සිංහල, Democracy, Human Rights, Human Security, Jaffna, Media

යාපනයේ පුවත් පත් තුනකට යළිත් තර්ජන.

යාපනයේ පලවන උදයන්, වාලම්පුරි සහ තිනකුරල් පුවත් පත් කාර්යාලවලට ඊයේ(25) නාදුනන කණ්ඩායමක් විසින් ‛ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙස’ තර්ජනය කර ලිපියක් බෙදා ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ කළහොත් ඉතාම බරපතල තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද එම කණ්ඩායම වැඩිදුරටත් පවසා ඇත. මෙම තර්ජණාත්මක ලිපි එවා ඇත්තේ දෙමළ ජානතාව ආරක්ෂා කිරිම සඳහාවන සන්විධානය විසින් ය.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම උතුරේ විශාල මාධ්‍යවේදීන් පිරිසක් මරා දමා දිගින් දිගටම පුවත්පත් කාර්යාලවලට ප්‍රහාර එල්ල වූ බව වාර්තා විය. රජය විසින් උතුරේ සහ නැගෙණහිර සියලු සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් අවසන් කළා යැයි පවසන මෙවන් මොහොතක යාපනය වැනි රජයේ ආරක්ෂක රුකවල් සහ පාලනයක් ඇති නගරයක මෙසේ තර්ජණාත්මක ලිපි බෙදා හැරීම සිදුවන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්ණ කර සිටී.

විශේෂයෙන් ජනාධිපතිවරණයක් පවත්වන්නට නියමිත මේ මොහොතේ යාපනයේ පුවත්පත්වලට තර්ජනයක් එල්ලවීම, ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගෙවන උතුරේ වැසියන්ට තොරතුරු දැනගැනීමට ඇති අයිතියට සහ මාධ්‍ය නිදහසට එල්ලකළ තර්ජනයක් බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවස යි.