Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

83’ කලූ ජූලිය; වසර 30යි | ‘ සුදු නැත ඉදිරි අවුරැදුදුත්’

BJ 590

 

අත්‍යවශ්‍ය සටහනක් –  වර්ගවාදය සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් මුග්ධ, අධිපතිවාදී රාජ්‍යයේ පහස ලබමින් දමිළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු වර්ගවාදී සාහාසිකත්වයට.. එනම් ‘කලූ ජූලිය’ ට වසර 29ක් සපිරෙද්දී අපි පසුගිය වසරේ ජූලියේ එසේ සටහනක් අරඹමින් ලීවෙමු.  

එම සටහනේ තවද  මෙසේ ලීවෙමු….එයින් දිග හැරුණු මුග්ධ සාහාසිකත්වය ක‍්‍රියාවලියක් ලෙස දශක 3ක් පුරා දෙමළ මිනිසුන් දහස් ගණනකගේ ලේ ඉල්ලා ඔවුන් ඝාතනය කර අවසන් වී කලූ ජූලියට හරියටම දින 65කට පෙර දකුණේ යුදවාදී රාජ්‍ය සිය ‘ජයග‍්‍රහණය’ සැමරීය. නමුත් 1983 ජූලියේ දකුණේ දී සාහසික ලෙස ඝාතනය කල දෙමළ මිනිසුන් පිළිබදව වන හෘද සාක්ෂිය දකුණට අමතකව ගොස්ය. හෘදසාක්ෂියක් නැති දකුණේ බොහෝ ලිංමැඩි ජනමාධ්‍ය එය අමතක කර උතුරේ මිනිසාගේ ආත්මය පවා විනාශ කළ නවීන සන්නද්ධ අවිආයුධ සහ කුරිරු මිනිස් ආත්මවල ඡායාරූපවලින් පත්තරපිටු ගණන්  පුරවමින් තිබිණි. ඒ පසුගිය මැයි 19වනදා ට පෙර සහ පසුය..  එයින් හැගී ගියේ තුවාල සුවකිරීමේ කාර්යය වෙනුවට තුවාල පාරමින් නැවත වරක් වර්ගවාදයත්, සිය මුග්ධ අධිපතිවාදයත් වපුරමින් තිබිමය.

දැන් ත්ත්වය තවත් වෙනස් ය.

පසුගිය වසරට වඩා දැන් තත්ත්වය වෙනත් අතකට දරැණු වෙමින් පවතී. විශේෂයෙන් වසර 30කට පෙර ජාතිවාදීන් විසින් මුදාහල සාහසිකත්වයත්, එසේ සාහසිකත්වය මුදාහල ජාතිවාදින්ට රිසි සේ හැසිරෙන්නට සළස්වා අහක බලා සිටි 83 එවකට තිබුණූ ආණ්ඩුව මෙන් අද ද එවන් දෑ මහදවල් සිදු වෙමින් පවතිද්දී පාලකයින් අහක බලා සිටිනු දැකිය හැකිය. විවිධ බලසේනාවන් සහ බලකායන් විසින් නැවත වටයකින් අන්තවාදය සමාජය තුළ වපුරමින් ඇත්තේ ‘මේක සිංහල රට‘ ‘අපි කයන විදිහට හිටපල්ලා, නැතිනම් යන්න පුලුවන්‘ වැනි  ප්‍රකාශයන් ඔස්සේය. එයට ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන්ගේ සහයෝගය ද පෙනෙන්නට තිබීම මෙම තත්ත්වය තවත් බිහිසුනු කරන්නෙකි. මස් කඩවලට ගිනි තබන තෙක් පොලීසිය බලා සිටින්නේ ඒ නිසා ය. විදෙස් තානාපති සේවයන්ගේ කාර්යාල වටලා තර්ජනය කරන විට පොලීසිය බලා සිටින්නේ ඒ නිසා ය. පොලීසිය ඉදිරිපිට ‘නිළ නොවන පොලීසිය අපි‘ යැයි කියන විට පොලීසියට බිම බලා සිටින්නට සිදුවී ඇත්තේ ඒ නිසාය. එබැවින් මේ, කී නොකී සියලු ප්‍රචණ්ඩ තත්ත්වයන් හමුවේ කලු ජූලියට වසර 30ක් ගත වෙන මොහොතේ ගොඩනගමින් සිටින ආගමික අන්තවාදයන් පරාජය නොකළහොත් ඇතිවන ව්‍යසනය සුලුපටු නොවේ.  පසුගිය වසරේ ජූලියේදී, කලු ජූලිය ගැන කවියක් ලියන ‘උදය ආර් තෙන්නකෝන්‘ පැවසූවේ ‘සුදු නැත ඉතිරි මාසත් ‘ කියා ය.  අන්තවාදයන් පරාජය කිරීමට නොහැකි උනොත් උදය කී පරිදිම සුදු නැත ඉතිරි මාසත් නොව, සුදු නැත ඉදිරි අවුරැදුදුත් වන්නට බැරි නැත.

අවුරැදු 29ක් ගිය තැන

කලු ජූලියට වසර 29ක් සැපිරෙද්දී පසුගිය වසරේ ජූලියේදී ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය විසින් විශේෂ වීඩියෝ සටහන් කිහිපයක් තබන ලද අතර පහත පලවන්නේ එම වීඩියො සටහන්ය. එම වීඩියො සටහන් නැවත පළකරන්නේ,  වසර 2500ක් 3000ක් ගැන සමාජයේ බොහෝ දෙනා කතා කලත්  ආසන්න වසර ගණනාවක කාලයක් සිය සහෝදර ජනයාට සිදුවූ තුවාල පිළිබදව සහ එම තුවාල සුවකර, ඔවුන්ට යුක්තිය ඉටු කිරීමට තවමත් වත්මන් පාලකයින් දක්වන දේශපාලන මැලිකම නිසා සහ ඇතැම් දේශපාකයින්ගේ හුරතල් අන්තවාදීන් විසින් නැවත නැවතත් එම තුවාල පාරමින් සිටින නිසාය.

 

‘‘……. අපි මේ වෙනකොට කරමින් ඉන්නේ ලංකාවේ ඉතිහාසය විදිහට කතා කරන සියවස් ගණන්, දහස් ගණන් පැරණි දේවල් ගැන, නමුත් දශක ගණනක ඉතිහාසය මකා දමමින් ඉන්නවා……’’(අනෝමා රාජකරුණා  ඡායාරූප ශිල්පිණියකි, කිවිදියෙකි, වාර්තා චිත‍්‍රපට නිර්මාණකාරිණියකි, තවත් විටක ලේඛිකාවකි.)

ආචාර්ය සෙල්වි තිරැචෙල්වම්, විකල්ප සමග සිය අදහස් දක්වමින්…

ජනමාධ්‍යෙව්දී ජෝ. ජයකුමාර් සිය අදහස් විකල්ප සමග සිය අදහස් ප්‍රකාශ කරමින්,

කලු ජූලියට වසර 29ක් පිරීම නිමිත්තෙන් පසුගිය වසරේදී ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය විසින් සකස් කළ වීඩියෝව