම රජයේ අරමුණයි. වවුනියාවේ සිටින හමුදා නිළධාරියෙක් මේ පිළිබඳ වැඩකටයුතු වලට භාරව සිටින බව ආරංචියි. මෙහි ජීවත් වූ දෙමළ ජනතාව යුද්ධය නිසා අවතැන් වී සිටිනවා. ඔවුන්ට අයත් කුඹුරු සහ ඉඩම් රාශියක් ද මේ ගම්මානයේ තියනවා.

පදිංචි වී සිටින සිංහල ජනතාව දිරි ගැන්වීම සඳහා ඔවුන්ට වරප‍්‍රසාද සහ පහසුකම් ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ඔවුන්ට පාපැදි ලබාදී ඇති අතර නිවසට අවශ්‍ය භාණ්ඩ ද ලබාදී තිබෙනවා. මීට අමතරව විදුලිය ලබාදීම සහ මාර්ග ඉඳි කිරීම වැනි කටයුතු ද කරමින් සිටිනවා. තවත් පහසුකම් ලබා දෙන බවද නිළධාරින් පොරොන්දු වෙලා තියනවා.

මේ පදිංචි කිරීම නිසා වවුනියා දිස්ත‍්‍රික්කයේ ජන අනුපාතයේ හානියක් සිදුවන බව දෙමළ ජනතාව අනතුරු අඟවනවා. මීට පෙර මන්නාරම, මුලතිව් දිස්ත‍්‍රික්කයේ ද, නෙඩුංකේනි අරියකුණ්ඩාන් ප‍්‍රදේශයේ ද විශාල වශයෙන් සිංහල පවුල් පදිංචි කරීම සිදුවී තිබෙනවා. අරියකුණ්ඩාන් ගම්මානයේ නම ද ඇතා වැට්ටුවැල යන සිංහල ගම්මාන ලෙස මාරු කර තිබෙනවා.

වන්නියේ තිබෙන වනාන්තරයද විනාශ කර එහි මුස්ලිම් ජනතාව පදිංචි කිරීමටද කටයුතු කරමින් සිටින බව ආරංචියි. මේ ප‍්‍රදේශයේ මීට පෙර මුස්ලිම් ජනතාව වාසයක කර නෑ. මෙවැනි පදිංචි වීම් කි‍්‍රයාව නිසා දිස්ති‍්‍රක්කයේ ජන අනුපාතය ප‍්‍රයෝජනයට අරගෙන මැතිවරණ දිනා ගැනීමට සමහර කොටස් උත්සහ දරමින් සිටිනවා.

යුද්ධය අවසන් වූ පසු ජාතීන් අතර සංහිදියාව ඇති කරමින් සිටින බව රජය ජාත්‍යන්තරයට ප‍්‍රකාශ කරමින් සිටිනමුත් මෙවැනි බලහත්කාර පදිංචි වීම් සිදුවන බවට ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරය දැනගත යුතුයි. මෙම කි‍්‍රයාවලිය වහා නතර කිරීමට ජාත්‍යන්තරය මැදිහත් විය යුතුයි.’’
[Photo Credit:jdsrilanka.blogspot.com]