සිංහල, Human Rights, Human Security, Jaffna, Life quips

ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කළ සිසුන් දෙදෙනෙක් මිය යයි. හයකට තුවාලයි.

යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී ඊයේ(15) සවස සිසුන් පිරිසක් විසින් ප්‍රදේශයේ තිබී අහුලා ගත් ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කරමින් සිටියදී එය පිපිරි සිසුන් දෙදෙනකු මිය ගොස් තවත් සිසුන් 6 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ විමසීමේ දී ප්‍රදේශවාසියෙක් අප සමග පවසා සිටියේ ‛තවමත් යුද්ධයේ ශාපයෙන් තමන්ට ගැලවීමට නොහැකි වී ඇති බවත් ය.’

මේ පිපිරීම පිළිබද විමසීමට යාපනයේ පොළිසිය සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සහය ව්‍යර්ත විය.