සිංහල, Human Rights, Human Security, Life quips, Nuwara Eliya

තවත් පොලිස් ‛මැරයින්ගේ’ මෘග ක්‍රියාවක්


හැටන් පොලීසියේ පොලිස් නිළධාරින් තිදෙනකු ත්‍රිවීල් රියදුරෙකුට බරපතල ලෙස පහර දී ඇතැයි වාර්තාවේ. සමන්ත දීපාල් ගමගේ වන එම ත්‍රීවිල් රියදුරාගේ ත්‍රීවිල් රථයට ඉකුත් 15දා රාත්‍රියේ ගොඩවූ එම පොලිස් නිළධාරින් තිදෙනා හැටන් බණ්ඩාරනායක නගරයට ගොස් ඇත. පසුව හැටන් පොලීසිය වෙත තමන් ගෙන යන ලෙස යළිත් පොලිස් නිළධාරීන් තිදෙනා ත්‍රිවිල් රියදුරාට පවසා ඇත. එම අවස්ථාවේදී ත්‍රිවිල් රියදුරා එය ප්‍රතික්ෂේප කිරීම නිසා බරපලතල තුවාල සිදුකරමින් ත්‍රිවීල් රියදුරාට පහර දී ඇතැයි වාර්තා වේ.

එම පහරදීමට සම්බන්ධ පොලිස් නිළධාරීන්ගේ මේ වන විට වැඩ තහනම් කර ඇතැයි පොළිස් අරංචිමාර්ග පවසන නමුත් එම පොළිස් නිළධාරින් මේ වන විට අතුරුදහන්ව ඇති බවත් එම වාර්තා වැඩි දුරටත් පවසයි.

පසුගිය 13වනදා වරෙන්තුකරුවෙකු යැයි ත්‍රිකුණාමලයේ මාලු ව්‍යාපාරිකයෙක් පොලීසිය විසින් ඝාතනය කර අදට ගෙවී ඇත්තේ දින කිහිපයකි. ඒ පිළිබදව සහ පොලීසියේ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ඊයේ ‛විකල්ප’ වාර්තා කලේය.
Pic by Daillymirror.lk