Image Credit:dbsjeyaraj

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක (ප්‍රෝසේකියුටර්) ධූරය හොබවන ෆාටව් බෙන්සියුඩා මහත්මිය සමඟ මෑතකදී මා විසින් පවත් වූ සම්මුඛ සාකච්චාවේදී එක්තරා වැදගත් කාරණයක් ශ්‍රී ලංකාව හා සම්බන්ධයෙන් අවධාරණය කරනු ලබුවාවය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටුවීමට මූලික වූ රෝම ආඥාපනත තවමත් පිළිගෙන නැති අතර එහි සමාජිකයෙකුද නොවේ. එබැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාලව ඍජුව කටයුතු කිරීමට නොහැකිය. නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ආරාධනය මත එම අධිකරණයට රාජපක්ෂට එරෙහිව එල්ල වී ඇති චොද්නා ගැන සලකා බැලිය හැකිය. එය මීළඟට සම්මත කිරීමට යෝජිත එක්සත් ජාතීන්ගේ යෝජානවලින් පසු නිර්මාණය විය හැකි අතිශය තීරණාත්මක පියවරක් වනු ඇත. එම පියවරේදී චීනය මෙන්ම රුසියාවද, ලිබියාවේ ගඩාෆි සම්බන්ධයෙන් ගත් ස්ථාවරයම ගනු ඇත.

“නීතියට ඉහලින් කිසිකෙනෙකු නැහැ. තත්වය, වත්පොහොසත් කම, බිය හෝ කැමැත්ත සලකලා අපි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ,” ඇය එහිදී ප්‍රකාශ කළාය. ලංකාවේ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කිරීම සඳහා තම මතය ඉදිරිපත් කිරීම ඇය ප්‍රතික්ෂේප කළ නමුත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ කාර්ය භාරය මෙන්ම මේ වන විට අප්‍රිකානු රටවල වෙසෙන අපරාධ කාරයින් සම්බන්ධයෙන් අධිකරණයේ වැඩපිළිවෙල සවිස්තරව ඉදිරිපත් කළාය. විශේෂයෙන්ම මේ වන විට කෙන්යාවේ ජනාධිපති ලෙස කටයුතු කරන කෙන්යාටා සහ ඔහුගේ උප-ජනාධිපති සම්බන්ධයෙන් පවතින දැඩි ස්ථාවරය එහිදී පැහැදිලි කළාය. රාජපක්ෂ අප්‍රිකානු නායකයින් සමඟ මෙන්ම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටවල් සමඟ ඉතා කිට්ටු සම්බ්න්ධතා පවත්වන්නෙකි. ඊට ප්‍රධාන හේතුව ජාත්‍යන්තර වශෙයෙන් රාජපක්ෂව හිර කළ හැකි අතිශය තීරනාත්මක වැඩපිළිවෙල ඒ හරහා ලියවී ඇති හෙයිනි.

නිතීයට ඉහලින් මෙන්ම බලයට ඇති සීමා මායිම් තම බල තණ්හාව නිසා විනාශ කොට “මෝහයෙන් පිරුණු දේශප්‍රේමය” නමැති වසංගතයෙන් රටේ ජනතාව රෝගීන් කොට ඔවූන්ගේ බලය හීන කොට රටම කාබාසිනියා කරමින් රාජපක්ෂ නමැති වෛරසය නටන නාඩගම දේශීය වශයෙන් විනාශ වීම සඳහා තවත් කාලයක් අවශ්‍ය නමුත් ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් නිර්මාණය වන පසුබිම සැබවින්ම තර්කානුකූල වන්නා සේම ක්‍රමෝපායිකද වේ. මෙම කාරණයේදී රාජපක්ෂ මෙන්ම ඔහු විසින් රටේ නීතිය අල්ලේ නැටවීමට ඉඩ ලබාදුන් සියලුම දෙනා පැහැදිලිවම දැඩි දඬුවම් වලට ලක් විය යුතුවා පමණක් නොව මහජන අප්‍රසාදයට පත් විය යුතුය. රාජපක්ෂ කවුද? කුමක්ද? යන්න හඳුනාගැනීම සඳහා මේ වන විටත් ප්‍රමාණවත් පාඩම් මුළු රටටම ලැබී ඇති අතර එය පැවතීමට ඉඩදීමෙන් තවදුරටත් මුළු රටම වැටී ඇති අඝාදයයෙන් ගොඩ ඒම සඳහා ඇති ඉතා කුඩා මාවත් පවා වැසී යා හැකිය.

ඇතැම් දූපත් තාවකාලිකව යටත් කොට එම දූපත් තමන්ගේ රාජධානීන් බවට පත්කරගත් මංකොල්ලකාරී කල්ලි ඉතිහාසය පුරාම දක්නට ලැබුණු සිද්ධියකි. වර්තමානයේදී දැකීමට ඇත්තේ, තාක්ෂණය සහ ඔවුහු භාවිතාකරන මෙවලම්වල වෙනස් වීම පමණි. එවැනි අනතුරුදායක ප්‍රවණතාවයන් හටගත් සෑම අවස්ථාවකදීම ඒවා නැතිකිරීම සඳහා මහජනතාවට විශාල කැපකිරීම් කිරීමට සිදු වූහ.

වර්තමානයේදී දක්නට ලැබෙන ප්‍රභලම මංකොල්ල කෑම වූකලී නිතීය සහ ඊට හිමි බලය මංකොල්ල කෑමයි. රාජ්‍යක ගරුත්වය සහ පිළිගැනීම රඳාපවතින්නේ එම රට තම නිතී රාමුව තුළ කොතරම් දුරට සාදාරණය ඉෂ්ඨ කරන්නේද යන්න මතය. එබැවින් නීතියට උතුම් කොට සැලකීම සහ ඊට ඉහලින් කිසිවෙකු නොතැබීමට කටයුතු කිරීම නිතීයේ මුලික අරමුණ වේ. මෙය ලංකාව හා සම්බන්ධයෙන් ගෙන බැලීමේදී 70 දශකයේ අගභාගයේදී මෙය සම්පූර්ණයෙන්ම වෙනස් වූ අතර රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වීමෙන් පසු එය තවදුරටත් විනාශ විය. අතීතයේදී සිටි නායකයින් සිදුකළ වැරදි තීරණ නැවැරදි කරනු වෙනුවෙට ඒවා අතිශය කූඨ ලෙස පාවිච්චි කිරීමට මිස එවැනි දෑ නිවැරදි කිරීමට මෙරට නාකයින් බිහි නොවීය.

ලංකාව සම්බන්ධයෙන් උද්ගත වේ ඇති තත්වය සම්පූර්ණයෙන්ම නාභිගත වී අත්තේ මෙම කාරණය මූලික කොට ගනිමිනි. මෙය මඟින් ලංකාව සුරක්ෂිත කරන්නේද නොඑසේනම් රාජපක්ෂ පරාජය කොට ලංකාව බේරාගනේද යන ගැටලුවට පිළිතුරු ලබා දීමට අවස්ථාව උදා වී තිබේ. සැබවින්ම ජානාධිපති රාජපක්ෂ වෙනුවෙන් මහජනතාව කැපවීම, ඔහුගේ ප්‍රකාශ පිළිගනිමින් හෙතම කෙරෙහි විශ්වාසය තැබීම මුලාවක් බව තේරුම් ගැනීමට තවදුරටත් සාක්ෂි අවශ්‍ය නොවේ.

ජනාධිපති රාජපක්ෂ වූ කලී අතිශය සාර්ථකව නිර්මාණය කිරීමට තිබු රටක් තම පෞද්ගලික සුඛ විහරණය සඳහා එම අවස්ථා සියල්ලම දුෂ්‍ය කළ අයෙකි. ඔහුට නිර්මාණයට වඩා අවශ්‍ය වූයේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන තම අරමුණු වෙනුවෙන් පෙනීසිටීමටය. ඒ සඳහා නිර්මාණාත්ම බොරුවක් “නිදහස” ලෙස අර්ථගන්වා පවත්වා ගැනීමය. එය රටට අවශ්‍ය වැඩපිළිවෙලක් නොව රට තවදුරටත් විනාශයට ඇද දමන ක්‍රමවේදයක් පමණක් විය. ඒ නිසා ලෝකය හමුවේ කීර්තිය වෙනුවට අපකීර්තියට පත් විය.

රාජපක්ෂගේ ආසාව වූ කලී මෙය තවදුරටත් පවත්වාගැනීම සහ තම මායාව තුළ දකින සිහිනය සැබෑවනු දැකීමය. එහි කෙතරම් දුරටත් මානසික වශයෙන් රාජපක්ෂට පීඩා ගෙන දෙන්නේද යන්න ඔහුගේ ලොකු පුත්‍රයාගේ දෑතට වශී බෝලයක් තනා එය දේශපාලන වෙදීකාවලදී පාවිච්චි කිරීමට අණ කිරීමෙන්ම පෙනේ. මෙවැනි කටයුතුවලින් සිදුවන්නේ යක්ෂයින් ආරුඪ වීම සහා ගරා යක් නාඩගම් පමණක් ජනතාවට ඉතුරුවීමය. මෙවැනි යක්ෂයින්ට කළ හැක්කේ කැබලිවලට කඩමින් පවත්වනු ලබන මැතිවරණ ජයගැනීමට විනා රටට අවශ්‍ය කටයුතු සිදුකිරීමට නොවේ.

indexනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa

[නිලන්ත ඉලංගමුව විසින් ලියනු ලැබූ නවතම කෘතිය, “නග්න බලය”, නමින් පසුගියදා ප්‍රසිද්ධ කෙරුණි. වැඩිවිස්තර සඳහා www.amazon.com වෙත පිවිසෙන්න.]