වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට නැගී ආ මහජන විරෝධතා හමුවේ එම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පසුගිය දා වාර්තා විය. නමුත් මේ වන විට පාලක පක්ෂයේ ඇතැම් දේහශපාලකයින් මේ පිළිබදව එතරම් යහපත් ප්‍රතිචාරයන් නොදක්වමින් සිටින තත්ත්වයක් තුළ එම ව්‍යාපෘතියේ ඇති අහිතකර බලපෑම් සම්බන්ධයෙන් කෙරෙන විග්‍රහයක් පහත පළ වේ.

##

ශ්‍රී ලංකාවේ පවතින නීති රීති හා අණ පනත් උල්ලංඝණය කරමින්, සාගරය, වෙරළබඩ කලාපය සහ රට අභ්‍යන්තරයේ ස්වාභාවික සම්පත් විනාශ කරමින්, ධීවර ජනතාව ඇතුළු රටේ මුළුමහත් ජනතාව පීඩනයට

ලක් කරමින් ඉදි කෙරෙන, කොළඹ, වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය වහා ම කි්‍රයාත්මක වන පරිදි නතර කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බව —පෝර්ට් සිටි˜ විරෝධී ජනතා ව්‍යාපාරයට එක් ව සිටින සිවිල් සංවිධාන, පරිසර සංවිධාන, වෘත්තීය සමිති, ආගමික සංවිධාන වලින් සැදුම්ලත් බහුජන ව්‍යාපාරයේ අපි අවධාරණය කර සිටිමු.

රටේ ස්වෛරීභාවයට බලපෑම් ඇති වන ආකාරයෙන් කි්‍රයාත්මක වන වරාය නගර ව්‍යාපෘතියේ සමස්ථ ප්‍රතිලාභ හිමි වන්නේ චීනයට ය. රටේ ජනතාව දැඩි පීඩනයකට හා සංවර්ධන අනාථයින් බවට පත් කරමින් රටේ ස්වාභාවික සම්පත් අති බහුතරයක් විනාශ කරමින් චීන රජයට ප්‍රතිලාභ ලබා දීම සඳහා කි්‍රයාත්මක කරන වරාය නගර ව්‍යාපෘතියෙන් රටට ඉතිරි වන්නේ විනාශය පමණකි. මහින්ද රාජපක්ෂ මහතාගේ උවමනාවන් මත චීන රජය සමඟ ඇති කර ගත් වැරදි රාජතාන්ති්‍රක ගණු දෙණු මත ඉදි කරන මෙම දූපතේ අයිතිය පමණක් නොව ලංකාවට අනන්‍ය සාගර කලාපයේ අයිතියට ද හිමිකම් කීමේ අවස්ථාව මේ ව්‍යාපෘතිය හරහා චීනයට හිමි වේ.

ඒ තත්ත්වය එසේ පවතිද්දී වත්මන් ජනාධිපතිතුමන් විසින් පසුගිය ඉන්දියානු සංචාරයේ දී එකඟ වී ඇත්තේ අලූතින් ඉදි කරන වරාය නගරයේ කොටසක් ඉන්දියාවට ද ලබා දිය හැකි බව ය. පටු පරමාර්ථ මත දිගින් දිගට ම වැරදි රාජතාන්ත්‍රික ගණු දෙණු සිදු කිරීමෙන් විනාශ වන්නේ රටේ ජනතාව හා රටේ සම්පත් ය. රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට ජනතාව විසින් පත් කළ පාලකයන් පටු පරමාර්ථ මත නොව රටේ අනාගතය ගැන සිතා බුද්ධිමත් ව තීන්දු තීරණ ගත යුතු ය.

රටේ ස්වෛරීභාවයට සිදුවන බලපෑම

අක්කර 575 ක (හෙක්ටයාර 233) භූමි ප්‍රමාණයකින් යුක්තව ඉදි කරන වරාය නගරයේ අක්කර 420 ක (හෙක්ටයාර 170) භූමිය විකිණිය හැකි ඉඩම් ලෙස පවතී. ඉතිරි ඉඩම් අක්කර 156 ක (හෙක්ටයාර 63) භූමිය පොදු පහසුකම් සංවර්ධනයට යොදා ගැනේ. ඒ අනුව ජල තීරයන්, මාර්ගය පද්ධති, උද්‍යාන ඇතුළු පොදු පහසුකම් සඳ හා යොදා ගනු ලැබේ. විකිණිය හැකි ඉඩම් අක්කර 420 න් අක්කර 266 ක් (හෙක්ටයාර 108) චීනයට හිමි වේ. ඉන් අක්කර 50 ක් (හෙක්ටයාර 20) සින්නක්කර ව චීනයට හිමිවන අතර ඉතිරි අක්කර 217 ක (හෙක්ටයාර 88) භූමිය 99 අවුරුදු බදු ක්‍රමය යටතේ ලබා දීමට නියමිත ව ඇත. විකිණිය හැකි අක්කර 420 න් චීනයට ලබා දී ඉතිරි වන අක්කර 153 ක (හෙක්ටයාර 62) භූමියෙන් කොටසක් ලබා දීමට මේ වන විට ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ. මීට අමතර ව අදාළ ආයෝජන සමාගම සඳ හන්

කරන්නේ චීනයට ලැඛෙන ඉඩම් වල ආයෝජකයන් කැඳ වීමේ අයිතිය ඔවුන් සතු වන බව ය. මීට අමතර ව ක්‍රමෝපාය සංවර්ධන පනතට අනුව මෙම ව්‍යාපෘතියට වසර 25 ක බදු සහන ද ලබා දී තිබේ. ඒ අනුව ඔවුන් ශි්‍ර ලංකාව, ආසියාව, මැදපෙරදිග, යුරෝපය හා ඇමෙරිකානු කලාපවල ආයෝජකයින් කැදවීමට බලාපොරොත්තු වන බව ද සඳ හන් කරයි. අපේ රටේ ඉඩම් වලට ආයෝජකයන් කැඳ වීමේ අයිතිය චීනයට ලබා දීමත් සමඟ ම අපේ රටේ ස්වෛරීභාවයට ප්‍රධාන බලපෑමක් එල්ල වේ. ඒ හරහා චීන රජයට අපේ රටේ අනන්‍ය සාගරික කලාපයේ ධීවර මෙහෙයුම් කිරීමේ අයිතිය ද හිමි වේ. මෙතෙක් විදෙස් ණය ආÞර යටතේ අප රටේ කි්‍රයාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති අතුරින් රටේ ස්වෛරීභාවයට මෙතරම් දැවැන්ත හානියක් සිදු කළ පළමු ව්‍යාපෘතිය මෙය වේ.

ව්‍යාපෘති පසුබිම

වරාය නගර ව්‍යාපෘතියේ පළමු සැලැසුම සකස් වන්නේ 1998 වසරේ දී ය. කොළඹ අධිනාගරික කලාපීය ව්‍යූහ සැලැසුම (Colombo Metropolitan Regional Structure Plan) ලෙස 2030 වසරේ දී කොළඹ මහා නගරයක් නිර්මාණය කිරීමේ සැලසුමක් ලෙස මෙය පළමු ව කි්‍රයාත්මක විය. එය සිංගප්පූරු කෙස්මා (CESMA) නම් සමාගමක් විසින් සකස් කළ නමුත් යෝජිත ව්‍යාපෘතිය සඳහා දිය කඩනයක් ඉදිකිරීමට වැය වන අධික පිරිවැය නිසා එම ව්‍යාපෘතිය අතහැර දැමීමට සිදු විය.

ඉන් පසුව 2011 වසරේ දී සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම (China Communication Construction Company Limited) විසින් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘති යෝජනාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ඉදිරිපත් කර තිබේ. 2011 සැප්තැම්බර් මස දී කැබිනට්

මණ්ඩලය විසින් පත් කරන ලද නිරීක්ෂණ කමිටුවක් මඟින් මෙම ව්‍යාපෘතිය ඇගැයීමට ලක් කර ඇත. ඒ අනුව එම කමිටුව මඟින් 2012 වසරේ සැප්තැම්බර් මස දී ශී්‍ර ලංකා වරාය අධිකාරියට හා සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට අවබෝධතා ගිවිසුමකට එළැඹීමට උපදෙස් ලබා දී ඇත. ඉන් පසුව 2012 ඔක්තෝම්බර් මස දී සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ සවිස්තරාත්මක යෝජනාව ශී්‍ර ලංකා වරාය අධිකාරියට ඉදිරිපත් කර තිබේ. 2013 වසරේ ජනවාරි මස දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තාක්ෂ‚ක ඇඟැයීම් කමිටුව විසින් සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමෙන් අවශ්‍ය කරුණු පැහැදිලි කර ගැනීමෙන් අනතුරුව තාක්ෂ‚ක ඇඟැයීම් වාර්තාවක් කැබිනට් මණ්ඩලය විසින් පත් කළ නිරීක්ෂණ කමිටුවට ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව නීතිපතිවරයාගේ අවසරය මත ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම සහන ගිවිසුමකට එළඹිය යුතු බවට නිර්දේශ කරමින් නිරීක්ෂණ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඇත. එහි දී මේ ව්‍යාපෘතිය ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස කි්‍රයාත්මක විය යුතු බවට ද කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

2014 ජනවාරි මස දී කැබිනට් මණ්ඩලය විසින් එකී කරුණු වලට අනුමැතිය ලබා දී ඇත. ඉන් පසුව 2014 සැප්තැම්බර් මස දී මහා මාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සමඟ සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුමකට එළැඹීමටත් ශී්‍ර ලංකා වරාය අධිකාරිය සමඟ සහන ගිවිසුමකට එළැඹීමටත් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව 2014 සැප්තැම්බර් මස 16 වන දින අදාළ බලධාරීන් විසින් ගිවිසුම අත්සන් කර ඇත.

ව්‍යාපෘති කි්‍රයාවලියේ පවතින ගැටළු

2014 සැප්තැම්බර් 16 වන දින සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම, අදාළ අමාත්‍යංශය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගිවිසුමට අත්සන් තැබීමට ප්‍රථමයෙන් මෙම ව්‍යාපෘතියේ පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාව සකස් කර 2011 වසරේ අප්‍රේල් මාසයේ දී මහජන අදහස් සඳහා ඉදිරිපත් කර තිබේ. එසේ සිදු වූයේ කෙසේ ද යන්න ප්‍රධාන ගැටළුවකි. සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අÞළ යෝජනාව 2011 අප්‍රේල් මස දී ශී්‍ර ලංකා වරාය අධිකාරියට ඉදිරිපත් කරන මොහොතේ ම පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාව මහජන අදහස් සඳහා ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ මහතා හා චීන රජය අතර ඇති රහස් ගණු දෙණුවක් මත මෙම ව්‍යාපෘතියේ පළමු සැලැසුම් රාජ්‍ය ආයතන මැදිහත් කර ගනිමින් සිදු වී ඇති බව ය. ව්‍යාපෘතියක සැලැසුම් අදියරේ තිබිය යුතු නිවැරදි පියවරයන් අනුගමනය නොකරමින් නීති විරෝධී ලෙස වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව මේ අනුව තහවුරු වේ.

සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීමට හෝ මේ ව්‍යාපෘති යෝජනාව ශී්‍ර ලංකා වරාය අධිකාරියට යොමු කිරීමට ප්‍රථමයෙන් 2010 වසරේ දී මූලික ශක්‍යතා අධ්‍යයනය සිදු කර ඇති බව සඳහන් වේ. ඒ අතරතුර වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විෂය නිර්නේය පද්ධතියක් සැකසීම හා ශී්‍ර ලංකා වරාය අධිකාරිය මඟින් පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාව සැකසීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයට භාර දීම ද සිදු වී ඇත. එය සිදු කළේ කෙසේ ද යන්න ගැටළුවකි. ඒ අනුව මෙම ව්‍යාපෘති යෝජකයා ශී්‍ර ලංකා වරාය අධිකාරිය ද නැතහොත් සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම ද යන්න ගැටළුවකි. සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම ව්‍යාපෘති යෝජනාව ගෙන ඒමටත් ප්‍රථමයෙන් මෙම කි්‍රයාවලීන් සියල්ල සිදු වී හමාර වූයේ කෙසේ ද යන්න ද ප්‍රධාන ගැටළුවකි.

නීති විරෝධී ව්‍යාපෘතියක් බව තහවුරු කිරීම

2011 අප්‍රේල් මස සකස් කළ පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාව වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මහජන අදහස් සඳහා විවෘත කර තිඛෙන්නේ 2011 සැප්තැම්බර් මස ය. ඉන් පසුව නැවත වරක් මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීම හේතුවෙන් වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ශී්‍ර ලංකා වරාය අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ පෙර ඉදිරිපත් කරන ලද පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාවට සවිස්තරාත්මක දිගුවක් එක් කරන ලෙස ය. එම සවිස්තරාත්මක දිගුව මෙම අධිකාරිය මඟින් වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට 2013 සැප්තැම්බර් මස දී බාර දී තිබේ. එම කරුණු සැලකිල්ලට ගෙන වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ශී්‍ර ලංකා වරාය අධිකාරිය වෙත මෙම ව්‍යාපෘතිය සඳහා 2014 ඔක්තෝබර් මස දී කොන්දේසි සහිත අනුමැතිය නිකුත් කර ඇත. නමුත් අද වන විට වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් සංවර්ධනය හා භූමිය සකස් කිරීමේ

කටයුතු භාර ව සිටින්නේ සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට අනුබද්ධිත සීමාසහිත ක‍්‍යෑක‍ ඡදරඑ ක‍සඑහ ක‍දකදපඉද සමාගම ය. ශී්‍ර ලංකා වරාය අධිකාරියට ලබා දුන් අවසරය මත වෙනත් සමාගමක් ඉදිකිරීම් හා ව්‍යාපෘතිය භාරව කටයුතු කරන්නේ කෙසේ ද යන්න තවත් ගැටළුවකි. මෙය නීති විරෝධී ව්‍යාපෘතියක් බව තහවුරු කිරීමට මෙය තවත් සාධකයකි.

එපමණක් නොව 2014 සැප්තැම්බර් මස දී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ශී්‍ර ලංකා වරාය අධිකාරිය වෙත වැලි කැණිම් බලපත්‍රය ද නිකුත් කර ඇත. ව්‍යාපෘතිය සඳහා කොන්දේසි සහිත අනුමැතිය නිකුත් කිරීමටත් ප්‍රථමයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වැලි කැණිම් බලපත්‍රය නිකුත් කර තිබේ. එසේ නම් පරිසර බලපෑම් අධ්‍යයනයක් සිදු කළේ කුමක් සඳහා ද යන්න ගැටළුවකි. ඒ අනුව පෙනී යන්නේ පරිසර බලපෑම් ඇගයීම් කි්‍රයාවලියෙන් පරිබාහිර ව එවකට මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයන්ගේ බලපෑම මත මේ සියල්ල සිදු වී ඇති බව ය. පරිසර වාර්තා හා අණ පනත් පසෙකින් තබා දේශපාලන උවමනාවන් මත සියළු රාජ්‍ය ආයතන කටයුතු කර ඇති බව මින් තහවුරු වේ.

ශී්‍ර ලංකා වරාය අධිකාරිය මඟින් පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාවට 2013 වසරේ එක් කළ සවිස්තරාත්මක දිගුව හා 2011 වසරේ දී ඉදිරිපත් කළ පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාව වෙන වෙන ම විශ්ලේෂණය කර වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට කොන්දේසි සහිත අනුමැතියක් නිකුත් කිරීමට නීත්‍යානුකූල ව කළ නොහැකි ය. අතිරේක කරුණු එක් කළ යුතු නම් ඊට හේතුව පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාව දුර්වල විම ය. එම දුර්වල වාර්තාව ප්‍රතික්ෂේප කිරීමේ බලය අදාළ දෙපාර්තමේන්තුවට ඇත. එසේ සිදු නොකර අතිරේක එක් කිරීමට උපදෙස් ලබා දීමේ කි්‍රයාවලියක් පරිසර බලපෑම් ඇඟැයම්ී කාර්යය පටිපාටිය තුළ නැත. ඒ අනුව වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ පනත හා ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මේ ව්‍යාපෘතියට අනුමැතිය ලබා දී ඇත. මේ අනුව කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නීති විරෝධී අනුමැතියක් මත කි්‍රයාත්මක වන ව්‍යාපෘතියක් බව ඉතා ම පැහැදිලි කරුණකි.

පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවේ දුර්වලතා

මොරටුව විශ්ව විද්‍යාලයෙන් සකස් කළ වරාය නගර ව්‍යාපෘතියට අදාළ 2011 අප්‍රේල් මස නිකුත් කළ පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාව ඉතා ම අසම්පූර්ණ හා ඉතා ම දුර්වල වාර්තාවකි. මොරටුව විශ්වවිද්‍යාලය මහින්ද රාජපක්ෂ මහතාගේ උවමනාවන් සැපිරිමට සකස් කළ වාර්තාවක් ලෙස මෙය හැඳින්විය හැකි ය. අප මෙතෙක් පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තා 50 කට වැඩි ප්‍රමාණයකට දායක වී තිබේ. ඉන් දුර්වල ම හා අතිශය පක්ෂග්‍රාහි වාර්තාව මෙයයි. උමා ඔය බහුකාර්යය වාරි ව්‍යාපෘතිය, වීරවිල ගුවන්තොටුපල, මත්තල ගුවන්තොටුපල වැනි සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉදිරිපත් කළ අනෙක් දුර්වල වාර්තාවල පවා මෙවන් පක්ෂග්‍රාහී හා සෘජුව දේශපාලන ගැති ස්වභාවයක් පෙන්නුම් නොකරයි. මේ වාර්තාව අවසානයේ නිගමන වල සඳහන් කර ඇත්තේ කිසිදු ආකාරයක පරිසර බලපෑමක් මෙම ව්‍යාපෘතියෙන් ඇති නොවන බව ය. මෙවැනි සඳ හනක් සහිත පළමු පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාව මෙයයි. රටට ඉතා වැඩදායී විද්‍යාර්ථයින් විශාල ප්‍රමාණයක් බිහි කළ මොරටුව විශ්ව විද්‍යාලයෙන් මෙවන් වාර්තාවක් සකස් කර රට වැනසීම සඳහා පසුගිය රජයට සහය ලබා දීම පිළිබඳව අපි කණගාටු වෙමු.

මෙම වාර්තාවේ සඳහන් වන්නේ අක්කර 300 ක දූපතක් සැකසීම සඳහා සාගරයේ අක්කර 500 ක් සම්පූර්ණ වශයෙන් ගොඩ කරන බව ය. නමුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ අක්කර 575 ක් නැතහොත් හෙක්ටයාර 233 ක් සඳ හා ය. මේ බව සමාගමේ දැන්වීම් සහ Port city නිල වෙබ් අඩවි වල සඳහන් වේ.

මේ අනුව 2011 අප්‍රේල් මාසයේ ඉදිරිපත් කළ පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තා මෙම ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාව ලෙස පිළිගත නොහැකි ය.

පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාවක ප්‍රධාන අංගයක් වන්නේ විකල්ප අධ්‍යයනයයි. එය වාර්තාවේ පළමු අදියරේ දී ම සඳ හන් විය යුතු ය. නමුත් මේ වාර්තාවේ කිසිදු විකල්ප අධ්‍යයනයක් ගැන සඳ හන් නොවේ. එවන් ප්‍රධාන අඩුපාඩු සහිත වාර්තාවක් පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාවක් ලෙස පිළිගත නොහැකි ය.

පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාවක පුරාවිද්‍යා බලපෑම් තක්සේරුව පිළිබඳ ව ප්‍රධාන වශයෙන් අන්තර්ගත විය යුතු ය. එය පුරා වස්තු ආඥා පනතට අනුව ද සඳහන් වේ. නමුත් මෙහි සවිස්තරාත්මක හා ප්‍රමාණාත්මක පුරාවිද්‍යා අධ්‍යනයක් සිදු කර නොමැත. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙම වාර්තාවට පරිබාහිරව සිදු කරන ලද ඇගැයිමකට අනුව ගොඩ කරීමට ලක් කරන ප්‍රදේශයේ සාගරයේ පැරණි කාලතුවක්කුවක් ඇතුළු පුරා වස්තු බොහොමයක් හමු වී ඇති බව සඳහන් වේ. නමුත් මේ පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාවේ ඒ කිසිවක් සඳහන් කර නොමැති අතර ඒ පිළිබඳව සමීක්ෂණය කරන ලද බවට ඡායාරූපයක් හෝ වාර්තාවට ඇතුළත් කර නොමැත. ගොඩ කිරීමට ලක් කරන ප්‍රදේශයේ සාගර පුරා වස්තු අධ්‍යයනය කිරීම වෙනුවට සිදු කර ඇත්තේ ගොඩ බිම පුරාවස්තු අධ්‍යයනයයි. සාගරයේ ගොඩකරන ප්‍රදේශයේ කිසිදු පුරා විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කර ඒ පිළිබඳව මෙම වාර්තාවට කරුණු ඇතුළත් කර නොමැත. එවන් වාර්තාවක් පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාවක් ලෙස පිළිගත නොහැකි ය.

පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාව සකස් කළ කණ්ඩායමට සාගර ජීව විද්‍යාඥයකු හා සාගර පුරාවිද්‍යාඥයකු එක් කර ගෙන නොමැත. මේ නිසා එම විෂයය ක්ෂේත්‍ර පිළිබඳව නිසි ඇගයීමක් මෙම වාර්තාවට ඇතුළත් කර නොමැත. මෙවන් දැවැන්ත දුර්වලතා සහිත වාර්තාවක් පරිසර බලපෑම් ඇඟැයීම් වාර්තාවක් ලෙස පිළිගෙන එම වාර්තාව පාදක කර ගෙන වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙවන් දැවැන්ත ව්‍යාපෘතියක් සඳ හා අනුමැතිය ලබා දීමෙන් සිදු කර ඇත්තේ රටේ සම්පත් හා රටේ ජනතාව පමණක් නොව රටේ අනාගතය ද විනාශ කිරීමකි. දැනට මෙම ව්‍යාපෘතිය කි්‍රයාත්මක කිරීමේ දී මතු වන ගැටළු වලට හේතුව ද මෙයයි. ඊට සෘජුව ම වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වග කිව යුතු ය.

ව්‍යාපෘතියෙන් සිදුවන අහිතකර බලපෑම්

කොළඹ, වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදි කිරීම් ආරම්භකර ගත වී ඇති මාස 3 ක කාලය තුළ දී එහි ගොඩකිරීම් කටයුතු සඳහා වැලි ලබාගන්නා හා වැලි ප්‍රවාහනය කරන මුහුදු තීරය තුළ ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින්ගේ රුපියල් ලක්ෂ 40 ක පමණ දැල් ආම්පන්න සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ. වැලි කැණීම් සිදු කරන —තඹ ගල ප්‍රදේශය ආශ්‍රිත ව වර්ග කිලෝමීටර් 10 ක පමණ ප්‍රදේශයක මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීම ද සම්පූර්ණයෙන් ම අඩාල වී තිබේ. මේ ප්‍රදේශ බහුලව ම මත්ස්‍ය විශේෂ බෝවන හා වර්ධනය වන කලාපයකි. එම කලාපයේ මුහුදු පතුළ කැණීම් කිරීම හා එහි දී කැළඹිමට ලක්වන ජල තලය හා රොන්මඩ හේතුවෙන් මත්ස්‍ය විශේෂ බෝවීමේ කලාප හා මත්ස්‍ය විශේෂ වර්ධනය වන කලාපවල සාගරික පරිසර පද්ධති විනාශයට ලක් වීම හා සෘජු ව සාගර ජීවී විශේෂ වලට බලපෑම් එල්ල වීම හේතුවෙන් මත්ස්‍ය විශේෂ හා ඉස්සන් විශේෂ වල ගහනයේ පැවැත්මට දරුණු හානි සිදු වී තිබේ. මේ නිසා මීගමුව, වෙන්නප්පුව, පිටිපන, උස්වැටකෙයියාව, හැදල, පානදුර, වැල්ලවත්ත, ගල්කිස්ස හා මොරටුව යන ප්‍රදේශවල ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර මේ නිසා ධීවර ජනතාවගේ ආර්ථීකය ද බිඳ වැටී සමාජයීය ප්‍රශ්න ගණනාවක් උද්ගත ව තිබේ.

දවස පුරා ම නැව් තුනක් උපයෝගී කර ගෙන —තඹ ගල˜ ප්‍රදේශයේ වැලි කැණීම් කර කිලෝමීටර් 7ක් පමණ දුරින් පිහිටි ව්‍යාපෘති භූමියට වැලි ප්‍රවාහනය කරනු ලැබේ. එසේ වැලි ප්‍රවාහනය කරනු ලබන ප්‍රදේශයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ද ධීවර කර්මාන්තය සිදු කිරීම තහනම් කර තිබේ. මේ හේතුවෙන් සුළුපන්න ධීවරයන් 30,000 ක් පමණ බලපෑමට ලක් ව සිටී.

මේ ව්‍යාපෘතියේ පළමු සැලසුමට අනුව වැලි ඝණ මීටර් මිලියන 30 ක් ලබා ගැනීමට නියමිත ව ඇත. ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කර මේ වන විට කි්‍රයාත්මක ව ඇති බැවින් වැලි අවශ්‍යතාවය තවත් විශාල ප්‍රමාණයකින් වර්ධනය වී තිබේ. දැනට සිදුවන බලපෑම් වලට සාපේක්ෂ ව ඉදිරියේ දී විශාල වැලි ප්‍රමාණයක් සාගරයෙන් ලබා ගැනීම සිදු වුවහොත් දැවැන්ත බලපෑමක් සාගර ජීවීන්ගේ පැවැත්මට, සාගර පරිසර පද්ධතිවල පැවැත්මට හා ධීවර කර්මාන්තයේ පැවැත්මට එල්ල වනු ඇත.

වරාය නගර ව්‍යාපාතිය සඳහා නොගැඹුරු මුහුදු පතුළ අධික ලෙස කැණීම් කර වැලි ලබා ගැනීම හේතුවෙන් ගල්පර, කොරල්පර හා වැලිපර පරිසර පද්ධති අස්ථාවර වෙමින් පවතී. එම ප්‍රදේශ මත්ස්‍ය විශේෂ වල ප්‍රධාන බෝවීමේ කලාප වන අතර ඒවා අස්ථාවර වීමෙන් බොහෝ සාගර ජීවීන්ගේ පැවැත්මට බලපෑම් එල්ල වේ. මීට අමතර ව ගොඩ කිරීමට ලක් කරන මුහුදු ප්‍රදේශය කොරල් පර, ගිලූණු වත්තල් හෙවත් පැර‚ නැව් සහ මඩ තැනි සහිත ප්‍රධාන මත්ස්‍ය බෝවීම් කලාපයක් හා ප්‍රධාන මත්ස්‍ය වාසස්ථානයක් ය. එවන් ප්‍රදේශ ගොඩ කිරීමෙන් මසුන්ගේ බෝවීම් ප්‍රදේශ සම්පූර්ණයෙන් ම අහිමි වී මත්ස්‍ය සම්පතත්, ධීවර කර්මාන්තයත්, ධීවර ප්‍රජාවේ පැවැත්මත් සම්පූර්ණයෙන් ම විනාශ වනු ඇත.

මෙම ව්‍යාපෘතියේ ගොඩ කිරීම් කි්‍රයාවලිය සඳහා පමණක් කලූ ගල් කියුබ් මිලියන 16 ක් පමණ අවශ්‍ය වන බව සඳහන් වේ. නමුත් එම කලූ ගල් ලබා ගන්නා ස්ථාන පිළිබඳ ව හෝ ඒවා ලබා ගැනීමේ ශක්‍යතාවය පිළිබඳ ව හෝ එම කලූ ගල් ප්‍රමාණය ලබා ගැනීම හේතුවෙන් පාරිසරික හා මහජන පීඩාවන් උද්ගත වීම පිළිබඳ ව හෝ කිසිදු අවධානයක් අදාළ වාර්තා වල හෝ කැණීම් කටයුතු වල දී හෝ යොමු කර නොමැත. මේ වන විට බස්නාහිර පළාතේ පිහිටි බොහෝ කලූ ගල් කැණීම් භූමිවලින් ගොඩකිරීම් කටයුතු සඳහා විශාල කලූ ගල් කුට්ටි ලබා ගැනීම සිදු කරන අතර ඒ හේතුවෙන් මේ වන විට බොහෝ කලූ ගල් කැණීම් ස්ථානවල කැණීම් බලපත්‍රවල කොන්දේසි උල්ලංඝණය කරමින් මහ පරිමාණ කලූ ගල් කුට්ටි කැණීම් සිදු කරනු ලැබේ. එම කලූ ගල් කැණීම් භූමි ආසන්නයේ පිහිටි ජනාවාසවල ජීවත්වන ජනතාව පානීය ජල අර්බූද, දේපල හානි සිදු වීම ඇතුළු දැඩි පීඩාකාරී තත්ත්වයන් බොහොමයකට මේ වන විට ගොදුරු ව සිටී.

තවදුරටත් ඉදි කිරීම් කටයුතු සිදු කිරීමේ දී විශාල වශයෙන් කලූ ගල් කුට්ටි ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රට අභ්‍යන්තරය අස්ථාවර වීම, විශේෂයෙන් සංවේදී පරිසර පද්ධති හා කදුකර ප්‍රදේශ වල කලූ ගල් කැණීම් කටයුතු ව්‍යාප්ත වීම හේතුවෙන් කඳ ුකර ප්‍රදේශ අස්ථාවර වීම, නාය යෑමේ තර්ජන උග්‍ර වීම, භූගත ජලමට්ටම් පහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පානීය ජල අර්බුද උත්සන්න වීම ඇතුළු ගැටළු රාශියක් උද්ගත වනු ඇත. වර්තමානයේ මේ තත්ත්වයන් සිදුවන සීග්‍රතාවය අනුව ඉදිරියේ දී එම බලපෑම් මහ පරිමාණයෙන් සිදු වන බව සනාථ කළ හැකි ය.

වරාය නගර ව්‍යාපෘතියට පරිබාහිරව රටේ තවත් බොහෝ සංවර්ධන ව්‍යාපෘති සඳ හා හා වෙනත් බොහෝ ඉදි කිරීම් කටයුතු සඳ හා බහුල ව කලූ ගල් ලබා ගැනීම සිදු වේ. එය ඉදිරි කාලයේ දී වර්ධනය වීමට නියමිත ය. එපමණක් නොව වරාය නගර භූමිය ඉදි කිරීමෙන් පසුව මහ පරිමාණ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා විශාල කලූ ගල් ප්‍රමාණයක් රට අභ්‍යන්තරයෙන් ලබා ගැනීමට සිදු වේ. මේ සියලූ තත්ත්වයන් හේතුවෙන් ලංකාවේ මධ්‍ය කදුකරය ඇතුළු ව සියලූ සංවේදී ප්‍රදේශ වල කලූ ගල් කැණීම් වර්ධනය වෙමින් රට අභ්‍යන්තරය දැවැන්ත බිද වැටීමකට මෙම ව්‍යාපෘතියත් සමඟ ම පත් වනු ඇත.

වරාය නගර ව්‍යාපෘතිය කි්‍රයාත්මක වීමත් සමඟ ම මුහුදු රළ ගමන් කිරීමේ රටාව හා දිය වැල් ගමන් කිරීමේ රටාවන් වෙනස් වී ඇත. විශේෂයෙන් මුහුදු රළ වෙරළ සීමාවේ ගැටී නැවත ගමන් කිරීම නැතහොත් මුහුදු රළ පොළා පැනීමේ ක්‍රියාවලිය වෙනස් වීම් වලට භාජනය වීමේ ප්‍රතිඵලයක් ලෙස වෙරළ ඛාදනය උග්‍ර වීම හා සමහර වෙරළ තීරයන් අලූතින් මුහුදු ඛාදනයට ලක් වීම වැනි හානි කර තත්ත්වයන් ඇති ව තිබේ. ව්‍යාපෘති ප්‍රදේශයට දකුණෙන් පිහිටි පානදුර හා බේරුවල දක්වා මුහුදු තීරයත් උතුරින් පිහිටි උස්වැටකෙයියාව හා මීගමුව දක්වා වෙරළ තීරයත් වර්තමානය වන විට දැවැන්ත මුහුදු ඛාදනයකට ලක් වෙමින් පවතී. මේ ප්‍රදේශ උග්‍ර නාගරික ප්‍රදේශ වන අතර ව්‍යාපාරික ස්ථාන, සංචාරක හෝටල්, ධීවර ගම්මාන ඇතුළු සුවිශේෂ ආර්ථීක කලාපයන් වේ. මේ ව්‍යාපෘතිය හේතුවෙන් උද්ගත වන මුහුදු ඛාදනයට මේ වෙරළ තීරයන් ලක් වීමෙන් සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය ඇතුළු ව එම ප්‍රදේශවල ආර්ථීක කි්‍රයාවලීන් බිද වැටීම හේතුවෙන් රටේ ආර්ථීකයට හා එම කි්‍රයාවලීන් හා බද්ධ ව සිටින ලාංකීය ජනතාවගේ ආර්ථීකයට සෘජු බලපෑම් එල්ල වීම හා ඒ හේතුවෙන් සමාජයීය ප්‍රශ්න පැනනැගීම මේ වන විට සිදු වෙමින් පවතී.

කැළණි ගඟ මුහුදට එක් වන මෝදර ප්‍රදේශයෙන් විශාල රොන්මඩ ප්‍රමාණයක් මුහුදට එක් වන අතර එම රොන් මඩ නොගැඹුරු මුහුදු තීරයේ දියවැල් ඔස්සේ ගලායෑම සිදු වේ. එම කලාපය ප්‍රධාන වශයෙන් ම ඉස්සන් ඇතුළු ව මත්ස්‍ය විශේෂ බොහොමයක් බෝවන කලාපයක් වේ. නමුත් මෙම ව්‍යාපෘතියත් සමඟ ම දියවැල් රටාව හා මුහුදු රළ පොළා පැනීමේ රටාව වෙනස් වීම හේතුවෙන් මසුන් බෝවන, රොන් මඩ ගලායාමේ කලාප වලට බලපෑම් එල්ල වීම හා වෙනස් වීම හේතුවෙන් සාගර ජීවීන්ගේ පැවැත්මට බලපෑම් එල්ල වේ. ඒ තත්ත්වය ධීවර කර්මාන්තයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මෙවන් තත්ත්වයන් ඇති වූ බවට හොඳ ම උදාහරණය නම් ඩුබායි හි —පාර්ම් සිටි ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතිය කි්‍රයාත්මක කිරීමෙන් අනතුරුව සාගර ජෛවවිවිධත්වය සීග්‍රයෙන් අඩු වීම හා ජෛව ප්‍රජාවගේ පැවැත්මට අහිතකර බලපෑම් එල්ල වීම පිළිබඳ ව අධ්‍යයන වාර්තා මගින් තහවුරු කර ඇත. මේ පිළිබඳ ව කිසිදු අධ්‍යයනයක්් හෝ ඒ හේතුවෙන් සිදුවන බලපෑම් පිළිබද ව ප්‍රමාණවත් අධ්‍යනයක් හෝ සිදු කර අදාළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවේ සඳහන් කර නොතිබීම මෙන්ම ඒ පිළිබඳ ව අවධානයට ලක් නොකිරීම ද මේ ව්‍යාපෘතියේ ප්‍රධාන ගැටළුවකි.

වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ වරායේ ක්‍රියාකාරීත්වයට දැවැන්ත බලපෑම් එල්ල විය හැකි ය. වරාය නගරය සඳ හා මුහුද ගොඩ කිරීම හේතුවෙන් රළ තරංග වල හා දිය වැල් රටාවේ වෙනස් වීම් හේතුවෙන් වරායේ මෙහෙයුම් කටයුතු වලට බලපෑම් එල්ල විය හැකි අතර ඒ පිළිබඳ ව කිසිදු අධ්‍යනයක් හෝ සඳ හනක් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ දක්වා නොමැත. මීට අමතර ව සිදු වන විශාලත ම බලපෑම වන්නේ වරාය නගර ව්‍යාපෘතිය සඳ හා ගොඩ කරන විශාල භූමි ප්‍රමාණය හේතුවෙන් රළ තරංග රටාවේ වෙනස් වීම මත කොළඹ වරායෙහි වැලි රැදීමේ සීග්‍රතාවය වෙනස් වීම ය. ඒ අනුව වැලි රැදීමේ සීග්‍රතාවය වර්ධනය වුවහොත් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලට දැවැන්ත බලපෑම් එල්ල විය හැකි ය. එය රටේ ආර්ථීකයට සෘජුව ම බලපානු ලැබේ. නමුත් මේ පිළිබඳ ව නිසි අවධානයක් මේ වන තුරුත් යොමු කර නොමැත.

මෙවන් බලපෑම් ඇති වන බවට අප රටේ ම උදාහරණ රාශියක් පවතී. කොළඹ වරාය පුළුල් කිරීම සඳ හා සිදු කළ ගොඩ කිරීම් හේතුවෙන් දික්ඕවිට වරාය වැලි වලින් පිරීයන බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. මේ නිසා ධීවර වරායේ මෙහෙයුම් ක්‍රියාවලියට දැඩි බාධා එල්ල වෙමින් පවතී. මීට අමතර ව උණවටුන වෙරළ තීරය ආශි්‍රත ව මීටර් 300 ක් දිග දිය කඩනයක් ඉදි කිරීම හේතුවෙන් මේ වන විට කොරල් පරය වැලි වලින් වැසීයාම හා වෙරළ ඛාදනය වෙමින් උණවටුන පුලූල් වෙරළ තීරය අහිමි වෙමින් පවතී. මේ නිසා එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දැවැන්ත ලෙස මේ වන විටත් බිද වැටෙමින් පවතී. එපමණක් නොව හික්කඩුව අශි්‍රත ධීවර වරාය සඳ හා ඉදි කළ දිය කඩනය හේතුවෙන් හික්කඩුව කොරල් පරය (හික්කඩුව ජාතික වනෝද්‍යානය) වැලි වලින් පිරී යමින් පවතී. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් දැවැන්ත බලපෑමක් කොළඹ වරායට ඇති විය හැකි ය. නමුත් එම තත්ත්වයන් පිළිබඳ ව අවධානයට ලක් කිරීම හෝ ඒ සම්බන්ධයෙන් මොඩලයක් සාදා පරීක්ෂණයට ලක් නොකිරීම ගැටළුවකි. මේ නිසා කොළඹ වරායේ මෙහෙයුම් බිදවැටීම හරහා රටේ ආර්ථීකයට ප්‍රබල බලපෑමක් එල්ල විය හැකි ය.

මේ සියළු තත්ත්වයන් පිළිබඳ ව පසුගිය කාලය පුරා ම අප විසින් අවධානයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය මැතිවරණ සමයේ දී වත්මන් අගමැතිතුමන් පොරොන්දු වූයේ වරාය නගර ව්‍යාපෘතිය නතර කරන බව ය. අද වන විට එය හුදු ඡන්ද පොරොන්දුවක් බවට පමණක් පත් ව ඇත. ඩොලර් බිලියන 1.4 ක දැවැන්ත ආයෝජනයක් මෙම ව්‍යාපෘතිය හරහා චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම සිදු කරයි. එය චීනය අප රටේ සිදු කරන විශාල තම ආයෝජනයයි. මේ මුදලට වහල් වී ඡන්ද පොරොන්දු පසෙකින් තබා නීති විරොධී හා ඉතා ම විනාශකාරී ව්‍යාපෘතියක් වත්මන් රජය ද සාÞරŒකරනය කරන බවක් පෙනෙන්නට තිබේ. රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කරන්නේ ද වරාය නගරය නතර කරන බවට ඡන්ද පොරොන්දුවක් නොදුන් බව ය. සමහර ආණ්ඩුපක්ෂ මැති ඇමතිවරු පවසන්නේ මේ ව්‍යාපෘතිය නිසි පරිදි අනුමැතීන් ලබා ගෙන කි්‍රයාත්මක වන බව ය. අප පැහැදිලි ව කරුණු සහිත ව සනාථ කර ඇත්තේ මෙය නීති විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ උවමනාවන් හා චීන රජයේ උවමනාවන් සැපිරීම සඳහා සකස් කර, සාවද්‍ය අනුමැතීන් මත කි්‍රයාත්මක වන ව්‍යාපෘතියක් බව ය.

එපමණක් නොව බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ අද වන විට මේ ව්‍යාපෘතියෙන් සියයට 10 ක් පමණ නිම වී ඇති බැවින් එය නතර කිරීමෙන් විශාල බලපෑමක් එල්ල විය හැකි බව ය. මෙය ද සාවද්‍ය ප්‍රකාශයකි. අද වන විට මෙම ව්‍යපෘතියට අනුමැතිය ලැබී ඉදිකිරීම් ආරම්භ කර ගත වී ඇත්තේ මාස 3 ක් පම‚. මෙම කාලය තුළ දී පළමු ව සකස් කර ගෙන යන්නේ පිවිසුම් මාර්ග වැනි මූලික ඉදිකිරීම් ය. මේ වන විට අපගේ අධ්‍යයනයන්ට අනුව සමස්ථ ව්‍යාපෘතියෙන් නිම කර ඇත්තේ සියයට එකකට ආසන්න ප්‍රමාණයක් බව තහවුරු කර ගෙන තිබේ. එම ප්‍රමාණය තුළ දීම දැවැන්ත හානි ආරම්භ වී ඇත. එසේ නම් කළ යුත්තේ කඩිනමින් මෙම ව්‍යාපෘතිය නතර කිරීමයි. ඒ සඳහා නීතියේ ආවරණය ද ඉතාම හොඳ ින් පවතීත. ඒ සම්බන්ධයෙන් අප සවිස්තරාත්මක ව විග්‍රහ කර ඇත. මේ නිසා කළ යුත්තේ රටේ අනාගතය විනාශ කරන වරාය නගර ව්‍යාපෘතිය වහා ම නතර කිරීම හා දැනට ගොඩකර ඇති ප්‍රදේශයේ මුහුදු වැලි හා කලූ ගල් ක්‍රමානුකූලව ඉවත් කිරීම මෙන්ම ඒවා නිසි ක්‍රමවේදයකට අනුව මුහුදු ඛාදනය වන ස්ථාන පිරවීම සඳහා පමණක් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ යොදා ගැනීම ය.

Sajeewa Chamikara
සජීව චාමිකර
| Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය