පසුගිය 4වනදා, කොළඹ සාමාජයී ය හා සාමයික කේන්ද්‍ර ෙය් දේවස්ථානයට කඩා වැදුනු චීවරධාරී මැරයන් ඇතුලු තවත් මැර පිරිසක් එහි පවත්වමින් තිබූ රැස්වීමට බාධා කළේය.

උතුරැ නැගෙණහිර අතුරැදහන් වුවන්ගේ පවුල්වල ගැටලුවලට සවන්දීමටත්, ඒ සදහා යුක්තිය ඉල්ලා සීටීමටත් කැදවූ සාකච්ඡාවකට, අනවසරයෙන් කඩා වැදුනු, රාජ්‍ය අනුග්‍රහය සමග පැමිණි චීවරධාරීන් සහ ඒම මැර පිරිස විසින් එම සම්මන්ත්‍රණයට බාධා කලේ පොලීසිය බලා සිටිය දීය. නමුත්, නීති්‍යානුකූලව පවත්වාගෙන ගිය රැස්වීමට බලහත්කාරයෙන් කඩා වැදුනු මෙම මැරයින් කිසිදු විටකදී පළවා හැරීමට පොලීසිය විසින් කිසිදු පියවරක් නොගත් බව පෙනෙන්නට තිබුණි. ඇතැමි විට ‘අනේ යන්න ඔයාලා‘. යන කතා පවා පොලීසියෙන් ඇසෙන්නට විය.

කෙසේ නමුත් මෙම වැඩසටහන මෙහෙයවා ඇත්තේ අතුරැදහස්වූවන්ගේ මා පිය සංගමය සහ තවත් සංවිධාන කිහිපයක් විසිනි. එම වැඩසටහනට සවන් දීම සදහා ඇමරිකානු තානාපති නිළධාරීන්, යුරෝපීය සංගමය ඇතුලු තානාපති සේවයේ නිළධාරීන්ද සහභාගී වී සිටි අතර ඔවුන්වද අපහසුතාවයට පත්වන අන්දමට ඒම මැරයින් හැසිරැනු අතර පහත දැක්වෙන්නේ එම මැරයින් හැසුරැනු ආකාරයත්, පසුව එහි සංවිධායකයින් ඒ සාකච්ඡාව පිළිබදව දක්වන අදහස් ඇතුළත් වීඩියෝ දර්ශනයි.