Image Credit : twitter.com/BBCBreaking

මදීබා” නික්මගොස් තිබේ. ඔහු නික්ම යන්නේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් වඩ වඩා මඩීබලා අවශ්‍ය යුගයකදී ය. නෙල්සන් රොලිලා මැන්ඩෙලා හෙවත් ආදරණීය ‘මඩීබා’ අප ජීවත් වන යුගයේ සමාජ සාධාරණත්වය, යුක්තිය වෙනුවෙන් සිය ජීවිතය වීශ්වාස කළ ​ධෛර්‍යවන්තම මිනිසා වෙනවාට කිසිදු සැකයක් නැත. ලෝකයේ එක් කොණකට රාත්‍රිය උදා වෙද්දී, අනෙක් ​කොණට උදෑසන උදාවෙද්දී ඒ ​​ධෛර්්‍යවන්ත මිනිසා සිය දිවි සැරිය හමාර කොට අවසානය.

වර්ණ​ භේදවාදයට එරෙහිව ඇරඹි ඔහුගේ අරගලය සමාජ සාධාරණත්වය දක්වා එනම් තමන් දශක තුනකට ආසන්න කාලයක් සිරකොට තැබූ විරැද්ධවාදීන්ට ද සාධාරණත්වය යුක්තිය උදෙසා වන තරමේ පුලුල් එකක් විය.

සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් කොට වසර 27 ක් ඒ වෙනුවෙන් සිරගතව බලය ලබාගැනීමෙන් පසු එම බලය අතහැරීමට තරම් නිර්ලෝබී විශිෂ්ඨ මිනිසෙකු සොයා ගැනීම බල අරගලව වෙනුවෙන් සුවිසල් මිනිස් සංහාර සිදුකරන මේ යුගයේදී පහසු නොවනු ඇත. නමුත් මැන්ඩෙලා සිට භාවිතයෙන් එය සපත කොට පෙන්වා දී තිබේ.

“කිසිවෙකු සිය වර්ණය නිසා හෝ තමන්ගේ පසුබිම් නිසා කිසිවෙකුගේ ​වෛරයට පාත්‍රවිය යුතු නැත. මිනිසුන් ​​වෛර කරන්නේම්, වෛර කිරීමට ඉගෙන ගැනීමට හැකිනම්, එයට ප්‍රතිවිරද්ධව හදවතේ අනෙක් පැත්තෙන් ස්භාවයෙන්ම පැමිණනෙන ‘ආදරය’ සමගින් බැදීමට නොහැකිවීමට නුපුලුවන.”

මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ කලු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් වැදි අයෙකුට එහා යමින් සමස්ථ මානව වර්ගයාගේ යුක්තිය වෙනුවෙන් වූ සලකුණක් බවට පත්වූයේම ඔහුගේ වූ එම භාවිතය නිසාවෙනි.

ප්‍රථම කලු ජාතික ජනාධිපතිවරයා ලෙස අප්‍රිකා​වේ ඔහුට බලය හිමිවූ පසු ඔහු ජයග්‍රහකයා විසින් පරාජිතයා මර්ධනය කිරීමට ගියේ නැත. ඔහු සුදු කලු බේදයකින් තොරව අප්‍රිකාව ගොඩ නැගීමට සියලු දෙනාටම ආරාධනා කර සිටියේය. මැන්ඩෙලා සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ ඔහුගේ ඒ භාවිතය තුලිනි. යුක්තිය සහ සමාජ සාධාරණත්වය කෙරෙහි වූ ඔහුගේ වූ අචල විශ්වාසය තුළ සුදු වර්ණ හේද වාදය ඉවත්කර කලු වර්ණ හේදවාදයකට ඉඩක් නොවීය. ලෝකය පුරා ජනයාට මෙන්ම දූපත්වාසීන් වන අපට පවා මැන්ඩෙලාගේ නික්ම යාම මෙතරම් දැන්නේ ඒ නිසාවෙනි.

ඉතිහාසසයෙන් බිදක්

නෙල්සෙන් මැන්ඩෙලා අප්‍රිකානු ජාතික ක්‍රොංගසට එකතු වන්නේ 1943 වර්ෂයේය. 1948 වර්ෂයේදී එම පක්ෂයේ තරුණ ලීගයේ ප්‍රධාන ලේකම් ධූරයට පත්වන ඔහු එවකදී කලු ජනයා අත්විදිමින් සිටි සමාජ අසාධාරණත්වය එරෙහි සටන වඩා තීර්ව කරයි. එවකදී කිසිදු කලු ජාතිකයෙකුට හෝ මිශ්‍ර ජාතිකයෙකුට ඡන්ද අයිතිය නොවූ අතර ඡන්ද අයිතිය හිමිවූයේ සුදු ජාතිකයන්ට පමණි. සුදු පාලනය විසින් පනවනු ලබන අයුක්ති සහගත නීති පිළිපැදීමට වර්ජනය කරන ලෙස මැන්ඩෙලා නායකත්වය දෙනු ලබන තරුණ ලීගය විසින් සිය මව් පක්ෂයය වෙත බලපෑම් කරනු ලබන අතර 1952 දී අප්‍රිකානු ජාතික ක්‍රොංග්‍රසය සිය තරුණ අංශයේ යෝජනාව ස්ථීර කරමින් අයුක්ති සහගත සුදු නීති පිළිපැදීම වර්ජනය කරනු ලබයි. 1956 වර්ෂයේදී සුදු ​ජාතික රෙජීමයට විරුද්ධව කටයුතු කිරීමේ චෝදනා මත මැන්ඩෙලා ඇතුලු 155 දෙනෙකු අත්අඩංගුවට ගෙන වසර 4 කට සිරදඩුවම් නියම කරද පසුව චෝදකා ඔප්පු කිරීමට නොහැකි නිසාවෙන් ඔවුන් නිදහස් කිරීමට සුදු පාලනයට සිදුවෙයි.

මේ අතර 1960 වර්ෂය වන විට සුදු පාලනය විසින් අප්‍රිකානු ජාතික ක්‍රොංගසය තහන්ම් පක්ෂයක් බවට පත්කරනු ලබයි. ඉන් අනතුරුව එම පක්ෂ ක්‍රියාකාරීන්ට සිදුවන්නේ රහසිගතව සිය දේශපාලන කටයුතු සිදුකිරීමටය.එවක අති වූ දැවැන්ත ජනතා විරෝධනය සුදු ජාතික පොලීසිය විසින් වෙඩි තබා පුද්ගලයන් 69 දෙනෙකු ඝාතනය කිරීමත් සමගම අප්‍රිකානු ක්‍රොංගසය සිය දේශපාලන මාවතේ දිශානතිය වෙනස් කරමින් ආයුධ සන්නද්ධ අරගලයක් කරා යොමු වෙයි. 1962 වර්ෂයේදී වෙනත් ආරෑඪ කරගත නමකින් මැන්ඩෙලා එංගලන්තය බලා යන්නේ සිය සටනට අවශ්‍ය සහයෝග සංවිධානය කිරීමේ අරමුණිනි. එසේ ගොස් නැවත පැමිණීමේදී නීත්‍යානූකූල නොවන ලෙස රටින් පිටවීම සහ සුදු පාලනයට විරැද්ධව කටයුතු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගනී. එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් ඔහු සමග වූ තවත් සටන් සගයන් දෙදනෙකු එක්ව තීරණය කරනු ලබන්නේ තමන්ට මරණ දඩුවම ලබා දුන්නද ඒ වෙනුවෙන් අභියාචනා ඉදිපත් ​නොකරමු ලෙසිනි.

වසර 27 ක් සිරගත කර තැබූ මැන්ඩෙලා 1990 වර්​ෂයේ 11 වැනිදා නිදහස් ලබන්නේ සිය අරගලයේ ප්‍රතිපත්ති පාවා නොදුන් සමාජ සාධාරණත්වය වෙනුවෙන් සිය භාවිතාව දැඩිව විශ්වසකළ අයෙකු ලෙසිනි. එම වසරේම දකුණු අප්‍රිකාවේ පළමු කලු ජාතික ජනාධිපතිවරයා ලෙස පත්වූවද ඔහු කිසිදු විටෙක එක් රෙජීමයක් පරදා තවත් රෙජීමයක් ගොඩ නැගීමට කටයුතු කලේ නැත. වර්ගවාදය, අසාධාරණය වෙනුවට ඔහු ආදරය සහ සාධාරණත්වය, යුක්තිය සමාජය කාවැද්දීමට අනවතර අරගලයක නිරත විය.

1993 නොබෙල් සාම ත්‍යාගය ඔහු වෙනුවෙන් පිරිනමන්නේම ඔහු යුක්තිය වෙනුවෙන් සිදුකල කැපකිරීම වෙනුවෙනි.

මැන්ඩෙලා ලා ඕනෑ කර තිබේ

මේ යුගය මැන්ඩෙලාගෙන් බොහෝ දෑ ඉගෙන ගත යුතු යුගයකි. නමුත් ඊයේ වනතෙක් අප අතර සිටි ඒ විශිෂ්ට මිනිසාගේ අප සෑබෑවට ඉගෙන ගත්තාද යන්න පිළිබද අප ඉදිරියේ පවතින්නේ ප්‍රශ්ණාර්ථයකි.

මන්ද සමාජ සාධාරණත්වය එවකටත් වඩා අද දිනයේ අභියෝගයන් ලක්වෙමින් පවතී. ඒ ගැන කථාකරනනන් ද්‍රෝහීන් බවට පත්කර ඇති යුගයකි. අද දිනයේ ලංකා දූපතේ පාලකයන් ද මැන්ඩෙලා ගැන සෝකප්‍රකාශ ඉදිරිපත් කලහොත් එය ඔහුට කරන අගෞරයක් වන්නේය. මන්ද මේ නිශ්චිත මොහොත ලංකාවේ පාලන තුලින් සාධාරණත්වය සහ යුක්තිය පලාගිය ඒකාධිපති මොහොතකි. එවකදී ‘මදීබා’ සටන් කරනු ලැබුවේ ඒකාධිපතිත්වයට, වර්ගවාදයට එරෙහිව වීමයි. අද අප ද වටා පවතින්නේ වර්ගවාදී එකාධිපතිවාදී ග්‍රෝතවාදී දේශපාලන ධාරාවකි.​

මැන්ඩෙලා නික්ම ගියා කියා කම්පාවී හෝ උකටලී වීමේ පලක් නැත. මන්ද මේ යුගය බොහෝ මැන්ඩෙලාලා අවැසි යුගයක් වන අතර එසේම සෑම යුගයකම අරග​ලය නොනැවතී ඉදිරියට යෑමට ​​ධෛර්යවන්ත මිනිසුන් උවමනා කරන නිසාවෙනි. ‘මදීබා’ යනු එවැනි ​​ධෛර්යවන්ත මිනිසෙකි. නමුත් දැන් ඔහු නික්ම ගොස් තිබේ. නමුත් සාධාරණත්වය සදහා වූ අරගලය තවම තවමත් නිමවී නොමැත. ඔහු ඉතිහාසයට එක්වන්නේ ඔහුගේ කොටසට මානව වර්ගයා වෙනුවෙන් යුතුකම් ඉටුකළ වීරයෙකු ලෙසිනි.

වරක් ඔහු මෙසේ පැවසීය “ලොව කළ නොහැකි දේවල් කියා දේවල් පවතින්නේ එය කරන තුරු පමණි”

එම නිසා මේ මොහොත එලඹ ඇත්තේ මැන්ඩෙලා වෙනුවෙන් හැඩීමට හෝ දුක් වීමට නොව අරගලය ඉදිරියට රැගෙන යාමටය. එයට තවත් බොහෝ ‘මදීබා’ ලා උවමනා කර ති​බේ.

පසන් ජයතිලක | Pasan Jayathilaka