සිංහල, Colombo, Democracy, Education, Features, Governance, Human Rights, Human Security, Life quips

රැකියා විරහිත උපාධිධාරින්ට ලේක් හවුස් වටරවුමේදී පොළිස් ප්‍රහාරයක්, කාන්තාවන් පහකට තුවාලයි, තවත් පිරිසක් පොළිස් අත්අඩංගුවට..

12

11

01

03

02

04

05

06

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය විසින් අද(4) කොළඹ කොටුවේදී පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයට පොළීසිය විසින් ාලා්ටස් වටරවුම ආසන්නයේදී ජල, කදුලු ගෑස් සහ බැටන් ප්‍රහාරයන් එල්ල කරනු ලෑබීමෙන් 05දෙනකු ට තුවාල සිදුවී කිහිප දෙනකු පොළිස් අත් අඩංගුවට පත් විය.

වසර 3කට ආසන්න කාලයක් උපාධිධාරින්ට රැකියා ලබා ගැනීමට ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පෙළපාලියකින් ගමන්ගත් උපාධිධාරින් 1500කට ආසන්න පිරිසක් ාලා්ටස් වටරවුමේදී පොළිස් ප්‍රහාරයකට ලක් විය.

උපාධිධාරීන් පිරිස කොටුවේ සිට ඕල්කට් මාවත ඔස්සේ ාලා්ටස් වටරවුම අසලට පැමිණ එහි වූ මාර්ග බාධක පෙරලා දමා එම ප්‍රදේශයට ඇතුල්වීමට උත්සහ දරද්දී කැරලි මර්ධන ඒකකය සහ පොළිස් නිළධාරීන් විසින් කදුලු ගෑස් සහ ජල ප්‍රහාරයන් යොදා එයට ඇතුල්වීම වලක්වාලීය. එම ප්‍රහාරවලින් තුවාල ලැබූ කාන්තාවන් 5 දෙනකු රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ.

දහවල් සිට පැය 5කට ආසන්න කාලයක් වර්ෂාව මධ්‍යයේ මෙම උපාධිධාරී සංගමයේ සාමාජිකයින් එම මංසන්ධියේ වර්ෂාව ද නොතකා රැදී සිටියේය.

පසුව පොළිසිය පැවසූවේ මෙම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බැවින් මෙයින් පිටවන ලෙසය.

නමුත් උපාධිධාරි සංගමයේ කැඳවුම්කරු සුජිති කුරුවිට මහතා පැවසූවේ උපාධිධාරීන්ගේ ප්‍රශ්ණයට මෙතෙක් රජය කිසිදු පිළිතුරක් ලබා දී නොමැති බවත් මාසයකට ආසන්න කාලයක් තම සංගමය ඒ වෙනුවෙන් උපවාසයක් ද ආරම්භ කල බවයි. මෙය එහි අවසන් පියවර බවත් ඔහු පැවසීය. ඔහු තව දුරටත් පැවසූවේ ‛අපට පොරොන්දු ගණනාවක් ලබා දුන්නා. එහෙම පොරොන්දු ලබා දීලත් ඒවා ඉෂ්ඨ කරේ නැති නිසා තමයි ඔක්තෝබර් 7දා අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරේ. මේ අඛණ්ඩ උපවාසය අද වෙනකොට දවස් 29ක්. ජනාධිපතිට ලිවුම් ඉදිරිපත් කරා. අමතිවරුන්ට ලිපි මගින් මේ ප්‍රශ්ණය ඉදිරිපත් කරා. සාකච්ඡා ගත්තා. පාර්ලිමේන්තුවේ කථා කරා. තව දුරටත් උත්තර නැති තැන තමා අපි මේ පා ගමනින් ආවේ. ජනාධිපතිට සංදේශයක් භාර දෙන්න. මේ ප්‍රශ්ණයට ආණ්ඩුවේ වැඩපිළවෙල මොකද්ද කියන එක ගැන උත්තරයක් අරගෙන යන්න. අපි අද සාමකාමීව ආවේ. අපි මෙතෙන්ට එනකොට මාර්ග බාධක දාලා අපේ ගමන අවහිර කරලා. කිසිදු හොයා බැලිල්ලක් නැතුව කදුලු ගෑස් සහ වතුර ප්‍රහාර එල්ල කරා. ජනාධිපතිට අපි කියනව. අද මේ ප්‍රශ්නයට උත්තරයක් ඕන. මේ ප්‍රශ්ණය විසදන්නේ නැතිනම් අද දවසේදී අපි මෙතනින් ඉවත් වන්නේ නෑ.

ඔහු තව දුරටත් පැවසූයේ

‛මේ වෙනකොට මාසයක් තිස්සේ උපාධිධාරීන් කෙළඹ කොටුවේ. අවුවේ, වැස්සේ දූවිල්ලේ දුෂ්කරක්‍රියා කරමින් ඉන්න එක මේ රටේ ජනාධිපති දන්නේ නැද්ද. රටේ සී.අයි.ඩී එකත්, තොරතුරු අංශයත්, මුන් ඔක්කොම තප්පරෙන් තප්පරේ වාර්ථා කරනවා. අන්න එකෙක් ඉදගත්තා. අනිත් එකා නැගිටිටා. ඔය රිපෝට් එක ජනාධිපති මන්දිරයේ වදිනවා හැමදාම. එහෙම වදිද්දිත් දන්නේ නැති විදිහට ඉන්නවා. දැන් රජ්ජුරුවො බබා. රජුජුරුවෝ බබා නම් මේක බාබලන්තයක්. ඒක නිසා මේ ප්‍රශ්ණය නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ.’

කෙසේ වෙතත් වර්ෂාව මධ්‍යයේ උපාධිධාරීන් පිරිස සවස 4.30 ට ආසන්න කාලයක් ාලා්ටස් මංසන්දියේ රැඳි සිටියේ ය. සවස් වන විට නැවතත් උපාධිධාරීන් ආරක්ෂක බැමි වලින් ඇතුලු වීමට උත්සහ දරද්දී විශාල කඳුලු ගෑස් ප්‍රමාණයක් ද සමගින් ක්‍රියාත්මක වූ පොළිස් කැරලි මර්ධන ඒකකය ඔවුන් පන්නා දැමීමට ක්‍රියා කළේය. විසිර යන උද්ඝොෂකයින් පන්නා ගොස් ඔවුන්ට ප්‍රහාරයන් එල්ල කරමින් ඔවුන් අත් අඩංගුවට ගන්නා බවක් පෙනෙන්නට විය. බස් රථවලට ද ගොඩවු පොළිස් නිළධාරීන් උද්ඝෝෂකයින් සොයන්නට විය. කෙසේ වෙතත් කිහිප දෙනෙකුට තුවලා සිදුකරමින් සහ පොළිස් අත් අඩංගුවට පත් වීමෙන් උපාධිධාරීන්ගේ රැකියා ඉල්ලීමේ උද්ඝෝෂනය පොළිස් ප්‍රහාර‍ෙයන් අවසාන විය.

උද්ඝෝෂණයේ දී ඔවුන් භාවිත කළ සටන්පාඨ කිහිපයක්
දියව් දියව් – රැකියාවක් අපට දියව්
රැකියාවක් – අපට දියව්
කරව් කරව් – ඉෂ්ඨ කරව්
දුන් පොරොන්දු – ඉෂ්ඨ කරව්

මාසයක්ම – පිටකොටුවේ
උපවාසේ – අපි හිටියේ
රජ්ජුරුවෝ – මර නින්දේ
ඇහැරන්නයි – අද එන්නේ