සිංහල, Democracy, Election, Governance, Human Rights, Jaffna, Life quips

‛ඔව් අපි සිංහළ, රටත් සිංහළ. ඒක හිංදා අහගෙන ඉන්නවා…. අතිගරු ජනධිපති දෙමළ ජනතාව අමතයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 1වනදා උතුරේ පැවති එක්සත් ජනතා නිදහස් සංන්ධානයේ රුලියකදී දමිළ සහෝදර ජනතාව අමතා සිංහලෙන් සහ දමිළ භාෂා ෙදෙකන්ම ඔවුන් අපහසුතාවයට පත්වන අන්දමින් කතා කර ඇතැයි වාර්තාවේ.

සන්ඩේ ටයිම්ස් වෙබ් අඩිවිය ඊයේත්(4), ලංකා ටෘත් වෙබ් අඩවිය පසුගිය 3 දාත් මේ පිළිබද වර්තාකර ඇත.

‛එම රැළියේදී ඔහුගේ ටෙලිපොම්ටර් 2ක යොදාගෙන දෙමළ භාෂාවෙන් රැළිය අමතා ඇතත් ඔහු සිංහල භාෂාවෙන් ලියාගත් පිටපතද වරද්දා උඡ්ඡාරණය කර තිබෙන බවත්, එහිදී රැස්ව සිටි ජනතාව ‛හූ’ තබා බාධා කර ඇත. ඊට කෝප වූ ජනාධිපතිවරයා ‛ඔව් අපි සිංහළ, රටත් සිංහළ. ඒක හිංදා අහගෙන ඉන්නවා දෙමළා. පණ්ඩිතකම් දොඩවන්නේ නැතුව. අහගෙන ඉන්න බැරිනම් යන්න’ යැයි පවසා ඇති බව ලංකා ටෘත් වෙබ් අඩවිය වාර්ථා කර ඇත.

එහිදී ජනතාවගේ හූ හඬ වැඩි වී ඇති අතර, එම වාර්තාව වැඩි දුරටත් සදහන් කරන්නේ ‛ නවත්තන්නේ නෑ මම. දැන් තමුසෙලා කෑගහපු හිංදා තවත් කතා කරනවා දෙමළෙන්’ යැයි ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් ජනතාවගේ ‛හූ’ ප්‍රතිචාරය වැඩි වූයෙන් කතාව අතර මග නතර කර දැමීමට ජනාධිපතිවරයාට සිදු වූ බව වැඩිදුරටත් වර්තාවේ.
කෙසේ වෙතත් යුධ ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා පැවසූවේ ‛දැන් සුඑ ජාතීන් කියා කිසිවෙක් නෑ. ඇත්තේ. රටට ආදරය කරන ජනතාව සහ රටට ආදරය නොකරන ජනතාවක් පමණයි’ බවයි.

මේ එහි ජනාධිපතිවරයාගේ කතාව ඵර MrUPFA නමින් You tube වීඩියෝ චැනලයට එක්කර තිබූ අයුරුයි.