තුන්සිය හැටපස් දවසක්
මරාදමා දහස් ගණන්
අඩකුණු කර සිහ කොඩිය
නොකරන් අවමන් මඩීබාට

ඉතිහාසය හැමවේලෙම
අයිතිව ඇති වීරයන්ට
රාජ උෂ්නෙට මුවාව
නොකරන් අවමන් මඩීබාට

බෙදා කොටා මරා දමා
බලය සමග වෙට්ටු දමා
නිගා දුන්න මනුස්සකම
ඒකාධිපති කදුලු ඇවැසි නැත
වීරයයෙකුගේ මළගමකට

වීරයන්ට හිමි පොළවත්
වීරයන්ට හිමි හදවත්
රජෙකුට බෑ මිලට ගන්න
ලේ තැවරුනු අතකින් බෑ
මදීබාට මල් පුදන්න

[ලංකාපුත්‍ර විසිනි]