Colombo, Democracy, Features, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ ඇතමුන් දෙවන පන්තියේ පුරවැසියන් ද?

Tamil and Muslims[@Image Credit:federalidea.com]

දෙවන පන්තියේ පුරවැසියන් ලෙස අර්ථ දැක්වෙන්නේ, රාජ්‍යයක් තුළ වෙසෙන පුරවැසියන් අතරින් කොටසකට ක‍්‍රමානුකූල ලෙස, වක‍්‍ර ලෙස හෝ සෘජුව වෙනස්කම් වලට භාජනය කිරීමයි. වහල් සමාජය තුළ මෙකී ලක්‍ෂණය ප‍්‍රමුඛව දක්නට ලැබුනහ. එසේම දියුණු ලෝකයේ නිර්මාණය වී ඇතැයි හඟවනු ලැබුව ද 60 දශකයේ දී ඇමරිකානු කළු ජාතිකයන් ද, 80 දශකය වන තෙක්ම, සුදු ජාතිකයන් පාලනය කරනු ලැබු දකුණු අපි‍්‍රකාවේ ද, තවමත් ඊශ‍්‍රායලයේ වෙසෙන අරාබි සම්භවයක් සහිත පලස්තීනුවන්ට ද සලකනු ලබන්නේ දෙවන පංතියේ පුරවැසියන් ලෙසටය. වහල් යුගයේ දී එම සමාජයේ වහල් හිමියන් පුරවැසියන් ලෙස සැලකූ අතර වහලූන් සැලකූයේ ද්‍රව්‍ය ලෙසටය. වැඩවසම් සමාජයට පිවිසි මානව සමාජය තුළ, වැඩවසම් දාසයන්ට ද හිමි වූයේ මෙවැනිම ඉරණමකි. නමුත් ඔවුන්ගේ තත්ත්වය වහලූන්ට වඩා ප‍්‍රමාණාත්මක නිදහසක් හිමි වූයේය. නමුත් සමානාත්මතාවය අතින් ඔවුන් සිටියේ වහලූන් ලෙසටම ය. ඉඩම් හිමියා එම සමාජයේ පුරවැසියා වූයේය. වැඩවසම් යුගයෙන් පසු කාර්මික විප්ලවය හරහා ගොඩනැඟුන ධනේශ්වර සමාජය තුළට කාන්දු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය හේතු කොට ගෙන නිදහස් මිනිසකු යන සංකල්පය, ප‍්‍රංශ විප්ලවය හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් සමාජයේ ප‍්‍රධාන මුල් ගලක් ලෙස සලකන්නට යෙදින. අධිරාජ්‍යවාදීන් හරහා මෙකී නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය යටත් විජිත රාජ්‍යන්ට ද උරුම කර දුන්නේය.

ශී‍්‍ර ලංකාවේ මෙකී නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදි බව අපට උරුම කර දෙනු ලැබුයේ කොල්බෲක් – කැමරන් යෝජනා තුලිනි. ඉන්පසුව අපට ඩොනමෝර් කොමිෂම හරහා නිශ්චිත තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් හඳුන්වා දුන්නේය. ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදය සමග අප කොපමණ උරුණව සිටියා ද, ඇත්ත ඇති සැටියෙන් පවසන්නේ නම් අපගේ වැඩවසම් ගති ලක්‍ෂණ වන කුලවාදය මත පදනම් වූ ශ‍්‍රමය ලබාදීමේ ක‍්‍රමය හකුලා රට හා සමාජයේ නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරනු ලැබුයේ ඉහත කී දේශපාලන ප‍්‍රතිසංස්කරණ හරහා බව පිළිගත යුතු සත්‍යයකි. එතැන් සිට 1948 දී ලැබුන සීමිත නිදහසත්, 1972 දී ලැබුණ ජනරජයත්, 1978 දී එකතු කරනු ලැබු ව්‍යවස්ථාමය සංශෝධන හරහා මේ වනවිට අප ශිෂ්ඨ සමාජයක් යයි උදම් අනනු ලැබීමට හා එසේ උදම් ඇනීමට පුරුදු වී සිටිති. ඒ අන් කිසිවක් නිසා නොව අප පුරවැසි සමාජයක් බවට පරිවර්තනය වී ඇති නිසාය. එකී පුරවැසි සමාජය තුළ පැවති දුක් ගැනවිලි දෙකක් වූයේය. එකක් අධිරාජ්‍යවාදයේ කි‍්‍රයාත්මක වීම හේතුවෙන්, ෙඓතිහාසිකව මෙරට බහුතර ජනතාව වන සිංහල බෞද්ධ ජනතාවට අගතියක් වී ඇති බවය. ඒ අනුව එකී ෙඓතිහාසික අගතිය තුරන් කිරීම සඳහා සිංහල බෞද්ධ ජනතාව බලසතු කළ යුතු බවය.

දෙවැන්න වූයේ එසේ බලසතු කිරීමට කි‍්‍රයා කිරීමේ දී, මෙරට සංඛ්‍යාත්මක සුලූතරය වන දෙමළ, මුස්ලිම් ජනතාවට දේශපාලනික අගතියක් සිදුවන බවය. මෙකී තර්ක දෙකෙහි පළමු පිපිරීම ඩොනමෝර් කොමිෂම පැවති සමයේ සිංහල හා දෙමළ දේශපාලනික ප‍්‍රභූන් අතර, වාර්ගික හා(Communal) දේශභූමික(Territorial) නියෝජනය (representation) හරහා මතු වූයේය. එය අවසාන වූයේ සිංහල බහුතරයට වාසි ගෙන දෙමිනි. ඉන් අනතුරුව මෙකී ගැටුම නැවත ඉස්මතු වූයේ ශී‍්‍රමත් ඞී.බී. ජයතිලකයන් 1936 දී තනි සිංහල කැබිනට්ටුවක්(Pan Sinhala Cabinet) ගොඩ නැඟීම තුළය. ඊට ප‍්‍රතිචාරයක් වශයෙන් සියලූ සංඛ්‍යාත්මක සුලූතරයන් (numerical minorities) ගම්පල, සහිරා විද්‍යාලයට එකතු වී තමන්ට අත් විඳින්නට සිදුවී ඇති සුලූතරයේ දේශපාලන අගතිය පිළිබඳ තම හඬ ඉස්මතු කරන ලදි. ඉන්පසුව ජී.ජී. පොන්නම්බලම් අල්ලා ගත් 50 – 50 යෝජනා ගම්පල සමුලූවේ අදහස් උඩින් අල්ලා ගෙන ප‍්‍රකාශයට පත් කිරීමක් වූයේය. එතැන් සිට අද දක්වාම වන ජාතියේ හා සංඛ්‍යාත්මකව සුලූතරයේ සමාජීය හා දේශපාලනික දුක් ගැනවිලි, රාජ්‍යයන් විසින් හරයාත්මකව හා ගුණාත්මකව නොවිසඳීම තුළ ජාතීන් අතර ගැටුම් බවට පත්වී, රටට ඉමහත්වූ ව්‍යසනයන් ගෙන ඒමට සමත්ව තිබේ. උතුරේ යුද්ධය මේ සඳහා වන කදිම උදාහරණයක් වේ.

එසේම මේ වනවිට මෝදු වෙමින් පවතින සිංහල – මුස්ලිම් ඝර්ෂනය ද මෙයට කදිම උදාහරණයකි. බහුතරයක් වූ සිංහල බෞද්ධයන් සවිබල ගැන්වීම සිදු කළ යුත්තේ සංඛ්‍යාත්මක සුලූ ජාතීන්ගේ සමාජීය හා දේශපාලනික අයිතිවාසිකම් වලට තිරිංග දැමීමෙන් නොවේ. අපට මෙසේ කියන්නට සිදුවී තිබෙන ආසන්නතම සමාජ සිදුවීම් දෙක වන්නේ, මෑතකදී තම අතුරුදහන් වූ දරුවන් වෙනුවෙන් කොළඹ පැවති උද්ඝෝෂණයකට සහභාගී වූ දෙමළ දෙමව්පියන් කණ්ඩායමක්, රජයේ හමුදා මැදිහත් වීමෙන් නැවත හරවා යැවීමේ සිද්ධිය හා හලාල් සහතිකය අරබයා සිංහල බෞද්ධ සමාජය හා මුස්ලිම් සමාජය අතර ඇතිවී තිබෙන අසහනකාරී තත්ත්වයයි. ශී‍්‍ර ලංකාව නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරවැසි සමාජයක් වන්නේ නම්, සිංහල බෞද්ධයන් හා සංඛ්‍යාත්මක සුලූ ජාතිකයන් අතර කි‍්‍රයාවෙන් මෙන්ම සිතීමෙන් ද වෙනසක් තිබිය නොහැක.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ III පරිච්ෙඡ්දය තුළ පිළිගත් මූලික අයිතිවාසිකම් මගින් ඒ බව පිළිගෙන තිබේ. නමුත් ඒවා කි‍්‍රයාවට නැගීමේ දී, අපට දැන් දැන් වෙනසක් පෙනෙන්ට තිබේ. ලංකාවේ මාධ්‍ය මගින් වාර්තා කරන අන්දමට, රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම, සැමදා කුමන හෝ විරෝතාවයක් හට ගනී. ඒවා විනාශකාරී නොවේ නම්, සාමකාමීව එකී විරෝධතාවල නියලීමට පොලීසිය බාධා කරන්නේ නැත. නමුත් වවුනියාවේ දෙමළ දෙමව්පියන්ට තම ඥාතියාගේ අතුරුදහන් වීම පිළිබඳව, උද්ඝෝෂණයට හමුදාව මැදිහත් වන්නේ නම් එතැන පවතින්නේ වෙනත් කතාවකි. ඒ අන් කිසිවක් නොව ඔවුන් දෙවන පංතියේ පුරවැසියන් බවය. එසේම හලාල් සහතිකය නිකුත් කිරීමේ කාර්ය පටිපාටිය පිළිබඳව ප‍්‍රතිපත්තිමය ගැටලූවක් ඇතමුන්ට තිබිය හැකි නමුත් මුස්ලිම් ජාතිකයන්ට තමන්ගේ ආහාර මිලදී ගැනීමේ දී එකී ආහාරය තෝරා ගැනීමේ අයිතිය ලබා දීමෙන් සිංහල බෞද්ධ සමාජයට අගතියක් වන්නේ නැත. නමුත් අප එකී අයිතිය මුස්ලිම්වරුන්ට ලබා නොදෙන්නේ නම් අප කියා සිටින්නේ ඔවුන් ජීවත් විය යුත්තේ රටේ දෙවන පංතියක් ලෙස බවය. මෙය ස්ථාවර ශී‍්‍ර ලංකාවක පැවැත්මකට හිතකර තත්ත්වයක් නොවේ. වහ වහා ඊට පිළියමක් අප සපයා ගත යුතුව තිබේ.

Shiral lakthilakeශිරාල් ලක්තිලක | Shiral Lakthilaka