(Image : Vikalpa | ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රණගල විරෝධතා පුවරැ ඉරා දමමින්)

Video | ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, හඩ්සන් සමරසිංහ සභාපතිවරයාට එරෙහිව ලංකාවේ ස්ත්‍රී ව්‍යාපාරයක් සහ මානව හිමිකම් ක්‍රීයාකාරීන් විසින් අද(02) සවස ගුවන් විදුලි සංස්ථාව අසලදී සාමකාමී විරෝධතායක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ එයට බාධා කරමින් මැර පිරිසක් විසින් හූ කියමින්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු ඇතුලු රැස්ව සිටි ස්ත්‍රීන්ට අසභ්‍ය ලෙස බැණ වැදී එම විරෝධතාවය කඩාකප්පල් කිරීමට උත්සහ කළේය.

පොලීසියේ සාමය ආරක්ෂා කිරීම

මෙහිදී එම ස්ථානයේ පොලීසියේ විශාල ප්‍රමාණයක් රැදී සිටි අතර විශේෂම ‘දෙය‘ වූයේ, පොලීසිය විසින් විරෝධය කඩාකප්පල් කිරීමට පැමිණී මැර පිරිසට සහය දක්වමින්, සාමකාමීව රැස්වූ විරෝධතාකාරියන් එතැනින් පළවා හැරිමට උත්සහ කිරීමය.

ජේ්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරීවරයා විරෝධතා පුවරැ ඉරා දමමින් මැරයින්ට පහසුකම් සලසයි.

සාමකාමී විරෝධතාකාරියන්, මැරයින්ගෙන් ආරක්ෂා කිරීම වෙනුවට දක්නට ලැබුනේ, රණගල නම් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විරෝධතා පුවරැ ඉරා දමමින් විරෝධතාවයට පැමිණි ස්ත්‍රීන්ට බැණ වදිමින් ඔවුන් පළවා හැරීමයි. මෙම රනගල නම් පොලිස් අධිකාරිවරයා ධර්ම චක්‍රය සහිත නිළ ඇදුම ද ඇග ලා ගනිමින් වහසි බස් කියමින්, ද්වේශ සහගත ආකාරයට නීතිය ද පාගා දමමින් සිය නිරැවත් භාවය ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට එළි දැක්වීමයි. මෙම පොලීස් අදිකාරීවරයා විසින් මෙසේ නීතිය පාගා දමමින් හැසිරැනු පළමු අවස්ථාව මෙය නොවේ. හිටපු අගවිනිසුරැවරිය වූ ශිරාණි බණ්ඩාරනායකට, අපලා ද කියමින් අලුත් කඩේ අධිකරණය ඉදිරිපිට හු කියමින් සිටි මැරයින් ආරක්ෂා කලේ ද, මෙම පොලීස් නිළධාරියා ය.

පහත පළවන්නේ එම රණගල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නිළ ඇදුමක් ද සහිතව, පොස්ටර් ඉරා දමමින්, විරෝධතාවය කඩාකප්පල් කිරීමට පැමිණී කුළි මැරයෙක් ලෙස හැසිරැනු ආකාරයේ විඩියෝ දර්ශණයි.

රණගල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නිළ ඇදුමක් ද සහිතව, පොස්ටර් ඉරා දමමින්

නීතිය ආරක්ෂා කරනවා යැයි කියන පොලීසියකට, ද්වේශ සහගත ලෙස විරෝධතා පුවරැ ඉරා දමමින්, සාමකාමී විරෝධතාවයක් විසුරැවා හරින්නට බලය දුන්නේ කවුද?

විරෝධතා පුවරැ පොලීසියේ උසස් නිළධාරියෙක් විසින් ඉරා දැමීම, සාමකාමී ලෙස විරෝධය දැක්වීමටත්, ප්‍රකාශණයේ නිදහසටත් ඇති අයිතිය පොලීසිය විසින් ම අමු අමුවේ උල්ලංඝණය කිරීමක් නොවන්නේ ද?

මේ පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ තිබෙන පොලීසිය මෙසේ හැසිරීම පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්ති උණූ උණූවේම උල්ලංඝණය කිරීමක් නොවන්නේද?

(මෙම විරෝධතාවයේ අනිකුත් සටහන්, ඡායාරෑප සහ වීඩියෝ දර්ශණ මෙන්ම පොලීසියේ සහ මැරයින්ගේ ක්‍රියාකලාපයන් අඩංගු සුවිශේෂී දර්ශන ඉතාමත් ඉක්මනින් ‘විකල්ප‘ වෙබ් අඩවිය තුළින් බලාපොරොත්තු වන්න)