මඩකලපුවේ සිට සීගිරිය නැරඹීමට පැමිණි සින්නතම්බි උදේනි තරුණිය සීගිරිය කැටපත් පවුරෙ නමක් ලිවීම නිසා දෙවසරක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම කිරීම ගැන ලංකාවේ මහා මාන්‍ය ජනමාධ්‍යයැයි කියන ලංකාදීප වැනි පුවත්පත් වාර්තාකර තිබුණේ මෙසේය.

“කැටපත් පවුර කැත කළ කත දෙවසරක් හිරේ”

උතුරේ සිදුවන දෙමළ නිජබිම විනාශ කිරීම, සිංහලකරණය, මිලිටරිකරණය ගැන අන්ධවූවන් සේ සිය මාධ්‍ය භාවිතාවක යොදන සිරි රණසිංහගේ ලංකාදීපයේ මාධ්‍ය හැදියාව සම්බන්ධයෙන් පුදුම වන්නට දෙයක් නැත.

දෙමළ වැසියන් දහස් ගණනක් ඝාතනය කරමින් << මානුෂත්වය කැතකරන>> විට ලංකාදීප පුවත් මේ තරම් ප්‍රතිචාර දැක්වූයේ නැත. මේ මාධ්‍ය භාවිත අමන යැයි කියන්නේ එහෙයිනි.

කැටපත් පවුරට සිදුකල හානිය පිළිසකර කළ නොහැකි එකක් බව පුරාවිද්‍යා නිලධාරීන් දැනුම් දී අැති අතර කොළඹ මූලික යුධවාදී-සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට අප දැනුම් වෙන්නේ ඔබ විසින් දෙමළ ජනයාට කළ හානිය නැවත මොන යහපාලන පැමිණියද පිළිසකර කල නොහැකි බවයි.

දැන් අපි ප්‍රශ්ණයට අවතීරණ වෙමු.

මඩකලපුවේ ඉපැදුනු වැඩුනු සින්නතම්බි උදේනි සීගිරිය කැඩපත් පවුර නොදැන සිටීමෙන් පොළා පනින ප්‍රශ්ණය කුමක්ද? පිළිතුර ඇත්තේද එය තුළමය. ඇය ගල් ගැසුවේ මේ සංස්කෘතික දෙඹර කූඩුවටය. සැබෑ ලෙස එය ගල්ගසා අවුස්සා නිරුවත් කළයුතුම දෙබරයකි. සහ කෙබරයකි.

දැන් භූමියේ සැබෑ ප්‍රශ්ණයක් අප හමුවට අභිමුඛ වී තිබේ.

ප්‍රශ්ණයට අවතීර්ණ වන්නට පසුගිය දිනක රාවය පුවත්පතට චමිල ප්‍රියංක විසින් සුනිල් විජේසිරිවර්ධන සහ පරාක්‍රම නිරිඇල්ල සමග සිදුකර සාකච්ඡාව >> මේ යහපාලන << යුගයේ අවදානය මෙතෙක අවදානය යොමු නොවුනු තියුණු කලාපයක් වෙත කැදවාගෙන ගොස් ඇත. විශේෂයෙන්ම ආචාර්ය සුනිල් විසින් මතුකරන කාරණාව අතිශය වැදගත්ය. ලංකාවේ සංස්කෘතික අමාතංශයේ මොඩලය සහ සංස්කෘතික අමාතංශයක් යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් ඉතා කෙටි හැදින්වීමක් වූවද එය සංවාදය තලයක් දක්වා රැගෙන යාමට යම් සංයුක්ත අදහසක් ඔහු විසින් ඉදිරිපත් කර තිබේ. ලැම්බෝගින සෙවීම, අවන්ගාඩ්, පාවෙන ආයුධ ගබඩා සහ ලක්ෂ 58 ක අභිලාශය කියමින් මිනීමරුවන් නැවත වේදිකාගත කිරීමට, තොරම්බල් කිරීමට කදවුරු දෙකක පිරිස් ලංකා සමාජය තුළ කරක් ගසමින් ආතල් බෙදමින් බැලුම්බෝල බෙදමින් සිටින සිටින ​මොහොතක සංස්කෘතිය වැනි විෂයක් බොහෝ පිරිස් වෙත උකටලී මාතෘකා වනු ඇති බවට සැකයක් නැත. මන්ද ලංකා සමාජය යනු >>ලාෆින් බෑලූන්<< සොයනා සමාජයකි. මේ මොහොතේ ලංකා සමාජය ප්‍රති-සංස්කෘතික ගත කිරීම අතිශය බැරෑරුම්ම සහ අවශ්‍යම කාර්‍යය වන අතරම එය ලැම්බෝගිනි සෙවීම මෙන් ජනප්‍රිය සහ එක් රැයකින් සිදුකල හැකි නොවේ. එය ක්‍රියාවලියකි. පවතින ප්‍රධාන ධාරාවේ ක්‍රියාවලියට විරුද්ධව ස්ථානගත කළ යුතු ක්‍රියාවලියකි. ඒ සම්බන්ධයෙන් අභ්‍යාසක කිරීම රාජපක්ෂ වෙනස් වූ පසු අයිටීඑන් මාත්‍රිකව සත්‍යාගාර වීම තරම් සරල නොවේ. ලංකාව ප්‍රති-සංස්කෘතික ගතකිරීමේ පළමු පියවර ලෙස ඊනියා ජාතිකවාදීන් විසින් තැනූ ලෝකය ලංකාව තුළ පිහිටා තිබේය යන සිහිනය පුපුරවා හැර ලංකාව නම් වූ දුපත නැවත ලෝකය තුළ ප්‍රති-ස්ථාන ගත කුළ යුතුමය. රාජපක්ෂ බයියලාද , සිරිසේන ගොයියලාද , ඔලුව ස්ටේට් කද ලංකන් වික්‍රමසිංහලාද අඩු වැඩි ලෙස 1948 සිට පත්වූ සියලු ඇයෝද නෑයෝද ඉහත සිහින ලෝකය තුළ අඩුවැඩි වශයෙන් රග දක්වමින් සිටිති. ඔවුන් අතර වෙනස ඇත්තේ ප්‍රමාණාත්මකවය. එම ප්‍රමාණයන් සුවිශේෂී වන්නේ ස්විශේෂී දේශපාලන මොහොතකට ආදාළව පමණි. එම සුවිශේෂී මොහොත පසු වූ පසු නැවත "මෘතූ භූමිය" 2500 ඉතිහාසය, ග්‍රහ යෝග, අර යෝගී මේ යෝගීන් අර කී පළමු සිහිනයට මාරෑ වූ අයුරු අප දුටිමු. යහපාලන යුගය තවම කොතැනදැයි අපට කිව නොහැකි මුතු "සාමයේ දෙව්දුව " කියා පැමිණි චන්ද්‍රිකා නෝනා සුවිශේෂී දේශපාලන මොහොත පසුකල පසු අවසානයේ යන්න ගියේ රාජපක්ෂ නම් සාත්තරකාරයෙක් ජනාධිපති කරමිනි. පෙර වූ ලෙසම මේ පාලනය වන්දි භට්ටන් විසින් ග්‍රහනය කරමින් සිටින අයුරු රාජ්‍ය රෑපවාහිනී නාලිකා වල නිවේදන පුටු සන්නස්ගල වැනි වචන කැටයම්කරුවන්ට යෑම තුළම යම් ඉගි මතුවෙමින් තිබේ. රාජපක්ෂ යුගයේදී සිදුවූ වඩා වැදගත්යැයි කිවහැකි යමක් සිදුවූයෙනම් රැඩිකල් යැයි කියා සමාජයට මිත්‍යවට තල්ලකර ඊනියා රැඩිකලුන්ගේ සිට ලෙනින් ස්විස්ට්සර්ලන්තයේ සිට ජර්මන් කොච්චියේ නැගි රැසියාවට ආවාක් මෙන් ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කොළඹට හෙට විප්ලවය කරන්නට පැමිණ විප්ලවවාදීන්ද, ඔවුන්ගේ කණ්ඩායම්ද හෙළිදරව් වීමතුළ ඒ පිලිම කුඩු වීමයි. යහපාලන යුගයේදී ද එකම වැදගත් සිදුවීම ලෙස හෝ එයම සිදුවීමට නියමිතය. කප්පරක් නූතන සංස්කෘතික මිනිසෙක් යැයි පොර ටෝක් ලොරිපිටින් ඇදබාන සන්නස්ගලලා ජනාධිපතිවරු සමග ​මෛත්‍රී සම්භාෂණ පවත්වන්ට ගොස් සිදුවන රෙදි ගලවා ගැනීම අපි දුටුවෙමු. ලංකාව ප්‍රති-සංස්කෘතික කළ යුතු යැයි කීවේ එම නිසාමය. මන්ද කිසිදු පාලනයක් වෙනස් වූවද ලංකා සමාජයේ වැඩවසම් ​ඔලු ගෙඩි වෙනස් වෙන්නේ නැත. රාජපක්ෂලා රජුන් වූවා නොව ලංකාවේ යටත් වැසියන් ඉල්ලා සිටින්නේ තමන්ව යටත්කරන රජෙකි. උදාහරණ ලෙස පසුගිය වසර 10 තුළ ලංකා සමාජය ක්‍රියාත්මක වූ අයුරැ මතකයට නැවත ගන්න. ලංකාව වසර 2500 ක අති පිරිසිදු ඉතිහාසයක් තිබේයැයි කියන කාරණාවම අප කියන්නේ පට්ටපල් මුසාවක් මිත්‍යාවක් කියාය. ලංකාව යනු සියවරක් නොව දහස්වරක් මිශ්‍රවූද ඉන්දීය මහා සංස්කෘතියේ උප කොටසක්ම පමණි. සරලවම ඉන්දියාවක් නොතිබෙන්න ලංකාව තිබෙන්නට නොහැකි තරමට ඉන්දීයානු මහ සංස්කෘතියේ අප උපකුලකකි. ඉන්දීය සංස්කෘතිය හොද හෝ නරක හෝ කියා අප රේඛාගසන්නට ඉක්මන් වන්නේ නැත. එය වෙනම සංවාදයකි. නමුත් මේ පුපුරන සුලු තර්කය මේ සංවාදයක ගෙන එනු ලබන්නේ ලංකාව දූපතක් ලෙස පිහිටීම නිසා තිබෙන දූපත් මානසිකත්වය, හුදකලාව පුපුරවන්නේ නැතිව ලංකා ලෝකය තුළ සංස්කෘතික ප්‍රති-ස්ථාන ගතකල නොහැකි නිසාය. අවම තරමින් ලංකාව ආසන්න උප-මහද්වීපය හා ඇදිය යුතුය. එයම ලාංකීය හුදකලා දූපත් මානසිකත්වය පුපුරවා දැමීට එක ක්‍රියාමාර්ගයකි. එසේම අප ප්‍රයෝගිකව තේරුම් ගත යුත්තේ යූරෝපීය සංස්කෘතික තලයක් කරා අපට සමාජයට යා නොහැකි බවයි. මන්ද මහද්වීපික, භූගෝලීයව පවතින සංස්කෘතික විෂමතාවය නිසාවෙනි. චීන පන්නයේ මොඩල මෙන්ම ඇමරිකන් පන්නයේ සංස්කෘතික මොඩලද අප සමාජය තුළ අසාර්ථක වීමට හේතු වන්නේ එහෙයිනි. අනෙක් අතින් ඉපැරණි ඉතිහාසයක් ගැන කියමින් සංස්කෘතික තොරම්බල් කිරීම සහ වර්ගවාදී ඉතිහාස පාඩම් ලංකා සමාජය තුළන් ඉවත් කිරීම දීර්ඝ කාලීන සංවාදයක් සහ භූමියේ අභ්‍යාසක් කල යුතු එකක් වේ. අප වර්ගවාදී ඉතිහාස පාඩම් යනුවෙන් අදහස් කරන මහාවංශයම යනු නුල් සූත්තර රාජ ස්ත්‍රෝතයක් මිස ලංකාවේ සැබෑ ඉතිහාසය නොවන බවට අප කියන්නෙමු. සැබෑ ඉතිහාසය සහ සංස්කෘතික පද්ධතීන් ඇත්තේ එයින් එපිටය. මෙරට සමාජය ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස ගොඩ නැංවීමට අතවශ්‍ය ආයතනික වි්‍යුහයක් වන සංස්කෘතික අමාතංශය අප දන්නා ලෙස එය පිහිටවූ දාපටන්ම කර ඇත්තේ අවුරුදු උළෙලවල්, වෙසක් උළෙලවල් සංවිධානය කරනවාට අමතරව රාජ්‍ය නාට්‍ය සහ රාජ්‍ය සාහිත්‍ය නම් සම්මාන උළෙලවල් දෙක සංවිධානය කිරීම පමණි. දියුණු සංස්කෘතික මිනිසෙකු ඇතිකිරීම වෙනුවට ඊනියා- සිංහල බෞද්ධත්වය මත පදනම් වූ වර්ගවාදී ප්‍රවේශයක් සෑම විටම කොළඹ කේන්ද්‍රීය පාලන බලපද්ධතිය විසින් තමන්ගේ බලය පවත්වාගෙන යෑමට පිණිස භාවිත කිරීම නිසාම ලංකාව නම් වූ දූපතට සිදුව ඇති ඛේදවාචකය මේ මොහොතේද අප අත්විදිමින් සිටින්නෙමු. දියුණු සංස්කෘතික ​සත්වයෙකු නොමැති සමාජයක් පවතින්නේ ප්‍රශ්ණ කිරීමෙන් තොර අණ පැලිපැදීමෙනි. මිනිසෙකු සංස්කෘතික වනවා යනුම තිබෙන තත්ත්වයන් ප්‍රශ්ණ කරමින් අනෙක් ප්‍රවේශ්‍ය වෙත ප්‍රවිශ්ඨ වීමය. ලංකා සමාජයක් යනු ප්‍රශ්ණ කිරීම් වෙනුවට යටත්වැසියන් වූ සමාජයකි. පවුල් සංස්ථාව තුළ බිරිදට සැමියා ප්‍රශ්ණ කල නොහැක. එසේ ප්‍රශ්ණ කිරීමක් සිදුවුවහොත් තමන්ගේ පුරුෂ අභිමානය සම්බන්ධ ප්‍රශ්ණයක් ලෙස ඌණනය වෙයි. දරුවන්ට දෙමාපියන්, ගුරුවරුන් ප්‍රශ්ණ කල නොහැකි. ජනතාවට පාලකයන් ප්‍රශ්ණ කල නොහැකිය. සරලව කිසිදු බල ව්‍යුහයක් එයට පහලින් සිටින පිරිසට ප්‍රශ්ණ කල නොහැකි වී තිබේ. ලංකාව යනු මේ මොහොතේ හුදකලා වූ සංස්කෘතික කාන්තාරයකි. ඈත්තේ ගල්කණු කීපයක් සහ ඒ ගැන නැවත නැවත නන්දොඩවන ඔලුගෙඩි පමණි. අප මුලින්ම සින්නතම්බි උදේනිගේ කැටපත්පවුරේ නමක් ලිවීම සම්බන්ධයෙන් වන ප්‍රශ්ණයට පිළිතුර ඈත්තේ එම ප්‍රශ්ණය ඇත්තේ එය තුළම බව අප කියන්නේ ඇයට මෙම තත්ත්වය අත්කර දීමට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය, සංස්කෘතික අමාතංශය, දෙමළ ජනයා හුදලකා කිරීම, දෙවන කොට සැලකීම මෙකී සියලු දෑ වගකිව යුතු වෙයි. මන්ද ඇයට බලෙන් පැටවූ ඉතිහාස පාඩමක් තුළ විනා සිගීරියේ වන සංස්කෘතික වටිනාකම යම් අදහසක්වත් ලබාදීමට වෙනම රටක්ද පිහිටුවා ගැනීමට නොදෙන කොළඹ මූලික රාජ්‍ය විසින් අසමත්වීම නිසාවෙනි. එක් පුරවැසියෙකු එරට සංස්කෘතිය සම්බන්ධයෙන් අසමත්වීම යනු නැවත සිතා බැලියු යුතු කාරණාවකි. එය හුදෙක් එක් පුද්ගල වරදක් නොව අධ්‍යාපන ක්‍රමය සහ රාජ්‍ය සම්බන්ධයෙන් නැවත නැවත ප්‍රශ්ණ කිරීමකි. ලංකාදීප වැනි අධිපති මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අප විරෝධය පලකරන්නේ එවැනි ස්ථාවරයක සිටිමිනි. ලංකාවේ පාසල්වල උගන්වන ඉතිහාස පාඩම යනු මෙලොව කිසිදු මිනිසෙකු විසින් හැදෑරිය නොයුතු පාඩමකි. මන්ද එය එය ඒතරම් වර්ගවාදී වන නිසාවෙනි. ඒ පාඩම් ඔලුවලට බලෙන් පැටවූ සින්නතම්බි උදේනිලාට එම පාඩම් තුලන් නැවත නැවත් අවධාරණය කරනු ලබන්නේ තමන් එම ඉතිහාසයේ විරුද්ධකරුවන් බවයි. තමන් උපන් බිම තූළම අනාථයන් කළ රාජ්‍ය සහ එයට අදාළ පද්ධති සම්බන්ධයෙන් නැවත විමසීමක් නොකර සින්නතම්බි උදේනිට වසර දෙකක් දඩුවම් පැමිණවීමෙන් කිසිදු වෙනසක් සිදුවීමට නියමිත නැත. ලංකාවේ අග්‍රවිනිශ්චයකාර ශ්‍රීපවන් වූවාට ලංකාවේ අධිකරණය සිංහලය. එම නිසා දෙමළ ජනයා සම්බන්ධයෙන් වන ප්‍රශ්ණ අධිකරණයද විග්‍රහ කරනු ලබන්නේ අධිපති-සිංහල ඔලුගෙඩි වලිනි. රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමෙන් වීමට නියමිත රෝගියා මියයෑම පමණි. නැවත අප අවධාරනය කරනු ලබන්නේ සිගිරිය කැටපත් පවුරේ නමක් ලිවීම සින්නතම්බි උදේනිගේ පමණක් ප්‍රශ්ණයක් නොවන බවයි. සින්නතම්බි උදේනි විසින් මාහාමාන්‍ය කාෂ්‍යපට දැන් ගලක් ගසා තිබේ. සිංහල-කාෂ්‍යපලා දැන් සූදානම් ගල ගැසූවේ ඇයි දැයි විමසීමට ද නැතිනම් සිගිරියේ උඩ සිටම ඇය මතට ගලක් පෙරළා ඇය තලා දැමීමට ද??? පසන් ජයතිලක | Pasan Jayathilake