මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කර එළබෙන 24දාට(ජනවාරි) වසර 5ක් ඉක්ම යයි. මාධ්‍යවේදී ප්‍රගීත් අතුරැදහන් කර, වසර 5ක් ගතවෙමින් තිබියදී ද ප්‍රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ වෙනුවට ප්‍රගිත්ගේ අතුරැදහන් කිරීම පිළිබද විවිධ අර්තකතන සපයමින් ඇත.

මෙවැනි වාතාවරණයක් තුළ ප්‍රගීත්ගේ බිරිද, සංධ්‍යා එක්නැලිගොඩ ප්‍රගීත් සොයමින් මේ වසර ගණනාවේ ම නොගිය තැනක් සොයා ගැනීමට නැත. නමුත් අද ද ඇය ප්‍රගීත් සොයා දෙන ලෙස බල කරමින් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපටටම ගියා ය. ඇය ඇතුලු පිරිස එතැනට ගියා පමණක් නොව රාජපක්ෂගේ නිවස ඉදිරිපට පොල් පවා ගැසීය.

ප්‍රගීත්ගේ පුත් සංජය එක්නැළිගොඩ මේ පිළිබදව ඔහුගේ ෆේස්බුක් පිටුවේ පසුගිය 4වනදා මෙසේ ලියා තිබිණි. අප එය මෙහි පළ කරන්නේ ආඩම්බරකාර තාත්තලා යැයි වහසි බස් දොඩවන පාලකයින් ඉන්නා රටක, එම රටේ දරැවන්ට පාලකයින් අත්කර දී ඇති ඛේදනීය ඉරණම පිළිබදව තවත් අටුවාටීකා ලියන්නට අවශ්‍ය නොවන නිසාය.

Sanjaya Ekneligoda
Sanjaya Ekneligoda
‘‘ශ්‍රී ලංකික පුරවැසියන් වන අප තීරණාත්මක අවස්තාවක් අභියස සිටින්නෙමු. ඒ තීරණාත්මක දිනය 8 වැනිදා ය, පුරවැසියන්ගේ බලය වඩාත් බලාත්මක වන දවසයි! ඔහුගේ වාසියට දමාගත් මැතිවරණය තමන්ටම අභියෝගයක් වීම දරාගත නොහැකිව, මහින්ද රාජපක්ෂ ඔහුට එරෙහිව නැගී සිටිනවුන්ට මඩ ටොන් ගණන් ගැහීමේ ව්‍යාපාරයක නියලී සිටී! මේ එයින් එක් වෑයමකි! මගේ තාත්තා කිසිවෙකුගේ පෞද්ගලික ජීවිත ගැන ලියූ කෙනෙක් නොවන අතර ඔහු කලේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවේ දුෂ්‍ය ක්‍රියා හෙළි කිරීමයි. අවරුදු පහක් මුළුල්ලේ නොයෙක් ආකාරයේ නරි නාටක රඟදක්වමින් අපට වද දෙමින් සිටින්නේ රාජපක්ෂ වරුන්ය. වැඩි වැල් වටාරම් අවශ්‍ය නැත ….! මගේ තාත්තට වුනු ඉරණමට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ බව මටනම් ඉතා පැහැදිලිය……..! ඔහු ඇතුළු ඔහුගේ ගෝලයින්ගේ ක්‍රියාකලාපය මෙයට සාක්ෂි සපයයි! ජනපතිට, අවරුදු 5ක් පුරාවට කොතෙක් ලිපි ලියූවද එම ලිපි වලට ඔහුගෙන් පිළිතුරු නැත …! පිළිතුරු ලබාගත යුත්තේ ඔහුගෙන්මය. මා ද මගේ අම්මා ද මල්ලි ද අපගේ නෑ හිත මිතුරන් ඇතුළු කණ්ඩායම මේ මස 6 වැනි අඟහරුවාදා කොළඹ ලිබෙර්ටි ගොඩනැගිල්ල එදිරිපිටට එදිරිපිට යුක්තිය ලබාගැනීමට රැස් වෙමු! එය ශක්තිමත් කිරීමට දායක වන මෙන් අපි ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු!‘‘ [Sanjaya Ekneligoda]

IMG_5897

IMG_5925

IMG_5927

IMG_5950

IMG_5977

Image Credit: Maatram

More Photos here