[Video Interview]


“මේ සමුලුව හත්දොහක් මගුල් කාලා මේ ආණ්ඩුව සමරන්න හැදුවා කියලා, අධ්‍යාපන ක්ෂේත්‍රයට යමක් සිද්ධ වෙන්නේ ත් නෑ, මේ සමුලුවෙන් රටට, පොදු ජනයාට ලැබෙන දෙයක් නෑ. අනෙක් බරපතලම කාරණය පොදුරාජ්‍ය මණ්ඩලයේ තේමාවන් බවට පත් වෙලා තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය වගේ කාරණා සලකා බලද්දී ලංකාවේ මෙවැනි සමුලුවක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාවක් තියනවද කියන එක. අපි හිතනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව හිමිකම්, මාධය නිදහස මේ කිසිවක් සුරක්ෂිත නැහැ. ඒ වෙනුවට ඉතාමත් බරපතල රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව සලකා බලද්දී මෙවැනි සමුලුවක් පැවැත්වීමට ලංකාවේ සුදුසු වටපිටාවක් නැහැ. අනෙක දැන් ආණ්ඩුව පෙන්නන්න හදනවා ජනතාවට දැන මේ සමුලුව පැවැත් උනාට පස්සේ ඔක්කොම හරි කියලා. අවරැදු දෙකකට ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය බාර ගත්තට පස්සේ අපි මුහුණ දෙන සියලු ප්‍රශ්ණවලට උත්තර හම්බවෙනවා කියලා. අපි හිතනවා කිසිදු ප්‍රශ්ණයකට උත්තර හම්බවෙන්නේ නෑ. වෙනදේ තමයි ආණ්ඩුව තමන්ගේ බොහෝ ප්‍රශ්ණ ජනතාවට අමතක කරන්න උත්සහ කිරීම…..”
යැයි, මෙම සතියේ 15වනදා නිළ වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වන CHOGM හෙවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින්ගේ සමුලුව පිළිබදව, අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බළමණ්ඩලයේ, කැදවුම්කරැ, සංජීව බණ්ඩාර, ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහන පහතින් දැක්වේ.

සැලකිය යුතුයි | මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කරන ලද්දේ 2013 නොවැම්බර් 08වන සිකුරාදා බව සලකන්න.