සිංහල, Colombo, Democracy, Education, Features, Governance, Human Rights, Human Security, Life quips

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමිකිරීම නවතනු: අන්තරේ කොළඹ උද්ඝෝෂණයක

2

1

3

4

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත්, දමිළ ශිෂ්‍යින් අත්අඩංගුවට ගැනීම් වහාම නතරකරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති පූජ්‍ය දඹර අමිළ හිමි වහාම නිදහස් කරන ලෙසත් ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ පුස්තකාල වටරවුමට නුදුරු මංසන්දියේදී උද්ගෝෂණයක නිරත විය.

මෙම උද්ඝෝෂනයට විශාල සිසුන් පිරිසක් සහභාගී වූ අතර උද්ඝෝෂකයින් කොල්ලුපිටිය දෙසට යාමට ගත් උත්සහාය බැරුක්ක දමා පොළීසිය විසින් නවතා දමන ලදි. එහිදී ඔවුන් පැය දෙකකට අධික කාලයක් එම ස්ථානයේ උද්ඝෝෂණය කරමින් රැස්වීමක් පැවැත්වූ අතර එම උද්ඝෝෂනය සඳහා විශ්ව විද්‍යාල අචාර්යවරුනුත් සහභාගීවීම විශේෂ විය.

මේ පිළිබදව අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා,

‛‛අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, මේ රටේ ජනතාවට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි කරමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යින්ගේ ශිෂ්‍යභාවය අහිමිකරමින් සිටිනවා. දමිළ ශිෂයින් අත්අඩංගුවට ගනිමින් සටිනවා. ඒ නිසා මෙම ප්‍රජාතන්ත්‍රවාදය හකුලමින් වැරදි ගමන් මගක ගමන් කරමින් සිටින ආණ්ඩුව එරෙහි බලයක් ගොඩනැගීම අපි මේ අයුරින් ආරම්භ කර සිටිනවා. අපි කියනවා ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වහාම ලබා දෙන්න කියලා. එහෙම නොවුනහොත් ආචාර්යවරුන්, ශිෂයින් සමග අනිකුත් ජනතා බලවේගයනුත් එකතුකර ගත් දැවැන්ත බලවේගයක් ගොඩනැගීමට අන්තර්විශ්ව විද්‍යාල බලමණ්ඩලය කිසිසේත් පසුබට නොවී ක්‍රියා කරන බව අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.’’

තාරුණ්‍යට – හෙටක් කියල
රටේ මුදල් – ගසා කනවා
කලාකරුවෝ – ක්‍රිඩකයෝ
සල්ලිවලට – කඩේ යනවා

රජෝ රජෝ – මේ අහපන්
මර්දනේ දැන් – නවතාපන්
මේ එම උද්ඝෝෂණයේදී භාවිතා කල සටන් පාට කිහිපයක්.

සටහන සහ ඡායාරෑප – Sampath samarakoon