‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2013 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550කට වැඩි සංඛ්‍යාවක්, වීඩියෝපට මෙන්ම ඡායාරෑප සිය ගණනක් පළ කර අති අතර ඒ සදහා සියගණනක් ලැබුණු ප්‍රතිචාර තුලින් සහ ඒවා වෙනත් වෙබ් අඩවි සහ ඇතැම් මුද්‍රිත මාධ්‍යන් විසින් උපුටා දැක්වීම තුළින් සංවාදයට බදුන් වී ඇත. විශේෂයෙන් එම පළකිරීම් ෆේස්බුක් ගිණූමේ 2000කට ආසන්න සාමාජිකයින් අතර ද, ටිවීටර් සමාජ ජාලය තුල 1500කට වැඩි Followers ප්‍රමාණයක ට්විටර් 1000කට වඩා වැඩි ට්විටර් ප්‍රමාණයකින් එම සංවාදයන් තුළ සැලකිය යුතු අදහස් ප්‍රමාණයක් හුවමාරැ කරවීමට සමත් විය.

බොහෝ අවස්ථාවලදී එම අන්තර්ගතයන් සම්පාදනය කිරීමට සහ පෝෂණය කිරීමට විවිධ ක්ෂේත්‍රයන්ට අදාල පුද්ගලයින් සහ කණ්ඩායම් දායක විය. ඡායාරෑප, වීඩියෝ, මෙන්ම පුරවැසි කතා, අදහස් මෙන්ම සමාජ දේශපාලනික අන්තර්ගතයන් අඩංගු ලිපිවල ස්වරෑපය ගත් මෙය, අපගේ සමාජ, සංස්කෘතික සහ දේශපාලනික වියමන තීරණය වුනු ප්‍රධාන ගැටලු, ක්‍රියාවලි සහ සිදුවීම් මහත් උනන්දුවකින් විමසා බැලිනි.

2013 වසරේ අවසන් කර්තුවේදී විශේෂයෙන් විකල්ප වෙබ් අඩවිය නවතම තාක්ෂණයට අනුව, නව පෙනුමකින් මෙන්ම නවතම අන්තර්ගතයන් සමගින් විකල්ප 3.0 පිටපත අන්තර්ජාලය තුළ එළිදැක්වීමට හැකි විය. අන්තර්ජාල මාධ්‍ය භාවිතාව තුළ ලොව පවතින ඉහළම තාක්ෂණයට අනුව සහ තත්ත්වයෙන් ඉහළ පෙනුමකින් සහ ඉහල අගයකින් යුත් වර්ණ සංකලනයකින් නව විකල්ප වෙබ් අඩවිය සංවර්ධය කර ඇත. දැනට පවතින ඕනෑම මෙහෙයුම් පද්ධතියකින්(OS) විකල්ප වෙබ් අඩවිය දර්ශණය වන අතර, විශේෂයෙන් ජංගම දුරකතන හරහා විකල්ප වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය නවීන පහසුකම්වලින් ද, නවීන දුරකථන සහ ටැබ්ලට් වලින්ද, ඕනෑම browser කින් ද, පහසුවෙන් සහ වේගයෙන් විකල්ප 3.0 නවතම පිටපත 2013 දී පාඨක ඔබ හමුවේ තැබීමට හැකි වීම සතුටට කරැණකි.

අප 2012 වසරේ, වසර අවසාන විග්‍රහයේදී සදහන් කළ ලෙසම, විකල්ප වෙබ් අඩවිය, අන්තර්ජාල ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය නම් සාමූහිකය සමග එක්ව විශේෂයෙන් අන්තර්ජාල නිදහස සම්බන්ධව කථිකාවකට මුලපිරීමටත් අන්තර්ජාල නිදහස, ආරක්ෂාව සහ ඒ හා බැදි විවිධ අධ්‍යාපනික උපදෙස් වලින් සමන්විත වේබ් අඩවියක් වන www.imalanka.org නම් වෙබ් අඩවියට ද ඒ සම්බන්ධයෙන් වන මහජන කථිකාවකට ද මුලපිරීමට හැකි විය.

2013 වසරේදී නොවැම්බරයේ දී, ලංකාවේදී පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුලුව පිළිබදව විවිධ පැති මානයන් ගෙන් වූ වීඩියෝ සටහන් ද CHOGM ආශ්‍රිතව අප වෙබ් අඩවිය තුළ පළ කලෙමු.

එමෙන්ම ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා විසින් සිවිල් සමාජ ක්‍රියාදරයන්ට එල්ල කරන ලද වෛරී ප්‍රහාරයන් පිළිබදව මෙන්ම එයට විරෝධය දක්වමින්, කාන්තාවන් විසින් සිදු කල සාමකාමී විරෝධය ඉදිරියේ පොලීසිය හැසිරැනු ආකාරය පිළිබදව ඡායාරෑප සහ වීඩියෝ දර්ශන ද අප විසින් ඉදිරිපත් කල අතර එය වෙබ් අඩවි ගණනාවක් මෙන්ම එහි එක් ඡායාරෑපයක් රාවය පුවත්පත විසින් සිය ප්‍රධාන ඡායාරෑපය ලෙස ප්‍රසිද්ධ කිරීමෙන් එය වඩාත් සංවාදයට බදුන් විය.

එසේම ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරැ ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව ඇතිවූ විරෝධතාවයන් ආවරණය කිරීමටත්, එහි දී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හසුකර නොගත් ඇතැම් රෑප රාමූ සහ ඡායාරෑපද විකල්ප විසින් අන්තර්ජාලය තුළ බෙදා හරින ලදි. එසේම අතුරැදහන් වූවන් පිළිබදව ද, උතුරේ සිය ඉඩම් අහිමි වූ දෙමළ ජනයා පිළිබදව ද විශේෂාංගයන්, ඡායාරෑප මෙන්ම විඩියෝ සටහන් ද තැබීමට අප සමත් වූයේමු.

2013 වසරේ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය, ලංකාවේ සංචාරයකට එක්වෙමින් උතුරේ කල සංචාරයේදී ඇය හමු වී සිය ගැටලු ඉදිරිපත් කල දෙමළ ජනයාට ආරක්ෂක අංශ විසින් යැයි සැක කළ හැකි කණ්ඩායම්ගෙන් එල්ල වූ තර්ජනයන් අප විකල්ප වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කලේ වීඩියෝ සාක්ෂීන් ද ඇතුලත්වය.

යුද්ධයෙන් පසුව උතුරැ පළාතේ පවත්වනු ලැබූ පළාත් සභ මැතිවරණයත්, එහි සිදුවීම් එම මොහොතේම ටීවීටර්, ෆේස්බුක් සහ අප වෙබ් අඩවිය හරහා ඡායාරෑප, වීඩියෝ සහ වාර්තා මගින් ප්‍රසිද්ධ කරනු ලැබූවේ, විශේෂයෙන් දකුණේ සිංහල ප්‍රධාන ධාරාව ඒවා එළෙස හසුකර ගැනීමට මැලිකමක් දක්වමින් සිටිය දීය.

එසේම 2013 වසරේ විකල්ප වෙබ් අඩවිය නිශ්පාදනය කල සුවිශේෂී වීඩියෝ සටහන් අතුරින් ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරීනියක වූ සුනිලා අබේසේකර මහත්මියගේ සමුගැනීම පිළිබදවත්, ප්‍රකට කවියෙක් වූ පුදුවෙයි අතුරැදහන්කරවීම සම්බන්ධයෙනුත්, වැලිවේරියේදී සන්නද්ධ අංශ විසින් විරෝධතා කරැවන්ට වෙඩිතබා ඝාතනය කිරීම පිළිබදවත්, සරසවි සිසුන්ගේ විරෝධතාවයන්, විදුලි බිලට එරෙහි විරෝධතාවයන්, මාධ්‍ය නිදහසට එල්ලකරන ලද ප්‍රහාරයන් මෙන්ම රෙදි සෝදන මිනිසුන්ගේ ජීවිත පිලිබදව කෙටි වීඩියෝ පටයක් සහ උතුරේ වලිකාමම් ජනයාගේ ඉඩම් ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටීම පිළිබදව ඔවුන් දක්වන ලද විරෝධය පිළිබදව කෙටි වීඩියෝවක් ද අප නිශ්පාදනය කරනු ලැබීය.

එසේම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආවරණය කිරීමට මැලිකමක් දක්වන මෙන්ම ආවරණය නොකීරීමට පරිස්සම්වන සුවිශේෂි ඉසව් කරා 2013 වසරේදී ත් ‘විකල්ප’ වෙබ් අඩවිය, සිය මාධ්‍ය භාවිතාව සිදු කරමින් සුවිශේෂී සළකුණක් සටහන් කළේය.

ලංකාවේ නීති්‍යානුකූල බන්ධනාගාර තුළ මරා දැමුනු නිමලරෑබන් පිළිබදව මෙන්ම විරෝධතාවයන් වලදී මරා දැමුනු හලාවත ඇන්ටනී ධීවරයාත්, කටුනායකදී මරා දැමුණූ රෝෂේන් චානකත්, දකුණේදී මරා දැමුණු තරාකී හෙවත් ධර්මර්තනම් සිවරාම් මාධ්‍යවේදීයාගේ ඝාතනය වැනි සමාජයට අමතක වී යන අයුක්තීන් පිළිබදවත් නැවත නැවතත් මතක් කර දීමට 2013 දීත් අප සමත් වීමූ.

කෙසේ නමුත් ස්වාධීන මාධ්‍යකරණය අන්තරායකර ලෙස අවහිරකරමින්, විවිධ බාධාවන් එල්ලකරමින් සහ සියුම් ලෙස නිරීක්ෂණය කරමින් ඇති තත්ත්වයක් තුළ වුව ද වෙබ් ජාලය පදනම් කර ගත් නව මෙවලම්වලට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාකාරිත්වයන් සියුම් ලෙස පරීක්ෂාවකට ලක් කළ හැකි බව මෙයින් විදහා දැක්විණ.

එපමණක් ද නොවේ. සහජයෙන් ම ප‍්‍රචණ්ඩ පාලන තන්ත‍්‍රයන් නිරුවත් කිරීමට අන්තර්ජාලය සතු හැකියාව එන්න එන්න ම වර්ධනය වෙමින් පැවතීම ද ඒ අතර වර්තමානයේ සුවිශේෂය. මර්දනය පිළිබඳ අවධාරණය වැඩි වන තරමට කතා පුවත් එළිදරව් කිරීමට කෙරෙන බල කිරීම නොවැළැක්විය හැකි ලෙස වර්ධනය වෙයි. එම තත්ත්වයන් තුළ වුවද, නානාවිධ පුරවැසියන් විශාල සංඛ්‍යාවක කැප වීම ඔස්සේ විකල්ප වෙබ් අඩවිය වසර 6කට වඩා කාලයක් සුවිශේෂී ඉලක්ක ගත ක්ෂේත්‍රයන් තුළ මහජන සංවාදයට සහය වී ඇත. එම සංවාදයන් පෝෂණය කිරීමට ශක්තියක් සපයා ඇත. එසේ නොවන්නට සමහර විවාදාත්මක කාරණා වැලලී යන්නට තරම් ඉඩ තිබිණි. එසේත් නැතිනම් එතරම් අදාළ නොවන තත්ත්වයකට පත් වන්නට ඉඩ තිබිණි.

මේ සියලු දෙයත් සමග, ෆ‍්‍රීඩම් හවුස් සංවිධානය 2013 දී ත් මාධ්‍ය නිදහස පිළිබඳව නිකුත් කර තිබූ ”මාධ්‍යයේ නිදහස” Freedom of the Press නම් වාර්ෂික වාර්තාවේ දී, අන්තර්ජාලය සහ වෙබ් අඩවි වාරණය ඉහළ ගොස් ඇති බව අවධාරණය කරමින්, විකල්ප සහ අප සහෝදර ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවිය ගැන මෙසේ සඳහන් කරයි:

”සමස්ත මාධ්‍ය වාතාවරණය තුළ වෙබ් අඩවි පදනම් කර ගත් මාධ්‍යය සහ බ්ලොග් අඩවි උර දෙන කාර්ය භාරය වර්ධනය වෙමින් පවතී. ග‍්‍රවුන්ඞ්වීව්ස් සහ විකල්ප වැනි මාධ්‍ය ආයතන ප‍්‍රවෘත්ති සහ නානාවිධ විවරණ, ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යය විසින් කලාතුරකින් ආවරණය කරන සංවේදී තොරතුරු සහ සිදුවීම් පවා සම්පාදනය කරයි.”

(එම වාර්තාව සදහා පිවිසෙන්න)

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාව තුළ අන්තර්ජාල අන්තර්ගතයන් වාරණයන් සහ අවහිරකිරීම් ඉදිරියේදී ද තියුණු අන්දමින් වැඩි වෙමින් පැවතීමට හැකි තත්ත්වයක් තුළ විකල්ප අඩවියට 2014 වසර අභියෝගාත්මක වසරක් විය හැකි ය.

අභියෝගයන් මෙසේ අඛණ්ඩව වර්ධනය වෙමින් පැවතිය ද, පුරවැසි මාධ්‍යක් ලෙස වෙබ් මාධ්‍යය සඳහා තවත් වටයකින් අපට හැකි පමණින් දායක වීම ඉදිරියේදීත් අඛණ්ඩව සිදු කිරීම අපගේ අරමුණයි. අනෙක් වැදගත් කරුණ වන, නිදහස් මතවාදවලින් තොර පාලනය, අධිපතිපාලනය, ප‍්‍රචණ්ඩත්වය, ආගමික අන්තවාදීන් විසින් සිදුකරන ප්‍රචණ්ඩ තත්ත්වයන් සහ අසීමිත දූෂණය නිසා ඛේදජනක ලෙස මග හැරෙන, යුද්ධයෙන් පසු ලංකාවේ ඉඩප්‍රස්ථා පිළිබඳව කෙරෙන මහජන විවාදයට අතිශය වැදගත් වන අන්තර්ගතයන් විකල්ප අඩවියෙහි ඇතුළත් කර ගැනීම ඒ තුළ ප්‍රමුඛ වෙයි.

මේ සියලූ දෙයට ඔබගේ දායකත්වය ලබා දෙනු ඇතැයි ද, ඔබ සතු ශක්තීන් සහ අදහස් බෙදාහදා ගනු ඇතැයි ද පෙර කවර දාටත් වඩා අර්ථාන්විත ලෙස මෙම කටයුතුවලට දායක වනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.

Sampath-TTසම්පත් සමරකෝන්
සංස්කාරක, විකල්ප
2013 දෙසැම්බර් 30 දා,

* මෙම වර්ෂ අවසාන විවරණයේ අනිකුත් ඡායාරෑප, වීඩියෝ සහ සටහන් සදහා පිවිසෙන්න.