සබරගමුව විශ්වවිද්‍යාලයේ තහනම් කළ මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් 5 වහා ස්ථාපිත කරන ලෙසත්, අත්තනෝමතික පන්ති තහනම් 8 ඉවත් කරන ලෙසත්, විශ්වවිද්‍යාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිසුන් ආරම්භ කල අඛන්ඩ සත්‍යග්‍රහයට අදට(18) දින 47ක් ගතවෙද්දී රාජපක්ෂලාගේ පොලිසිය විසින් ඒක පාක්ෂිකව ලබා ගත් අධිකරණ නියෝගයක් අනුව සත්‍යග්‍රහයේ නිරත සිසුන් බලහත්කාරයෙන් අට්ටාලයෙන් ඉවත් කර, අට්ටාලය කඩා දැමුවේය. මේ සඳහා කැරළි මර්දන එ්කකයෙන් හා පොලිස් නිළධාරීන් 300කට අධික පිරිසක් පැමිණි බව පවසන ශිෂ්‍ය නියෝජිතයන්, අට්ටාලය කඩා ඉවත් කළ ද සිසුන් එම ස්ථානයේම රැඳී සිටි අතර පොලිසිය සිසුන්ට පහර දී සිසුන් සමඟ ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් සිටන බවත් ඔවුන් පවසයි.

පසු ගිය 10 වන දින රාත්‍රියේ ආණ්ඩුවේ මැරයන් විසින් සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන්ට අමාෂික ලෙස පහර දුන් අතර එලෙස පහර දුන් මැරයන් හඳුනාගෙන තිබියදී ඔවුන් අත් අඩංගුවට ගැනීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මැරයන් අත් අඩංගුවට නොගත්තද එස්.බී. දිසානායක ඇමතිවරයාට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට බාධා කෙළේ යැයි චෝදනා කරමින් පසුගිය 14 වන දා සිසුන් 12 දෙනෙකුට උසාවියේ පෙනි සිටින්නැයි නියෝග කර තිබුනු අතර පසුව ඔවුන් ඇප මත මුදා හැරිමට කටයුතු කලේය.

මෙම සිදුවීම මගින් පැහැදිලි වන්නේ අධ්‍යාපනයට විකිණීමට එරෙහිව සිසුන් අරගල කරනවිට මෙන්ම එයින් පාලකයන්ගේ බලය අභියෝගයට ලක්වන විට පාලකයින් විසින් මර්දනය කැදවන බවයි. ඒ සදහා ආණ්ඩුවේ පොලීසිය, අධිකරණය ඇතුලු සියලු මර්දනයට යොදා ගන්නා උපකරන භාවිතා කරන බව සිසුන් පවසයි.

කෙසේ නමුත් එම සිසුන් වැඩිදුරටත් පවසා සිටින්නේ, ‘ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපට පැවසීමට තිබෙන්නේ කෙළෙස ශිෂ්‍ය මර්දනය කැදවුද, හෙට දින්යේද නැවතත් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භකරන බවය.‘‘

2

4

6

7

11

12

14623713861_75150b0cb0_k