සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අදට(24) මාසය යි. තවම තොරතුරක් නෑ..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර අදට(24) මාසයක් ගතවී ඇත. ඔහු අතුරුදහන් වූයේ පසුගිය ජනවාරි මස 24වනදා ය. මාසයක් සම්පුර්ණ වන අද වන විටද ඔහු අතුරුදහන් වීම පිළිබඳ කසිදු තොරතුරක් අනාවරණය වී නැතිවා සේම අනාවරණය කර ගැනීමට මෙතෙක් පොළීසියට හැකිවී නැත.

එසේම කිසිදු තොරතුරක් අනාවරණය කිරීමට නොහැකි වූ රටේ ආරක්ෂක අංශ මේ වනවිට පොළිස් නිළධාරීන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පොළිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොළිසීය පවසයි. කෙසේ වෙතත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කිරීම පිළිබඳ පසුගිය මාසය පුරාම විවිධ මානයන්ගෙන් අදහස් සහ පුවත් පළවිය. නමුත් අද වන විට ඔහු තවම ඔහු සොයාගැනීමට නොහැකි වී ඇත.

ලොව ප්‍රභලම ගරිල්ලා සංවිධානය වූ එල්ටීටීඊ සංවිධානය උතුරේ දී මුඑමනින්ම විනාශ කිරීමට හැකි වූයේ යැයි පවසන ලංකාවේ ආරක්ෂක අංශවලට, දකුණේදී අතුරුදහන් කරන ලද මාධ්‍යවේදියෙක් සොයාගැනීමට නොහැකි වූයේ ඇයි., එසේම එම අතුරුදහන් වීම පිලිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට ද මේ වන විට ආරක්ෂක අංශ සමත් වී නැත. එසේ වූයේ ඇයි..?

‛‛මාසයක් ගතවන තුරුත් ප්‍රගීත් අතුරුදහන් කිරීම පිළිබදව කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වූයේ ඇයි..? මෙසේ වූයේ කෙසේ ද..?’’

ප්‍රගීත් අතුරුදහන් කර මාසයක් ගතවන අද දින, මාධ්‍යවේදී ප්‍රගීත් සොයාගැනීමට වෙහෙසෙනවා සේම ඉහත ප්‍රශ්ණ සඳහා අවධානය යොමු කිරීම ඉතාම වැදගත් ය.