බ්‍රිටෝ ප්‍රනාන්දු
බ්‍රිටෝ ප්‍රනාන්දු

Image: Vikalpa

‘‘උතුරැ නැගෙණහිර තමන්ගේ දරැවෝ ගැන, මිනිස්සු ගැන හොයන අම්මලාගේ ධෛර්ය හීන කරන්න විවිධාකාරයේ බලපෑම්, මරණ සහතික බලහත්කාරයෙන් නිකුත් කිරීම් සහ තර්ජන පාවිච්චි කරමින් ඉන්නවා, ඔවුන්ගේ ධෛර්ය හීන කරලා ඒ උවමනාව ඉවත් කරන්න. අඩුම තරමේ ඒ අම්මලාට අඬන්නවත් නිදහසක් නෑ.
ඒ විතරක් නෙවෙයි, එදා අතුරැදහන්වීම් වලට විරැද්ධව දේශපාලන නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව යටතේ, එදා මේ ස්ථානයට ඇවිල්ලා අතුරැදහන් වීමක් සිදු උනොත් දේශපාලනයෙන් ඉවත්වනවා යැයි කියපු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව යටතේ අපි එදාටත් වඩා බරපතල ලෙස බියවැද්දීම්වලට, මරණ තර්ජනවලට සහ නොයෙකුත් කරද‍ෙවලට මුහුණ දෙමින් ඉන්නවා.(ඒහි සම්පූර්ණ කතාව අැතුලත් වීඩිෙයා්ව පහතින්..)‘‘
යැයි ඊයේ(27) අතුරැදහන් වූවන් සිහිකිරීමේ ජාතික දිනයේදී අතුරැදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති, බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පැවසීය. 1991 දී අාරම්භ කරන ලද, සීදූව, රද්දොලුෙව් නිර්මාණය කර අැති අතුරැදහන්වූවන් සිහිකිරීමේ ස්මාරකය ඉදිරිපිට දී එම සිහි කිරීම් වැඩසටහන පැවති අතර ඊට පෙර රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් එහි සංවිධායකයන්ට එරෙහිව මඩ ප්‍රචාරයක් සහිත පෝස්ටර් ද අලවා තිබිණි. එසේ මඩ ප්‍රචාරයන් දියත් කර තිබියදී ද එම සැමරැම් වැඩසටහනට විශාල පිරිසක් සහභාගී වී සිටියේ එම මඩ පෝස්ටර් ඇලවූ නරැමයන්ට අභියෝගයක් ද එල්ල කරමිනි.

එහිදී බ්‍රිටෝ ප්‍රනාන්දු දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්…