මීට වසර දෙකකට පමණ පෙර ධිවර විරෝධතාවයට පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කළ ඇන්ටනී ප්‍රනාන්දු ඇතුල් ධීවර කාර්මිකයා ඇතුලු සහෝදර කම්කරැවන් සැමරීමේ වැඩසටහනට සහ සාමකාමී විරෝධතාවයට පොලීසිය විසින් ඉතාමත් සැළසුම් සහගතව කම්බි කූරු සමග සිවිල් ඇදුමින් සැරසුනු මැර පොලිස් කණ්ඩායමක් යෙදවීම නිසා එම සාමකාමි විරෝධය කඩාකප්පල් කිරීමේ, පොලීසියේ මුග්ධ උත්සහය ගැන ‘විකල්ප‘ වෙබ් අඩවිය පසුගිය 16වනදා වාර්තා කලේ ”ධීවර සැමරැමට හැදුනුම්පත් සහිත නිළ මැරයින් කඩා වදී” යන ශිර්ෂ පාඨයෙන් යුතු විඩීයෝ සටහනක් ද සමගිනි.

එම හැදුනුම්පත් සහිත සිවිල් මැරයින් සමග කුළියට ලබා ගත් යැයි සිතිය හැකි කැමරා ශිල්පීන් යොදවා විරෝධතාකරැවන් ඡායාරෑප ගත කරමින් සිටියදී එය ද ප්‍රශ්ණ කළ විරෝධතාකරැවන්ට පොලීසියේ ප්‍රතිචාරය වූයේ ‘ඇයි අපිට පොටෝ ගන්න බැරිද?‘ යන්නයි. කෙසේ නමුත් මෙම සිදුවීම කෙළවර වූයේ එම ස්ථානයට පැමිණ සිටි හලාවත ජ්‍යේෂ්්‍ය පොළිස් අධිකාරිවරයාගේ ‘අපිත් ගනින්කො පොටෝ‘ යන විධානය මත තවත් උසස් පොලීස් නිළධාරියෙක් විසින් තමන්ගේ දුරකතනයෙන් ‘අපිත් ගන්නවා පොටෝ‘ වැනි චණ්ඩි හැසීරීමක් පෙන්වමින් විරෝධතා කරැවන් ඡායාරෑප ගත කිරීමයි.

කෙසේ නමුත් පොලීසියේ මෙම නාටකය විසින් පොලීසියේ චණ්ඩි හැසීරීමත් මෙන්ම කිසිදු වගකීමක් නැතිව නීතිය, අවභාවිත කිරීමත් මැනවින් විදහා දැක්වෙයි.

සම්බන්ධිත වාර්තා

[Video] ‘වානා වා, පෝනා පෝ‘ | පොළීසියේ අලුත් තියරිය

‘ඔව්! ඉන්ට් එකේ තමයි, උන් ඒක හරියට කරේ නෑ‘ පොළිස් කට ඉස්සර වෙයි.

[Video] ධීවර සැමරැමට හැදුනුම්පත් සහිත නිළ මැරයින් කඩා වදී