”ඉස්සර කාලේ ගෙවල් කඩලා බඩු හොරකං කරගෙන යන්නේ හොරැ. නමුත් අපේ දරැවන්ව ආරක්ෂක අංශ තමයි හොරකං කරන් ගිහිල්ලා තියෙන්නේ. අපේ ළමයින් ගැන කාගෙන් අහන්නද කියා අපි දන්නේ නැතුවයි ඉන්නේ.”

”දැන්දවස් 15කට ඉස්සෙල්ලා සීඅයිඩී ය ඇවිත් ඔයාගේ පුතාව අපි නිදහස් කළා කියලා කිව්වා. එහෙම නම් පුතාව කවදා ද නිදහස් කළේ? කොහේ දී ද නිදහස් කළේ? කාටද භාර දුන්නේ කියලා මම ඇහුවා.”

”ඒයාලා සිංහළෙන් මොනවදෝ ලිව්වා. ලියලා මට දුන්නා. මම ඒකට අත්සන් කළේ නෑ.” යැයි මන්නාරමේ පදිංචි, උදය චන්ද්‍රා නම් මවක්, අතුරැදහන් කළ සිය දරැවා පිළිබදව වේදනාව ප්‍රකාශ කළේ පසුගිය 27 දා සීදුව රද්දොලුව අතුරැදහස් වූවන්ගේ ස්මාරකය අසල පැවති අතුරැදහන් වූවන් සිහි කිරීමේ වැඩසටහනක දී ය. ඇය තව දුරටත් ප්‍රකාශ කළේ ඇයගේ පුතා රැගෙන ගියේ හමුදාව බවයි.

‘‘හමුදාපාලනය යටතේ අපි ඉන්නකොට තමයි මගේ පුතා අතුරැදහන් කළේ. මම ඒක හරියටම කියනවා. හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘

‘‘රජයෙන් අපි හාල්, පරිප්පු, ලුණු ඉල්ලුවේ නෑ.
අපේ ළමයි කෝ?
උඹලා තමයි අපේ ළමයිව අරගෙන ගියේ.
අපේ ළමයින් දිපං‘‘

‘‘මගේ එක ළමයෙක් විතරයි අතුරැදහන් වෙලා තිබෙන්නේ. බොහෝ දෙමාපියන්ගේ ළමයින් දෙන්නෙක්, තුන්දෙනෙක්, හතර දෙනෙක් පමණ හමුදාවට භාර දීලා, දැන් ඒ ළමයි නැතුව ඒ දෙමව්පියන් ඉන්නවා.‘‘

‘‘භාර වූ ළමයි ගැන දෙමව්පියන් විමසන විට, කොයි හමුදාවට ද භාර දුන්නේ? කොයි නේවි එකට ද භාර දුන්නේ? කොයි පොලීසියට ද භාරදුන්නේ කියලා අහනවලු.‘‘

‘‘කාකි පාට නම් පොලීසිය, කොලපාට නම් හමුදාව, නිල් පාට නම් නේවි එක, එක් විතරයි අපි දන්නේ.‘‘

‘‘ඒ අය මොනවද අදගෙන හිටියේ, ඒ අයගේ පටිය මොකද්ද කියලා බලන තත්ත්වයේ නෙවෙයි අපි හිටියේ. අපේ දුක පිළිබදව ජනාධිපතිගේ කණට ඇහෙන්න කියන්න. අපේ උදව් කරන්න ඕන කියලා හිතනවා නම් කවුරැ උනත් කමක් නෑ, ජනාධිපතිගේ කණට ඇහෙන්න අපේ කදුළු පිළිබදව කියන්න. එයාගේ කණට ඇහිලා, එතකොට හරි එයාගෙ ගල් හිත උණු වෙයි ද නැද්ද කියලා බලමු.‘‘

‘‘මරණ සහතික දෙන්න අපේ ගෙදරට එහෙම කවුරැ හරි ආවොත් සෙරෙප්පුවෙන් තමයි ගහන්නේ. අනිවාර්යයෙන් සෙරෙප්පුවෙන් ගහලා එළවනවා. මගේ පුතා එල්ටීටීඊ නෙවේ. එල්ටීටීඊ දැන් විනාශ කරලා නේ තියෙන්නේ දැන්වත් මගේ පුතා නිදහස් කරන්න. මගේ පුතාට වෙඩි තියලා මරලා තිබුනා නම් හරි කමක් නෑ. මාලයක් දාලා අඩලා මගේ පුතා මැරැණා කියාල හිත සනසන ගන්න තිබුනා. මගේ පුතා මොනවද කන්නේ, මොවද බොන්නේ, කොහෙද නිදාගන්නේ, මොනවද කරන්නේ කියලා දන්නේ නැතුව හැමදාම දුක් විදිනවා. අවුරැදු 4ක් තිස්සේම මේ පිංතූරය සමගයි ජීවත් වෙන්නේ.‘‘

IMG_0301

IMG_0305