Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

දේශපාලන ප‍්‍රභූවේ දේශපාලන හාස්‍ය

Mervin1 3333

අප රටේ බොහෝ දේශපාලනඥයන් හැසිරෙන්නේ රටේ ජනතාව මෝඩයින්ය යන පදනමේ සිට බව ඔවුන්ගේ කියුම් වලින් හා කෙරුම් වලින් හැඟී යති. දැන් දැන් ඒ සිතුවිල්ල ජාත්‍යන්තර ප‍්‍රජාව කෙරෙහි ද බලපා ඇති බව පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ කතාව පෙන්නුම් කරයි. මේ සඳහා ඉතා ආසන්න ලාංකීය උදාහරණය වන්නේ නැගෙනහිර වෙරළේහිදී අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේනගේ පුත‍්‍රයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුත‍්‍රයකු අතර සිදුවූ ගුටි බැට හුවමාරුවයි. එකී සිද්ධිය අරබයා මාධ්‍ය තුළින් හුවමාරු වූ අදහස් දෙස බැලූ කළ ඔවුන් තුළ ජනතාව පිළිබඳ පවතින ආකල්පය මොනවට පැහැදිලි වෙති. වරෙක මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ඇතුළු කණ්ඩායමක් හමුදා නිලධාරියකුට රාතී‍්‍ර සමාජ ශාලාවක දී පහර දුන්නේය. එකී කි‍්‍රයාව සහ එකී පුත‍්‍රයා මුදවා ගැනීමට මර්වින් සිල්වා අමාත්‍යවරයා බොහෝ දෑ සිදු කළේය. නීතිය අතට ගත්තා සේම අධිකරණ කි‍්‍රයාවලිය පුස්සක් කරමින් වින්දිතයාම දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දෙමින් කීවේ ඇමති පුතා තමාට පහර දුන්නේ නැති බවය. එසේම එලෙස පහර කෑමට ලක්වූ හමුදා මේජර්වරයාට පසුව විනය පරීක්‍ෂණයකට ද මුහුණ දීමට සිදු වූයේය. මෛතී‍්‍රපාල පුතණුවන්ගේ සිද්ධිය කරන කොට ගෙන අදාල නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනාගතයේදී කුමන ඉරණමකට මුහුණ දීමට සිදුවේද යන්න පුර්වේක්‍ෂනය කිරීමට තවමත් කල් වැඩිය. නමුත් මර්වින් සහ මෛතී‍්‍ර ඇමතිවරුන් දෙපළව තමන් නීතියේ භාරකාරයන් බව අමතක කොට පුතුන්ගේ පියවරුන් ලෙස එක ලෙස එක සමාගම කි‍්‍රයා කොට තිබේ. මෛතී‍්‍රපාල ඇමතිවරයා මර්වින් ඇමතිවරයාගේ පුතණුවන්ගේ කල්කි‍්‍රයාව පිළිබඳව වරෙක ප‍්‍රසිද්ධ වේදිකාවක දී පවසනු ලැබුවේ තමන්ගේ දරුවන් සිංහල බෞද්ධ ආචාර ධර්මයන් මත පිහිටා හදා වඩා ඇති බවයි. එසේම තමන්ගේ දරුවකු එවැනි වැරදි හැසිරීමක යෙදුනහොත් කනෙන් අල්ලා එකී වරද කියා දී ඔවුන් හරි මඟට ගැනීමේ හැකියාව පවතින බවය. නමුත් මෛතී‍්‍ර ඇමතිවරයාගේ පුතා ඇතුලූ කණ්ඩායම නැගෙනහිර වෙරළේ දී හැසිරී ඇත්තේ ඛේදජනක අන්දමටය. බීමතින් සිටි බව අපගේ අධිකරණ වෛද්‍ය නිළධාරියාගේ රාජකාරියේ සහ වෘත්තීය ගරුත්වයේ තරමට අපට ප‍්‍රතික්‍ෂේප කරන්නට සිදුවී තිබේ.

රටේ නීතියට අනුව ප‍්‍රසිද්ධ ස්ථානයක අමු නිරුවතින් සිටීම වරදක් වුවත්, ඇමති පුත‍්‍රයාගේ යහලූවෙකු නිරුවතින් සිටින කළ එකී ඡුායාරූපය ගෙන ඇත්තේ ඇමති පුත‍්‍රයාය. එකී නිරුවත් ඡායාරූපය තුළට, තුන්වන පාර්ශවයක බිරිඳක් ඈඳා ගැනීම නිසා, රණ්ඩුව ඇතිවී තිබේ. එකී කෝලාහලය නිසා එක් පුද්ගලයකුට බරපතල හානි සිදුවී තිබේ. ඇමති මෛතී‍්‍ර කියන ආකාරයට පැය ගණනක් පොලිස් බංකුව උඩ වාඩි වී සිට ඇමති පුත‍්‍රයාට පොලිස් ඇපයක් ලබා ගැනීමට හැකිවී තිබේ. මෙකී කි‍්‍රයාදාමය පිළිබඳව මාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා ඇත්තේ මේවා කොල්ලන්ගේ කොලූ වැඩ බවයි. ඒ අනුව හැෙඟන්නේ බීමතින් හෝ එසේ නොවී ගුටි බැට හුවමාරු කර ගැනීම කොලූ සංස්කෘතියේ ගුණාංගයක් බවයි. එය එසේ නම් එකී සංස්කෘතියේ වරප‍්‍රසාදය මෙරට ජීවත්වන සියලූම කොලූ ගැටයන්ට හිමි විය යුතුව තිබේ.

යුද සමයේ ති‍්‍රකුණාමල වෙරළේ සැදෑ සමය විඳිමින් සිටි අහිංසක තරුණ කණ්ඩායමට, තම කොලූ වයසේ වරප‍්‍රසාදය විඳින්නට ඉඩ ලැබුණේ නැත. ඒ අයට ඒ නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේය. දැන් එකී ප‍්‍රශ්නය ජිනීවා මානව හිමිකම් සමුළුවේ කේන්ද්‍රීය ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. රටේ කොලූ ගැටයන් රාතී‍්‍ර සංගීත සංදර්ශන වලදී බීමත්ව ගුටි ගසා ගැනීම අද සංස්කෘතියක්ව පත්ව තිබේ. නමුත් පොලීසිය ඔවුන් කිසිදා පොලිස් ඇප මත මුදා හැරි බවක් නම් අප අසා නැත. අඩුම වශයෙන් දින 14 ක රිමාන්ඞ් ගත කිරීමකට ඔවුන් ලක්ව තිබේ. එසේ නම් නීතියේ බලපෑම මෙලෙස අසමානව කි‍්‍රයාත්මක වන්නේ කෙසේ ද යන්න අප සමාජය තුළ සාකච්ඡා කළ යුතුව තිබේ. ඒ සඳහා ප‍්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට අද වනවිට නිර්මාණය වී ඇති දේශපාලන ප‍්‍රභූ පංතිය, තමනට එක නීතියක් ද සාමාන්‍ය ජනතාවට තවත් නීතියක් ද කි‍්‍රයාත්මක කරන ලෙස පොලීසිය ඇතුළු සමස්ත රාජ්‍ය හා අධිකරණ පද්ධතියට සිදු කරමින් සිටින බලපෑමයි. මේ සඳහා මෑතකදී ලබාදෙන තවත් කදිම උදාහරණයක් වන්නේ පෑලියගොඩ ප‍්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයකුගේ ඝාතනය අරබයා, අධිකරණය හමුවේ පවතින නඩුවයි. එකී නඩුවේ චූදිතයකු ලෙස නම් කොට තිබුණේ අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. ඔහු සමග තවත් කණ්ඩායමක් මෙකී ඝාතනය සඳහා අත් අඩංගුවට ගෙන තිබුණේය. පසුගියදා මෙකී නඩුව විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින්, කියා තිබුණේ මෙකී සම්බන්ධීකරණ ලේකම්වරයා, රජයේ සාක්‍ෂිකරුවකු ලෙස සලකා කි‍්‍රයා කරන බවයි. එසේ රජයේ සාක්‍ෂිකරුවකු ලෙස සැලකීමට පෙර ඔහු අධිකරණය හමුවේ පාපෝච්ඡාරණයක් කොට තිබු අතර, ඒ පිළිබඳව මිය ගිය අයගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප‍්‍රකාශ කර තිබුණේ එකී පාපොච්ඡාරණය තුළ ගත යුත්තක් නැති බවය. කෙසේ නමුත් චූදිත සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඉරණම දැන් විසඳී හමාරය.

මෙවැනි සිද්ධීන් දෙස බලා ජන වහර පවසන්නේ වැටත් නියරත් ගොයම කා නම් කාට කියමු ද ඒ අමාරුව යනුවෙනි. දැන් අප රටේ පංති දෙකක් පවතී. එකක් දේශපාලන ප‍්‍රභූත්වයයි. අනෙක සාමාන්‍ය ජනතාවයි. මෙකී පංති දෙකට නීති පද්ධති දෙකකි. අධිකරණ ආකල්ප දෙකකි. පොලිස් කි‍්‍රයාකාරකම් දෙකකි. රාජ්‍ය සේවා දෙකකි. නමුත් ඒ සියල්ලේම වියදම දරන්නේ ජනතාවගේ බදු මුදලෙනි. ප‍්‍රශ්නය වන්නේ මේ සියල්ල කිරීමට මෙකී දේශපාලනඥයන් හට හිරි ඔතප් පැවතීමයි. එකී හිරි ඔතප් ඔවුන් පවත්වා ගන්නේ සමාජය මෝඩයන්ය යන නිගමනයෙහි පිහිටාය. මහින්ද සමරසිංහ අමාත්‍යවරයා දැන් ජාත්‍යන්තර හරහා අගවිනිසුරුතුමිය ඉවත් කළේ නීතියට අනුව බවය. නමුත් රටේ ශ්‍රේෂ්ඨාධිකරණය කියා ඇත්තේ එය නීති විරෝධී බවය.

[@Image Credit: www.tbcuk.net | Hewa Koparage Mervyn Silva today rode a Motorcycle without a helmet. In Sri Lanka it is illegal to ride without wearing a helmet. Silva’s bike ride was about 4km around Kiribathgoda.]

Shiral lakthilakeශිරාල් ලකිතිලක | Shiral Lakthilaka