Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Media

ලිංගික බලහත්කාරකට ලක් වූ හෙදියකගේ ඇඳුම | ‘මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද’ මහේස්ත්‍රාත් විමසයි

images

ගෑනු කොටට අදින්නේ කොල්ලන්ට බලාපියව් කියලා – රත්නපුර මහේස්ත්‍රාත්රත්නපුර මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර අපුරැ නියෝගයක් දී තිබේ. එනම් ලිගංක බලහත්කාරයකට ලක් වූ හෙදියකගේ ඇඳ සිටි ඇඳුම ගැන පරික්ෂණයක් කරන ලෙසයි. ඔහු මෙසේ කී බව දිවයින පුවත්පත වාර්තා කරයි‘‘ඒ අවස්‌ථාවේ සඳහනක්‌ කළ මහෙස්‌ත්‍රාත්වරයා කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද කියා පොලිසියෙන් ඇසීය.‘‘

ඔහු මෙසේ ප්‍රකාශ කළේ රත්නපුර රෝහලේ රාත්‍රි සේවයට යමින් සිටි හෙද නිලධාරිනියකගේ කලව ප්‍රදේශය අතින් ස්‌පර්ශ කළ බව කියන පුද්ගලයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් පැවැති අපරාධ පරීක්ෂණයක දී ය. ඔහු මෙළෙස ඇඳුම පරීක්ෂා කරන ලෙස නියෝග කළේ 34 හැවිරිදි හෙදියකගේ ය.

දිවයින පුවත්පත වාර්තා කරන අන්දමට සිද්ධිය මෙසේ ය:

ඇහැලියගොඩ පදිංචි රත්නපුර රෝහලේ සේවය කරන 34 හැවිරිදි විවාහක හෙදියක රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක වසන්ත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

හෙදියගේ පැමිණිල්ලේ සඳහන් වන අන්දමට ඇය ඉකුත් 2 දා රාත්‍රි සේවයට යමින් සිටියදී සවස 7.10 ට පමණ රෝහල හන්දියේ සිට රෝහල දෙසට පා ගමනින් ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ අතරමග තරුණයන් කිහිප දෙනකු පාරේ සිට ඇති අතර, එක්‌ අයකු ඇයගේ කලවය මිරිකා තිබේ.

හෙදිය එය නොතකා ඉදිරියට යද්දී ඇය පසුපසින් ත්‍රිරෝද රථයක්‌ පැමිණ ඇති අතර, එම ත්‍රිරෝද රිය තුළ ඇයට ලිංගික අතවර කළ පුද්ගලයාද සිට ඇත. ඇය අසලින් ත්‍රිරෝද රිය හරවා ගෙන ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ ඇය ත්‍රිරෝද රථයේ අංකය සටහන් කරගෙන තිබේ. ලිංගික අතවරය කළ පුද්ගලයා හෝ සෙසු පුද්ගලයන් නොහඳුනන නමුත් නැවත දුටුවහොත් හඳුනාගත හැකි බව ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත.

රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් සේනානායක මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවද, එසේ වුවහොත් කාන්තාවකට බියකින් තොරව පාරේ ගමන් කිරීමට පවා අවස්‌ථාවක්‌ නොලැබෙන බවද කීවේය.

ඒ අවස්‌ථාවේ සඳහනක්‌ කළ මහෙස්‌ත්‍රාත්වරයා කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද කියා පොලිසියෙන් ඇසීය.

divaina

මේ අරුම පුදුම නියෝගය දී තිබෙන මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර ලිංගික බලහත්කාරයන්ට ලක්වන ළදැරියන්ගේ සහ මව්වරැන්ගේ කුමක් පරීක්ෂා කරන්නට කියනු ඇත්දැයි වමසා බලන්නට වටී. ස්ත්‍රීන්ට එරෙහි ලිංගික බලහත්කාරය ඇති වනනේ ඇඳුම් හෝ හැසිරීම නිසා නොව ස්ත්‍රීන් ලිංගික භාණ්ඩ ලෙස සැළකෙන පුරුෂාධිපත්‍යවාදී සමාජ වටපිටාව නිසා බව මුළු ලොවම පිළිගෙන තිබිය දී ශ්‍රී ලංකාවේ නඩුකාරයන් කියන මේ ගොන් කතා වලට පිළිතුරැ දිය යුත්තේ උම්බෑ කීමෙන් පමනි.

උපුටා ගැනීම – යුක්තිය