Image Credit: news.nationalpost.com

රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව වැලිකඩ සිරමැදිරියට කඩා වැදී අමු අමුවේ මෙසේ ඝාතනය කළේ ආණ්ඩුවේ සිර මැදිරියක් තුළ සිටි රැදවියන්ය.

දැන් එම ඝාතනයට වසර දෙකකටත් වඩා ඉක්ම ගොස් තිබේ. නමුත් ඒ ඝාතනය මෙහෙයවූ අලුගෝසු රාජපක්ෂ පාලනය අවසන් වී තිබේ.

දැන් ඇත්තේ නව පාලනයකි.

ඒ තත්ත්වය තුළ වැළිකඩ රැදවියන් ඝාතනයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණ වීමට වත්මන් පාලනයට වගකීමක් තිබේ. යහපාලනය ගෙන එන බවට පොරොන්දු දී පැමිණි වත්මන් පාලනයට එම වගකීමේන් මිදීමට නොහැකිය.

මේ එවකට වැළිකඩ බන්ධනාගාරය තුළ රැදවියෙක් ව සිටි සුදේශ් නන්දිමාල් තමා ඇසින් දුටු එම ඝාතනයන් පිළිබදව ‘විකල්ප‘ වෙබ් අඩවියේ සම්පත් සමරකෝන් සමග සාකච්ඡාවකට එක්වෙමින් දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්,

‘‘අපිට දැන ගන්න ලැබුනා, සෝදිසි මෙහෙයුමකට ආරක්ෂක අංශ බන්ධනාගාරය තුළට එනවා කියලා. ඒ මොහොතේ අපිට දැනගන්න ලැබුන විදිහට එල් හෝල් එක කියලා, එල් වාට්ටුව කියලා සැකකරුවො රදවලා තියන ස්ථානයක් තියනවා. සිර මැදිරියක් තියනවා. ඒ සිර මැදිරියට ඒ මොහොතේ ඒ සිර මැදිරියට ආරක්ෂක අංශ යනවා කියන එක දැනගන්න ලැබුනා. අපිට දැන ගන්න ලැබුනා දැඩි විරෝධයක් මත තමයි ඒ ගොල්ලො යන්නේ මොකද, බන්ධනාගාර නිළධාරීන් කියලා තියනවා එන්න එපා ඇතුළට, ආයුධ අරගෙන විශේෂයෙන් බන්ධනාගාරය තුළට එන්න තහණම්, ඒක නිසා එයට එන්න එපා කියලා කියද්දි, ‘නෑ අපි එනවා මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්‘ ‘අපිට කරන්න දෙයක් නෑ‘ කියලා 1000කට වැඩි ප්‍රමාණයක් එනවා….. ‘‘

@VIKALPA