“ඊයේ(21) පැවති ඡන්දයේදී ප්‍රචණ්ඩතාවයන් කිහිපයක්ම සිදු උනා. ඒවා ගැන අපි ඒ වෙලාවෙම පැමිණිලි කර සිටියා. අපේ අදහස නම් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක එළියේ හමුදා නිළධාරීන් සිවිල් ඇදුම් ඇදගෙන ඡන්ද දායකයන්ව එළවලා, ඡන්ද දැමීම වලක්වා සිටියා. ඒ නිසා පිරිසකට ඡන්දය දාන්න බැරි උනා. ඒ අයට ආපහු ඡන්දය දාන්න එන්න බැරි උනා. ඒ නිසා මේ ඡන්දයේදී ඡන්දය දුන් ඡන්ද ප්‍රතිශතය වැඩි උනාට, මෙහෙම ත්ත්වයක් ඇති උනේ නැතිනම් ඊට වැඩිය ඡන්ද ප්‍රමාණයක් අපිට ගන්න තිබුණා. එහෙම ඡන්දය ලැබුනා නම් යාපනයේ ආසන 16ම අපිට ලබා ගන්න තිබුණා.” යැයි අද(22) මීට ස්වල්ප වේලාවකට පෙර, යාපනයේ, ටිල්කෝ හෝටලයේ දී දෙමළ ජාතික සංධානය විසින් කැදවා තිබුණූ මාධ්‍ය සාකච්ඡාවකදී, එම සංධානයේ පාර්ලිමේන්තු මංත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසා සිටියේ ය.

උතුරැ පළාත් සභා මැතිවරණය සම්බන්ධව කරැණු දැක්වීමට කැදවා තිබූ එම මාධ්‍ය සාකච්ඡාවට, එහි මහ ඇමති අපේක්ෂක. සී.වී. විග්නේෂ්වරම්, ආර්. සම්බන්ධන්, එස් ශ්‍රීදරන්, මාවේයි සේනාධීරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ දෙමළ සංධානයේ අපේක්ෂිකා ආනන්දි සශීධරන් යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියේ ය.

එහිදී දෙමළ ජාතික සංධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර පහත දැක්වෙන්නේ එම මාධ්‍ය නිවේදනයේ සෘජු සිංහල පරිවර්තනයයි.

උතුරැ පළාත් සභා මැතිවරණයේ දෙමළ ජාතික සංධානය/ ඉලංගෙයි තමිල් අරැස පක්ෂය රටේ දේශපාලන ඉතිහාසයේ මීට පෙර කිසිවෙක් ලබා ගත්තේ නැති ජයග්‍රහණයක් ලබා ගෙන තිබෙනවා. උතුරැ පළාතේ 80%ක ප්‍රමාණයකුත්, යාපනය දිස්ත්‍රික්කයේ 90%ත් ලබා ගෙන තිබෙනවා.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුව ඉතා පැහැදිලිවම මෙයින් ප්‍රකාශ වී තිබෙනවා. එක්සත් ශ්‍රී ලංකාවක, නොබෙදුනු රටක් තුළ ආරක්ෂාව, ගෞරවය සහ ස්වයංපාලනය වැනි දේවල් ලබාගෙන ජිවිත් වී, ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතීන් ලබා ගැනීමට ඔවුන් කැමැත්තෙන් සිටින බව මෙයින් පැහැදිලි වෙනවා.

මෙම අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා අපි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාකරන අතර, රජයත් මෙයට මුලුමනින්ම සහයෝගය දෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් නියමිත දිශාවට ගමන් කිරීමට ‘අවස්ථාව‘ ජනතාව විසින් දී තිබෙනවා.

මෙම මැතිවරණයේදී තමන්ට මුහුණ දීමට සිදු වූ බොහෝ හිරිහැර, තර්ජනය කිරීම්, මැද උතුරැ පළාත් ජනතාව පැහැදිලිවම බිය නොමැතිව තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවට ගරැ කරන මෙන් අපි ඉල්ලා සිටිනවා.

අපේ ජනතාව මුලුමනින්ම අපිට සහය පළ කිරීම පිළිබදව අපේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතර, ඒ අයගේ අයිතිවාසිකම් ලබා දීම සදහා අපිට කළ හැකි සෑම දෙයක්ම අපි විසින් සිදු කරනවා.

ආර්. සම්බන්ධන්
සභාපති, දෙමළ ජාතික සංධානය/ ඉලංගෙයි තමිල් අරැස පක්ෂය