Colombo, Democracy, Features, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

‘ඉගිල්ලෙන මාළු‍වෝ’ ITN සහ ගාමිණී වියන්ගොඩ

නිර්මාණකරුවකුට ඔහු‍ගේ/ඇ‍ගේ නිර්මාණ එළිදක්විම පිළිබඳ බරපතල ගැටලුවක් ‍මේ වන විට පැන නැගි ඇත. එපමණක් ‍නොව නිර්මාණයක් පාදක ‍‍කොට ගනිමින් අදාළ නිර්මාණයට කිසි‍සේත් සම්බන්ධයක් නැති, පවතින ආණ්ඩු‍වේ ක්‍රියාදාමයන්ගේ දුබලතා ‍මෙන්ම පාලකයන්‍ ගේ අදූරදර්ශී ක්‍රියාවන් වි‍වේචනය කරන කලාකරුවන් යටත් කර ගැනිමට ‍හෝ මර්දනය කිරීමට රජය නිර්ලජ්ජිත ‍ලෙස ක්‍රියා කරමින් සිටී. ඒ සඳහා ආසන්නත ම උදාහරණය නම්, පසුගිය 11 වන දින සිට 13 වන දින දක්වා ‍කොළඹ බණ්ඩාරනයක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා‍වේ පැවැත්විමට කටයුතු සුදානම් කර තිබු ප්‍රන්ස සිනමා උ‍ළෙල බලධාරීන්‍ ගේ අත්ත‍නෝමතික තිරණයක් ‍හේතු‍වෙන් 12 වන දින තහනමට ලක් කිරිමය. ඒ සදහා ‍හේතුපාදක වි ඇත්‍තේ සංජිව පුෂ්පකුමාර‍ගේ, ඉගි‍ලෙන මාළු‍වෝ චිත්‍රපටය යි. ආණ්ඩුවේ බලධාරීන්ට අනුව එය අධික ලිංගික දර්ශනයන්‍ ගෙන් ‍හෙබි, එල්. ටී. ටී. ඊ සංවිධානයට සහ‍යෝගය දක්වන, හමුදා ‍සෙබළුන් (සමාවන්න රණවිරුවන්) අපහාසයට ලක්කරන නිර්මාණයකි. එ‍හෙයින් සමස්ථ ප්‍රංශ සිනමා උ‍ළෙල ම තහනම් කරන්නට ‍මෙරට බලධාරින් ක්‍රියා ක‍ළේ ය. මෙහි උත්ප්‍රාසාත්මක සහ භයානක තත්ත්වය වන්‍නේ 12 වන දින රාත්‍රී අයි. ටී. එන්. නාලිකා‍වේ විකාශනය වු ප්‍රවෘතිය යි.

අයි. ටී. එන්. නාලිකා‍ව ‍මෙම පුවත මුල්‍කොට ගෙන විනාඩි හතක පමණ සවිස්තර වාර්තාවක් සැපයි ය. එහි දි එම නාලිකාව පවසා සිසටි‍යේ ඉගිල්ලෙන මාළු‍වෝ සිනමා නිරිමාණය රාජ්‍යය අපහසුතාවට පත්කරන සහ එල්. ටී. ටී. ඊ සංවිධානයට සහ‍යෝගය දක්වන, හමුදා ‍සෙබළුන් (සමාවන්න රණවිරුවන්) අපහාසයට ලක්කරන නිර්මාණයක් බව සහ ‍මේ කුමන්ත්‍රණය පිටුපස ‍මෙරට කෘතහස්ත ‍ලේඛකයකු වන ගාමිණි වියන්ගොඩ මහතා සිටින බවයි. යම් කලා නිර්මාණයක් වාරණයට ලක්කිරිම ‍හෝ අනුමැතිය ලබා දීම කරනු ලබන්‍නේ රැඟුම් පාලක මණ්ඩලය මගිනි. එහි සභාපත් ගාමිණී සුමණ‍සේකර මහතා පවසා සිටි‍යේ අදාළ උ‍ළෙ‍ලේ දි පමණක් ප්‍රදර්ශනය කිරිම සදහා අවසර ලබා දුන් බවයි. එ‍හෙත් ‍මේ සදහා ප්‍රවිණ පරිවර්තක, ජනමාධ්‍යය‍වේදි සහ සමාජ ක්‍රියාකාරිකයකු වන ගාමිණී වියන්ගොඩ මහතා ඈඳා ගත්‍තේ මන්ද යන්නට ඔහු සතුව පිළිතුරු ‍නොමැත. ‍කෙ‍සේ ‍වෙතත් ‍මේ වන විට ජිවිත තර්ජනයකට මුහුණ දිමට සිදුව ඇත් තේ සිනමා නිර්මාණයට කිසි‍සේත් දායක ‍නොවූ, අවම වශ‍යෙන් සිනමා නිර්මාණය නැරඹීමට ‍හෝ අවස්ථාවක් ‍නොලද ‍වෙනත් පාර්ශවයකට ය.

ගාමිණී වියන්ගොඩ මහතා‍ගේ නිර්දෝශී භාවය ප්‍රකාශ කිරිම සහ ‍මෙම කරුණ පිළිබඳ මාධ්‍යය දැනවත් කිරී‍මේ මාධ්‍යය හමුවක් ඊයේ(17) දින සවස ‍කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

Image Credit: Srilankamirror.com
Image Credit: Srilankamirror.com

එහි දී ප්‍රථම‍යෙන් අදහස් දැක්වු‍ ‍කොළඹ විශ්වවිද්‍යල‍යේ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් ‍දේවසිරි මහතා:

ඇත්තට ම ‍මේ ‍වෙනු‍වෙන් ප්‍රකාශ කරන්න තරම් අදහසක් නැහැ. ‍මොක ද ඒ ප්‍රවෘත්තිය ඇහුවම වැට‍හෙනවා ‍මොකක් ද ‍මෙහි අරමුණ කියල. අද අපි මේ අයහපත් කිය කියන ‍දේ කාටවත් ඇහැට ඇඟිල්‍ලෙන් ඇනල ‍පෙන්නන්න අවශ්‍ය නැ. ‍මේක දහවල ‍සේ පැහැදිලි යි. මට නම් හි‍තෙන්‍නේ අපි ‍මේව ‍හෙලා දකින්න පවා අවශ්‍ය නැ කියල. ‍මොකද එහෙම කිරිමත් ‍මෙවැනි වැඩ සදහා වැඩි වටිනාකමක් දුන්න ව‍ගේ ‍වෙනවා. මට නම් ප්‍රශ්ණය තියෙන්නේ අයි. ටී. එන්. හරි ‍මේක තහනම් කරපු අය පිළිබඳ ‍හරි නො‍වෙයි. සමාජ හෘද සාක්ෂිය නි‍යෝජනය කරන පිරිස ‍මේව බලාගෙන නිහඬ ව ඉන්‍‍‍‍‍‍‍නෙ ඇයි කියන ප්‍රශ්නය ‍පොදු‍‍වෙ අහන්න සිද්ධ ‍වෙනව. ‍මෙහිදු අපි අ‍පෙන් ම ඇසිය යුතු ප්‍රශ්නයක් ති‍බෙනවා. ඒ තමයි අපි තව දුරටත් මේව ඉවසනව ද කියල. ඒ අය හිතන් ඉන්‍නවා අපි ඒ අයට උචිත අය කියල. ඒක එ‍හෙම ‍නෙ‍වෙයි කියල කියන්න නම් ක්‍රියාත්මක විය යුත්‍ තේ අපිම යි. ම‍ගේ අදහස නම් අයි. ටී. එන්. කියන්‍නො අ‍පේම නිර්ලජ්ජිත භාව‍යේ ප්‍රකාශයක්.

කොළඹ විශ්වවිද්‍යාලයේ ‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය; මහාචාර්ය සරත් වි‍ජේසූරිය මහතා අදහස් දක්වමින්:

මේ ප්‍රවෘතිය සම්බන්ධ‍යෙන් මහා විශාල අත්දැකීමක් නෑ. මට කියන්න ති‍යෙන්නේ එක කාරණාව යි. කාලාන්තරයක් තිස්සෙ ඉඳල රජ‍යේ යම් යම් කටුතු වි‍වේචනය කරනව නම්; ‍වෙනත් දේශපාලන මතයක් දරනව නම්; රාජ්‍ය නායකය‍ගෙ ප්‍රතිපත්තිවල සාවද්‍යතාව පිළිබඳ වි‍වේචනය කරනව නම් ඒ පුද්ගලයන් මර්දනය කිරීම, නිහඬ කිරිම රජයට අවශ්‍ය වෙලා ති‍බෙනවා. අද අපි පැහැදිලිව ම දන්නව. මුද්‍රිත මාධ්‍යය එක පැත්තකට නැඹුරු ‍වෙලා ති‍යෙනව. විද්‍යුත් මාධ්‍යයත් අඩු වැඩි වශ‍යෙන් එක පැත්තකට නැඹුරු ‍වෙලා ති‍යෙනව. ‍මේව ‍මේ විදියට පාලනය කරන යථාර්ථයක් තුළ මත පළ කරන්නට, තමන් දරන ‍දේශපාලන අදහස් පළ කරන්නට අ‍පේ මාධ්‍යය සංස්කෘතිය තුළ ඉඩක් නැති‍වෙලා ති‍යෙනව. යම් කිසි තැනක යම් කිසි පුද්ගලයෙක් මත පළ කරනවනම් ඒ පුද්ගලය මර්දනය කිරීම ‍හෝ හීලෑ කර ගැනීම අණ්ඩු‍වේ ප්‍රතිපත්තිය බවට පත්‍ වෙලා ති‍බෙනවා. මට හි‍තෙන්‍ නේ පහුගිය කාලය තුළ ගාමිණී වියන්‍ගොඩ තමන් දරන ‍දේශපාලන මතවාද ප්‍රකාශ කිරීම, ඒවා සම්බන්ධ‍යෙන් යම් යම් සංවාද ඇතිවීම ආණ්ඩුවට දැනිල ති‍බෙනව. ඒ නිසා දැන් ‍මේ මතිවරණයකුත් එළ‍ඹෙන අවකාශය තුළ එ‍හෙම මතවාද දරන පුද්ගලයන් ව නිහඬ කිරිමට, යම් ආකාරයකින් එබදු පුද්ගලයන් ලබාගත් කීර්තියත්, ප්‍රතිරූපයත් විනාශ කිරිමට තමයි ‍මේ විදි‍හේ ප්‍රවෘත්ති නිර්මාණය කරන් නේ. මම කල්පනා කරන්‍ නේ මේව‍ගේ තත්ත්වයන් තව දුරටත් ඉදිරියට වර්ධනය වන්නට පුළුවන්. අභාග්‍යය තමයි ‍මේ සාවද්‍යය ප්‍රවෘත්ති නි‍ශේදනය කිරිමට හැකියාවක් නැතිකම. අපි දන්නව රාජ්‍යය මාධ්‍යය තමයි ලංකාවට ම ‍පෙ‍නෙන්‍නෙ. ‍මේවා ප්‍රවාත්ති ‍නෙ‍වෙයි. ‍මේ ගේ විස්තර වාර්තා ඉදිරිපත් කළාට පස්‍සො එය සාවද්‍යයයි කියල ‍මෙවැනි සාකච්ඡාවකින් දැනුවත් කරන්න උත්සාහ කළාට රජය විසින් ‍ගොඩනගපු සාවද්‍යය මතය නි‍ශේධනය කරන්නට අමාරැ ‍වෙලා ති‍බෙනවා. ‍මෙය පුද්ගලයකු‍ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. තමන් දරන මතය පළ කිරීමට, නිදහස් අදහස් පළ කිරිමට ඉඩ ‍නො‍දීමක් තමයි ‍මෙතන ති‍බෙන්‍ නෙ. ‍මෙය නිර්මාණය කරපු පුවතක් බව පැහැදිලි ‍වෙනවා. ‍මේ නිර්මාණය කරපු පුවත්වලින් පුද්ගලයකු‍ගේ ප්‍රතිරුපයට හානි කිරිම අපි ‍හෙළා දැකිය යුතුයි. ‍මේක අද වියන්‍ ගොඩට ‍වෙන‍කොට ‍හෙට ඔබට, මට ‍හෝ ‍වෙනත් ‍කෙ‍නෙකුට ‍වෙන්න පුළුවන්. අද වන විට රාජ්‍යය පාලන ක්‍රමය තුළ ක්‍රම දෙකක් පැහැදිලි ව දකින්න ලැ‍බෙනවා. එකක් හීලැ කර ගැනීම. අ‍නෙක මර්දනය කිරීම. හීලෑ කර ගන්න බරි උන පුද්ගලයා මර්දනය කරන්නට ප්‍රයත්න දරනව. ඒ ක්‍රියාදාම‍යේ ම එක අංශයක් විදියට තමයි මම ‍මෙය දකින්‍නෙ.

ප්‍රවිණ නාට්‍යවේදි පරාක්‍රම නිරිඇල්ල මහතා හදිසි කටයුත්තක් ‍හේතු‍වෙන් ‍‍නොපැමිණිය ද ඔහු‍ගේ අදහස් දක්වා ලිඛිත ප්‍රකාශයක් එවා තිබිණ. සාකච්ඡාව ‍මෙ‍හෙය වු කුසල් ‍පෙ‍රේරා මහතා විසින් එය කියවන ලදී. මේ එම ප්‍රකාශය යි.

මෙරට පමණක් ‍නොව, ජාත්‍යන්තර වශ‍යෙන් පිළිගැනිමට ලක් වු සාහිත්‍යයකරැ‍වෙක්, ජනමාද්‍යය‍වේදි‍යෙක් සහ හැම විට ම යුක්තිය සහ සාධාරණත්වය ‍වෙනු‍වෙන් ‍පෙනි සිටින සහ ස්වාධීන ව තම මත ප්‍රකාශ කරන විද්ව‍තෙක් වන ගාමිණී වියන්ගොඩ මහතාට එ‍රෙහි ව ශ්‍රී ලංකා‍වේ රාජ්‍යය මාධ්‍යය ‍සේවාවක් වන ස්වාධීන රුපවාහිනි ‍සේවාව කළ අසත්‍යය ප්‍රකාශ පිළිබඳ ව මා‍ගේ අප්‍රසාදයත්, බලවත් වි‍රෝධයත් ‍මෙයින් පළ කරමි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර අණුස්මරණ සම්න්ත්‍රණ ශලා පරිශ්‍රයේ පැවත් වූ ප්‍රංශ චිත්‍රපට උ‍ළෙ‍ලේ තිරගත කළ චිත්‍රපටයක් නිසා සමස්ථ උත්සවය ම බල පුළුවන්කාරකම මත නැවැත්වීම ද විමතිය දැන වූ කාරණයක් විය. මිට ‍පෙර විදේශ දූත මණ්ඩල මගින් ආරාධිතයන් ‍වෙනු‍වෙන් සංවිධානය කළ චිත්‍රපට උ‍ළෙලවල් කිසිවක් ‍මේ ආකාරයට බලය ‍යොදවා නවත්වා නැත. එබැවින් එම සිදු වීම ජාත්‍යන්තර වශ‍යෙන් ද අ‍පේ රටට අපකීර්තියක් ‍ගෙන ‍දෙන සිදුවිමකි.

මිට ප්‍රථම‍යෙන් සඳහන් කළ ගාමිණී වියන්ගොඩ මහතාට එ‍රෙහි ව සිදුවිම ස්වාධීන ව අදහස් පළ කිරී‍මේ සහ සැබැවින් ‍පෙ‍නෙන අසාධාරණයන් ‍වෙනු‍වෙන් ‍පෙනි සිටි‍මේ පුරවැසි අයිතියට නිගරැ කිරිමක් වන අතර ජනමාද්‍යයකරැවා ‍වෙත අද එල්ල‍වෙමින් පවතින මර්දනය සහ තර්ජනය ‍පෙන්නුම් ‍කෙරෙන තවත් එක් නිදර්ශනයකි.

අද ගාමිණී වියන්ගොඩ මහතාට එල්ල වන ‍මෙම තර්ජනය ‍හෙට ‍මෙවන් අයට සහ ඉන් පසුව අපට ද එල්ලවිය හකි අනතුර පෙ‍නෙන ‍තෙක් මානයට එළඹ ති‍බේ. දෙවනියට සඳහන් කළ ප්‍රංශ සිනමා උ‍ළෙල නැවැත්විම ‍මෙර‍ටේ නිර්මාණකරුවන්ටත් එම කලාකරුවන්ටත් එල්ල වි ඇති රාජ්‍යය මර්දනය හා තර්ජනය පෙන්නුම් කරන්නකි. යථානුරූපීව නිර්මාණකරණ‍යේ යෙ‍දෙන්නන්ට පමණක් ‍නොව ‍මේ ‍කො‍දෙව්‍වෙන් එපිට ලොක‍යේ නිර්මාණශීලි ප්‍රවණතාවන් වර්ධනය වන නව ක්‍රම‍වේදයන් දකින්නට ‍මෙරට කලාකරුවන්ට සහ රසිකයන්ට තිබු අවස්ථාවක් අ‍හෝසි කිරිමකි. ‍

මෙවැනි අති අසාධාරණ ‍දෙවල් පෙන්වා දිම සහ එ‍රෙහි විම ‍මේ ර‍ටේ පුරවැසියන් වන අප‍ගේ ස්වාධීන අයිතියකි.

පරාක්‍රම නිරිඇල්ල

රාවය පුවත්ප‍තේ ප්‍රධාන උප‍දේශක වික්ටර් අයිවන් මහතා:

යුද්ධය ඉවරයි. රට සාමාන්‍යය තත්ත්වයට එන්න ඕන කා‍‍ලෙ පැනල. මට ‍තේ‍රෙන්‍ නැ ‍මොනවද ‍මේ රටේ ‍වෙන්‍‍නෙ ‍කියල. අදහස් ප්‍රකාශ කිරී‍මේ නිදහස මර්දනය කිරි‍මෙන් ‍‍වෙන්නේ නිවටයින් ගේ සහ බියසුල්ලන් ගේ සමාජයක් ඇතිවිම. අපට අවශ්‍යය නැහැ නිවටයන් සහ බියසුල්ලන් සහිත ශ්‍රී ලංකාවක්. මේ ර‍ටේ මිනිස්සුන්ට හෘද සාක්ෂියට එකගව තමන් කැමති ඕන ම මතයක් දැරි‍ම, ජනාධිපති ‍‍‍නෙ‍වෙයි ඕන ම නායක‍යෙක් වි‍වේචනය කරන්න, සාකච්ඡාවට ලක් කරන්න ‍මේ ර‍ටේ මහජනතාවට අයිතිය තියනව. ඒ අයිතියට නරක විදියට ‍හොට දැමිම වැරදියි. ඒ ව‍ගේ ම මහජනයා එය අනුමත ‍නොකළ යුතුයි. මහජනයා එය ‍හෙලා දැකිය යුතුයි. ‍මේ ව‍ගේ ‍දේවල් වර්ධනය වු‍නොත් අ‍පේ සමාජය ඉතාමත් අශීලාචාර තැනකින් තමයි නවතින්‍ නෙ. මට නම් ‍තේරුම් ගන්න බැහැ. කිසිම පාලක‍යෙක්. ‍මේ ව‍ගේ ‍දේවල්වලට අත ගහන්‍නෙ නැ. ‍මොනවද ‍මේ කරන්‍නෙ? ‍මේ රට පිස්සන් ‍කොටුවක් ද? ඇයි මෙ‍හෙම ‍දේවල් ‍වෙන්‍ නේ? ඇයි ‍මේ විදියට ජනමාධ්‍යය පාවිච්චි කරන්‍ නේ? තමන්ගේ විරුද්ධවාදින්ට හෝ විචාරකයන්ට පහර ‍දෙන්‍ නෙ? ‍මේක ඇත්තට ම අ‍ශෝභනයි; අවලස්සනයි. සාදාරණ ව හිතන පතන හැම ‍කෙ‍නෙක් ම ‍මේ ව‍ගේ ‍දේවල් ‍හෙළා දැකිය යුතුයි.

ප්‍රවීණ නාට්‍ය වේදී සහ සිනමා‍වේදි ධර්මසිරි බණ්ඩාරනායක මහතා:

කොටි හිතවාදි කතාව බරපතල ‍‍ලෙස අත්විදල, ඒක පච්ච ‍කොටපු පුද්ගල‍යෙක් මම. යුද සම‍යේ සිට ම මට ‍කොටි‍යෙක් කියන නම පටබැඳල ති‍බෙනවා. එය තවමත් නැවති නැ. එවැනි තත්ත්වක් තුළ අප ඉදිරි‍යේ ප්‍රර්ශනය ‍වෙන ‍දේ දකින විට මට හිතුණා ‍මේ ‍මො‍හො‍තේ ජාත්‍යන්තර තල‍යේ සිදුවිම් පෙළක් ‍පෙළගැස්සවිමට. මෙය ගාමිණී වියන්ගොඩට පමණක්, සංජිව පුෂ්පකුමාරට පමණක් සිමා වන ‍දෙයක් ‍නො‍වෙයි. මුළු ජත්‍යන්තර තල‍යේ ම කලාකරුවන්ට ‍මේ නිහින ප්‍රහාර එල්ල වනවා.

අපට යම් ප්‍රහාරයක් එල්ල ක‍ළොත් ලැජ්ජාවක් ඇති ‍වෙනවා. ඒ ලැජ්ජාව ‍කොපමණ ද කියනව නම් අපිට ‍චෙක්පතක් අර‍ගෙන බැංකුවකට යන්න බැරි තත්ත්වයක් තිබුණා. එතන බැංකු නිලධාරින් පවා කතා‍වෙනවා ඔය ඇවිල්ල ඉන්‍ නේ කොටි‍‍යෙක් කියල. එ‍හෙමත් නැත්නම් එන් ජි ඕ කාර‍යෙක්. නමුත් අපි දන්නව ඒ ඒ ජනවර්ගයන් අතර, ඒ ඒ ජන ‍කොට්ඨාශයන් අතර සබඳතාව වැඩි දියුනු කරන්න අපි ‍මොන විදියට ද වැඩ ක‍ළේ කියල. අ‍පේ හාද සාක්ෂිය දන්නව.

එක්සත් ජනපදය ස්නෝඩ්න් ව අඩංගුවට ගන්න උප‍දෙස් ‍දෙද්දි ඔහු ව ‍සොයා යද්දි ඒ සොයා යාම තුළ ඔහු මේ ‍‍වෙලා‍‍වෙ මොස්කව්වල සිර වි සිටිනවා. මම දන්න විදියට ඔහු කර ඇති අපරාධය ‍ගෝලීය සිර කඳවුරක් තුළ සිර වි ජිවත් විම ප්‍රතික්‍ෂේප කිරිමට ‍කෝටි සංඛ්‍යාත ජනකායකට අති අයිතිය ආරක්ෂා කිරිම. ඒ අනුව අපිට ‍පේනව ස්‍නෝඩ්න් හිර කරල ති‍බෙන බව. ‍මේ ජාත්‍යන්තර තල‍යේ තත්ත්වයන්. නමුත් එක්සත් ජනපද‍යේ මහජන මත විමසිම්වලට අනුව ස්‍ නෝඩ්න් පිළිබඳ තින්දුව ප්‍රකාශයට පත්කරල ති‍යෙනව. එයින් පැහැදිලි ‍වෙන්‍ නෙ සියලු වයස්වල වැඩි ‍දෙ‍නෙකු ඔහු ව ‍දේශ‍ද්‍රෝහියකු ‍ලෙස ‍නොව ජනතාව‍ගේ අයිතිවාසිකම් රකින්‍ නෙක් විදියට තින්දු කර ඇති බවයි.

මේ ජාත්‍යන්තර තල‍යේ පවතින තත්ත්වය අපිට ඉතා වැදගත් ‍වෙනවා.

න‍යිජිරියා‍‍ වෙ ජාත්‍යන්තර රඟහලක් ඉදිකර ති‍බෙනවා. ‍මේකත් හදල ති‍බෙන්‍ නෙ චින‍යෙන්. හරියට අ‍පේ නෙළුම් ‍පොකුණ ව‍ගේ ම එකක්. නයිජිරියාව දැන් තිරණය කරනව ඒක සංචාරක නි‍කේතනයක් බවට පත්කරන්න. එතනදි ර‍ටේ සියලු ම කලාකරුවන් ඉදිරිපත් වෙලා, නෑ.. ‍මේක අපේ රඟහලක්, ‍මේක විකුණන්න ති‍බෙන ඉඩමක් ‍හෝ ‍ගෙයක් ‍නෙ‍මෙයි කියල ඔවුන් උද්‍ඝෝෂණ ව්‍යාපාරයක ‍යෙ‍දෙනව.

අ‍නෙක් අතට ඕස්‍ට්‍රේලියා‍වේ යුද්ධ‍යෙන් අසරණ භාවයට, පිඩනයට ලක් ‍වෙච්ච මිනිස්සුන්‍‍ගේ ජාත්‍යන්තර තල‍යේ එකතු කරපු ඡායාරුප ඕස්‍ට්‍රේලියානු බලධාරින් විසින් ගලවල අයින් කරල ති‍බෙනව. ‍මේක තමයි කලාවෙ ඉරණම. ඒ සියලුම ‍දේවල් අත‍රේ අපි පියාඹන මාළු‍වො වාරණය ගැන කතා කරද්දි එම චිත්‍රපටයත් රජය විසින් පත්කළ රඟුම් පාලක මණ්ඩල‍යෙන් අනුමතිය ලබල ති‍යෙනව. පසුගිය දා ප්‍රංශ තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ ප්‍රංශ චිත්‍රපට උළෙලදි ‍මෙය ප්‍රදර්ශනය කරාට පසුව ඇති වුන තත්ත්වය මත ‍මේ චිත්‍රපටයෙත්: ව‍ශේෂ‍යෙන් ම චිත්‍රපටය හරහා ගාමිණී වියන්ගොඩත් දඩයම් කිරීමේ උත්සාහක් දරා ති‍බෙනවා. චිත්‍රපට‍යේ හොඳ නරක පිළිබඳ ව බලන්න ඕ‍‍න පරීක්ෂක මණ්ඩලය. නාට්‍යයකදි පිටපතත්, චිත්‍රපටයක් නිර්මාණය කලාට පස්‍සො එහි පිටපතකුත් අපි රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ ර‍ටේ නිතියට අනුව . ඒ අවස්ථාවන්වල ‍මෙන්න ‍මේ ‍මේ ‍කොටස් කපල අයින් කරන්න කියල රැඟුම් පාලක මණ්ඩලය කියනව. අපි හැමදාම ඒ ‍කොටස් ඉවත් කරල මහජනතාවට ‍පෙන්නුව මිස නැවත ඒ කැලි මූට්ටු කරල මුදල් හම්බ කිරිමේ ‍චේතනා‍වෙන් කටයුතු කරල නෑ. ‍

කෙ‍සේ නමුත් සංජීව පුෂ්පකුමාර‍‍ගෙ ප්‍රයත්නය සිහිකරද්දි අපිට සිහිපත් ‍වෙනව පුරහඳ කළුවර චිත්‍රපටය. ඒ වන විට යුද්ධය පවතිනව. එවකට ආණ්ඩු‍වෙ හිටපු ඇමතිවර‍යෙක් කිව්ව: ‍මේක ‍පෙන්නු‍වොත් අ‍පේ යුද භටයන්ගේ ‍මොරාල් එක ගහල යනව කියල. නමුත් ‍මේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට සුදුසුයි කියල රැඟුම් පාලක මණ්ඩලය සහතික කරල තිබුණ. පසුව එහි අධ්‍යක්ෂක ප්‍රසන්න විතාන‍ගේ අධිකරණ ක්‍රියාමාර්ගයකට ගියා. අධිකරණ‍යෙන් චිත්‍රපටය මහජනයාට සුදුසුයි කියල මුදා හැරියා. ඒ නිසා ‍ප්‍රේක්ෂකයාට නැවත ‍මේ චිත්‍රපටය නරඹන්න ලැබුණ. නමුත් යුද්ධය පුරැදු ආකාර‍යෙන් ම පවත්වා‍ගෙන ගියා. යුද ‍මොරල් එකට ‍මොනවත් වු‍ණේ නැ. යුද ‍මොරාල් එක ගැන කියපු අමතිවරයට සිද්ධ වුනා වන්දි මුදලක් ‍ගෙවන්න. ‍

මේ අපි පසුකරපු ඉතිහාස‍යේ සිදු වු යම් යම් සිදුවිම් ‍පෙළක එකතුවක්. මට හි‍තෙන විදියට අක්ෂරය සහ සුළග එනු පිණිස ‍මෙන්න ‍මේ සුළු සුළඟට අහුවුන චිත්‍රපට ‍දෙකක්. ‍මේ හැම එ‍‍කෙන් ම ‍කෙ‍රෙන්‍ නෙ නිර්මානකරුවන් ‍ගේ, වි‍ශේෂ‍යෙන් ම ‍හොඳ දක්ෂතා ‍පෙන්වන තරැණ නිර්මාණකරුවන්‍ තමන් ගේ දක්ෂතා ඉදිරිපත් කරන ‍මො‍හො‍‍තේ ආණ්ඩු‍වේ බලධාරින් එක්වෙලා ඔවුන්‍ ගේම නීතිවලට පයින් ගහල කර‍ගෙන යන කලා මර්දනයක් විදියටයි මම ‍මේ සිදුවීම් ‍පෙළ දකින්නෙ. දැන් කලාකරුවන්ට සහ ‍මේ පාලන තන්ත්‍රයට එකට පවතින්න බෑ. පවතින්නට නම් ක්‍රම ‍දෙකක් අනුගමනය කළයුතුයි. එකක් හීලෑ විම. අ‍නෙක මර්දනයට මුහුණ දිමට සුදානම් ව කටයුතු කිරිම.

අපට ති‍බෙන ප්‍රශ්නය තමයි ඔවුන් ම ‍ගෙනා ‍මේ නිතිය ඔවුන් විසින් ම කඩ කරන්‍නො ඇයි කියන එක. ‍මේ කඩ කිරිම කරන්‍ නේ පාලන තන්ත්‍රය. ඒ‍කෙන් හැ‍ගෙන්‍ නේ නිදහස් නිර්මාණයකට ‍මේ ආණ්ඩු‍වේ ඉඩක් නැ කියන එකයි. එ‍හෙනම් ‍කො‍හොම ද අපි ඒ ඉඩ සකස්කර ගන්‍ නේ? මම හිතන්‍ නෙ ජාත්‍යන්තර තල‍යේ මැදිහත් විමක් අපිට වුවමනා බවයි. ඒ අවශ්‍යතාව ඉතාම වැදගත් වන ‍මො‍හොතක් ‍මේක. ‍මෙන්න මෙවන් අවස්ථාවක තමයි ගාමිණී වියන්‍ගොඩ නමැත්තාට ‍මේ ‍චෝදනාව එල්ල ‍වෙන්‍නෙ. දැන් ඔහු නමැත්තා බවට පත්කරල කියන‍කොට මනුස්සයකුට අති වන ‍වේදනාව, ‍මේ නිර්මාණ කුෂේත්‍රය ඇතුළෙ, විශ්ව සාහිත්‍යයට අයිති විශාල නිර්මාණකරවන් රාශියක් මමත් පළමු වතාවට කි‍වේ‍වො ගාමිණී වියන්‍ගොඩ‍ ගේ කෘති හරහා. එවානි කලාකරුවකුට ‍මෙවැනි අපකීර්තිමත් ප්‍රචාරයක් දිගින් දිගට ම ලබා ‍දෙන විට ඒ කලාකරැව‍ ගේ තත්ත්වය කුමක් ද? ඒ නිසා මම පාලක තත්ත්‍රයට අභි‍යෝග කරනව එකම ‍රෙ‍කෝඩ් එක වාදනය කරන් නේ නැතුව අලුත් ‍තොරතුරක් ‍හොයාගත්ත නම් වහාම ‍හෙළි කරන්න කියල. ඒ ව‍ගේ ම එතුමා ‍මෙරට සාහිත්‍යය ක්‍ෂේත්‍රයට කළ ‍‍මෙ‍හෙය අගයන්‍ නේ ආකාර‍යෙන් ද කියලත් මම පාලන තන්ත්‍රයෙන් විමසා සිටිනවා.

අනතුරුව ‍මෙම ‍චෝදනාවට ලක් වු ගාමිණි වියන්ගොඩ කලාකරුවා සිය අදහස් දක්වා සිටියා.

මට කියන්න ති‍යෙන්‍ නෙ මට ‍මේ චිත්‍රපටයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. චිත්‍රපටය මම දැකලත් නැහැ. චිත්‍රපට‍යේ අධ්‍යක්ෂකවරයා සාමාන්‍යයෙන් හදුනන ‍කෙ‍නෙක්. මම එයාව දැකල කතාකරල ති‍යෙනවා. ඊට වඩා එහා ගිය සම්බන්ධයක් අපි අත‍රේ නැ.

පැහැදිලිව ම එකක් කිව යුතුයි. ‍මම, මෙම චිත්‍රපටය කිරිමට එහි අධ්‍යක්ෂකවරයාට ඇති අයිතිය ‍කොන්‍දේසි විරහිත ව ආරක්ෂා කරන ‍කෙ‍නෙක්. ඒ ව‍ගේ ම සැම කලාකරුවකුට ම පාලකයන්‍ ගේ අවසරයකින් ‍තොර ව කලා කෘතියක් කිරිමට ප්‍රජාතන්ත්‍රවාදි රටක අයිතියක් ති‍යෙනව කියල මම විශ්වාස කරනව. ඒ නිසා ඔහු‍ගේ චිත්‍රපට‍යේ ඔය කියන ලිංගික දර්ශන ‍හෝ ‍වෙනත් ‍දේවල් තිබුනත්, ඒ නිර්මාන‍යේ සහ නිර්මාණකරුවා‍ගේ අයිතිය අපි ආරක්ෂා කළ යුතුයි. ඒ එක කාරණයක්.

ඊළග කාරණය තමයි ‍මෙවැනි චිත්‍රපටයකට පාලක පන්තිය පැත්‍තෙන් යම් වි‍රෝධතා ඇති ‍වෙන්න තරම් ‍හේතුවක් අති වුනා නම් ඊට පස්සේ එය වි‍වේචනය කරනව ‍වෙනුවට වෙනත් සන්දර්භයක් ඇතු‍‍ළෙ පාලකයාට අවශ්‍ය වු‍නේ ඇයි මාවත් ‍මේකට ගාවගන්න. මාව සම්බන්ධ කරගන්‍ නේ චිත්‍රපට‍යේ අන්තර්ගත තමන් එකඟ ‍නොවන කාරනා ‍හේතු‍කොට ගෙන ‍නෙ‍වෙයි. මේ නිර්මාණයට මුදල් ‍සොයා දීම, එ‍හෙමත් නැත්නම් ‍වෙනත් අරමුදල් සපයා දිමට තැරැව්කාර‍යෙක් විදියට වැඩ කළා කියල. ඊ‍යේ රෑ කිව්‍ වේ සම්බන්ධීකාරක කියල. ඒ ව‍ගේ ම ‍මේ චිත්‍රපටය එල්. ටී. ටී. ඊ. ඩයස්‍පෝරාව අතර සම්බන්ධයක් තියනව ලු.

එල්. ටී. ටී. ඊ. ය සම්බන්ධ‍යෙන් හැමදාමත් ම‍ගේ වි‍වේචනයක් තිබිල ති‍යෙනව. ඒ ව‍ගේ ම එල්. ටී. ටී. ඊ. ය ඇතිවු‍නේ ඇයි කියන එක පිළිබඳ ව ‍දේශපාලන විග්‍රහයකුත් මට ති‍බෙනවා. ඒ ගැන මම එදා කියපු ‍දේ ම අදත් කියනවා. එල්. ටී. ටී. ඊ. ය කියන් නේ දෙමළ ජනතාව‍ගේ ප්‍රශ්න විසඳන්නට සිංහල රාජ්‍යය අසමත් වි‍මේ ප්‍රතිඵලයක් විදියට ඇතිවුණ දෙයක් මිස ක් එල්. ටී. ටී. ඊ. සංවිධනය කියන් නේ ‍හේතුව ‍නො‍වෙයි කියන මතය මම අදත් විශ්වාස කරනවා. යුද්ධයට පෙර, යුද්ධය පවතිද්දි සහ දැනුත් ම‍ගේ අදහස ඒකම යි. ‍මෙළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ දරන මතයත් ඒ ව‍ගේම යි. ඔවුන්‍ ගේ අයිතිවාසිකම් සාධාරණ අන්දමින් ඔවුන්ට ලබා ‍නො‍දෙන තාක් කල් නැවත නැවතත් එල්. ටී. ටී. ඊ. වැනි සංවිධාන මේ ර‍ටේ බිහි‍ වෙනව කියන මතය මම දරනවා. ‍මේ කාරණා කිව්වම කවුරුහරි කියනව නම් මම එල්. ටී. ටී. ඊ. කාර‍යෙක් කියල මට ඒ ‍වෙනු‍වෙන් කරන්න ‍දෙයක් නෑ. ‍මේක තමයි ඇත්ත තත්ත්වය.

යම්කිසි පිඩිත ජනතාවක් පිළිබඳ ව, ඔවුන්‍ ගේ අයිතිවාසිකම් පිළිබඳ ව කතා කිරිම එල්. ටී. ටී. ඊ. ‍ලේබලයට සුදුසුකමක් නම්, මට ඒ ‍ලේබලය භාරගැනි‍මේ බාධාවක් නැ. හැබැයි ආණ්ඩුව කියන අර්ථ‍යෙන් ‍නෙ‍මෙයි. වැඩිදුරටත් කියනව නම් ‍දේශ‍ද්‍රෝහි කියන තැනින් ‍නෙ‍වෙයි මම ඒ ‍චෝදනාව බාරගන්‍‍‍නෙ. නමුත් ‍මේ චිත්‍රපට‍යෙදි ‍මොනයම්ම විදියකින්වත්, ‍භෞතික විදියකින්වත් වෙනත් කිසිම ආකාරයකින්වත් එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ ‍හෝ එය නි‍යෝජනය කරන කිසිවකු සමඟ කිසිම සම්බන්ධයක් ම‍ගේ තිබිල නෑ. ඒ ව‍ගේ ම ‍මේ කියන විදියට මුදල් ‍සොයා දිමට පුළුවන්කමකුත් මට නැ. ‍මේ සියලු කතා පදනම් විරහිත යි. පාලකයන් ‍මෙවැනි ‍චෝදනාවක් ඉදිපත් කරන්‍ නේ ඇයි කියන එකයි ‍මෙතන ති‍බෙන ප්‍රශ්නය. මම විශ්වාස කරන විදියට මේ රට ඒකමතික රටක් කිරි‍මේ වුවමනාව පාලකයන්ට ති‍බෙනවා. ඒකමතිකයි කියල කියන්‍ නෙ තමන්‍ ගේ මතය ඒකමතික කිරීම. තමන්‍ ගේ මතය විතරක් ‍මේ ර‍ටේ පැවතිය යුතුයි කියල විශ්වාස කරන පාලක පන්තියක් තමයි අද ‍මේ රට පාලනය කරන්‍නෙ. ‍මොන විදියක හරි ඒ මතයට ‍වෙනස් මත දරන ඕනම ‍කෙ‍නෙක් මර්දනය කරන්නට, ඔහුට අපහාස කරන්නට, ඔහුට මඩ ගහන්නට හදාගත්ත යාන්ත්‍රණයක් ‍මේ ආණ්ඩුවට ති‍යෙනවා. එහි ප්‍රධාන අංගයක් තමයි අයි ටි එන් නාලිකාව. අපි ශිෂ්ටාචාරය අතින් ‍කෙතරම් පහතට වැටිලද කියල දැනගන්නට තමුන්නාන්‍සේලාට අවශ්‍ය නම් අහන්න උදේට ගුවන් විදුලි‍යේ හඩ්සන් සමරසිංහ‍ ගේ වැඩසටහන. බලන්න අයි ටි එන් නාලිකාව. එහි පසු විපරම බලන්න. ‍මේ ‍දේවල් සියල්ල අ‍පේ කැඩපත්. ‍මේ ‍දේවල් කතාකරන, වි‍වේචනය කරන අය මර්දනය කිරි‍මේ අවශ්‍යතාවක් අද ආණ්ඩුවට ති‍බෙනවා. මර්දනය කිරි‍මේ ‍හොදම මාර්ගය තමයි එල්. ටී. ටී. ඊ. ‍ලේබලය ඒ පුද්ගලයාට ඇලවිම. මට එල්. ටී. ටී. ඊ. ‍ලේබලය අලවන් නෙ මේ ර‍ටේ නිදහස් අදහස් ප්‍රකාශකිරිමට බිය නැතුව අද දහ දෙ‍නෙක් ඉදිරිපත් ‍වෙනව නම් ඒ අය නිහඬ කරන්න. ඒ හැර ම‍ගේ සහ ‍මේ චිත්‍රපටය අතර කිසිම සම්බන්ධතාවක් නෑ.

අවසාන වශ‍යෙන් ‍මෙම චිත්‍රපටය සඳහා නිෂ්පාදන කණ්ඩායමේ සහය දැක් වු කැළුම් පාලිත මහතා සිය අදහස් දක්වමින් කියා සිටි‍යේ ඔවුන් ‍මෙම චිත්‍රපටය ලංකා‍වේ තිරගත කිරිමට තවමත් තිරණය කර ‍නොමැති බවත්, එය රඟුම් පාලක මණ්ඩලයට ද ඉදිරිපත් කර ‍නොමැති බවයි. එහි දී ඔහු අවධාරණය ක‍ළේ ‍මෙම උ‍ළෙ‍ලේ ප්‍රදර්ශනය කිරිම ස්‍රදහා අවසර ලබා‍ගෙන ඇත්‍තේ ප්‍රංශ තානාපති කාර්යාලය බවයි. එ‍මෙන් ම ‍මෙහි අන්තරගත සැම දර්ශනයක් තිරගත කිරිම සඳහා අදාළ ආයතන සියල්ල‍ගෙන් ම අවසර ලබා‍ගෙන ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

උපුටා ගැනීම – LNW