Image Credit:tamilguardian

සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව ව්‍යුහවාදී නොවී සියලු දේශපාලනික ව්‍යුහන්ගෙන් වියුක්ත වී ලංකාවේ දේශපාලනයට සංයුත්ත වන්නේ කෙසේද යන්න කල්පනා කරමින් මෙම ලිපියට මුල පුරන්නේ මා තුල ද ප්‍රතිවිරෝධතා ගණනාවකට මුල පිරීමෙන්ය.

ලංකාවට සිදු වන්නේ කුමක් ද යන්නට පිළිතුර යම් පමණකට සිදු වූයේ කුමක්ද යන්න තුල ගැබ්ව ඇත. සිදු වූයේ කිසිවකු බලා පොරොත්තු නොවූ ආකාරයට මහින්ද රාජපක්ෂව ජනවාරි අට වැනි දින පෙළ ගැසුණු සකල විධ ජන බලය විසින් පහ කර ඇරීමය. එසේ නම් දැන් සිදුවන්නේ එම පහකිරීම නැවත බලයට ගෙන ඒමට ඉඩ සැලසීමය. එය හරියට අශූචි ප්‍රතිචක්‍රීයකරණය කිරීමක් වැනිය. වෙනස ඇත්තේ ලාංකික සමාජය මෙය අහාරයට ගැනීමට සූදානමින් සිටීමය. සාමාන්‍ය වශයෙන් සුනකයින්, ඌරන් වැනි සතුන්ට ප්‍රතිචක්ක්‍රීයකරණය ද අනවශයය. මෙවැනි සමාජ කොට්ඨාසයක දේශපානලනයේ යෙදෙන මහත්තුරන්ට නම් මෙය නරඹන්නන් තරමට ප්‍රතිවිරෝධ ගෙන දෙන්නේද නැත. මහින්ද නැවත පැමිණියාට කමක් නැතැයි සිතන ප්‍රගතිශීලීන්ද නැතුවා නොවේ. ඔවුන් එසේ කියන්නේ සංයුක්ත දේශපාලනික සංන්දර්භයෙන් නොව වියුක්ත සංදර්භයෙනි. මාක්ස් ල ලෙනින් පවා නොදන්නා මාක්ස්වාදයට අනුව ධනේෂ්වර රේඛාවෙන් බෙදීමෙනි. අධිරාජ්‍යවාදී මෙහෙයුම්වලට දැමීමෙනි, ‘අපි ඕකනෙ කලින්ම කිව්වේ‘ යන ප්‍රඤ්ඥාවන්ත පුරෝකතන ගෙනහැර පාමින්ය. එසේම සංයුක්ත සන්දර්භයෙන් මහින්ද යළි කැඳවීමට උදව්කරන්නෝ යනු හුදු පුද්ගලික පරමාර්ථ ඇතිව සිතන අයය. මේ අය අතරට රටේ ජනාධිපති මෛත්‍රීපාල ස්ථානගත වන්නේ කොතැනටද යන්න බොහෝ ප්‍රවෘත්තිල ලිපි වාර්තා කියවීමෙන් සිතාගත හැකි වේ. රටේ නායකයා වශයෙන් මෙම ප්‍රතිචක්‍රීකරණයට ඔහු සමහුලින්ම වගකිව යුතු බවට ද නැගෙන චෝදනා වල ඇත්තක් ඇත.

ඉතින් මේ සියලු දේවල් සිදු විය හැකිය. අලුතින් හිතන්නට අයිතියක් ඇත. එයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යැයි කියන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉගෙන ගැනීම් කළ යුතුය.

ලියන්නට හදන දේ නෙවෙයි ලියැවෙන්නේ. අනික මේක වෙනස් විදිහකට, අලුත් විදිහකට, ප්‍රබුද්ධ විදිහට බර සාරව ලිව්වා කියලත් මොක ද පලේ. එම නිසා ලිපිය කෙටි කරීම වැදගත් කියලා හිතෙනවා. අනික මගේ හිත තුල නලියන දේවල් වචන කළහොත්, රූප බවට පත් කළ හොත් දකුණු ඉන්දියානු චිත්‍රපටයක් වගේය. එක සිතිවිල්ලක් පමණක් ඔබට කියන්නම්. මම හිතන්නේ මේක මටම විතරයි හිතෙන්නට ඇත්තේ. රට තුල සිටින ජනයාට කිසිවිකට නොසිතේවා.

පසුගිය සති කිහිපය පුරාම මහින්ද රාජක්ක්ෂ පිළිබඳ බලපෑම් සහගත ප්‍රචාරණයක් ෆේස් බුක් හා අදාල මාධ්‍ය මගින් ගෙන යන්නට විය. මෙම වාර්තා කියැවීමෙන් මනස යම් ආකාරයට අවුල් වන්නට වූයේ එයින් මා තුල උපන් සංකල්ප රූප වල ඇති ප්‍රබලත්වය නිසා විය හැකිය.

මා මළ පහ කිරීම පිණිස වැසිකිළිට ගොස් ඉඳ ගෙන බහිස්ශ්‍රාවයට ඉඩ සලසද්දී, මා ඉදිරියේ මූර්තිමත් වූයේ ජාවා සම්භව බජරි මුහුණ සහිත මහින්දය. ක්ෂණයකින් මා අතට පත් වූ යේ මන්නයකි. මන්නය විසින් මහින්ද මුහුණ සහින්නට වූයෙමි. කඳින් හිස වෙන් කළෙමි. මේසයක් මත ප්‍රදර්ශනයක. ඒත් සමගම දිට්ඨධම්ම වේදනීය කර්ම ගථාව පසු බිමිව් වාදවය වන්නට වූයේය.

එසැනින්ම, මට සිදු වූයේ කුමක්දැයි මටම සිතා ගත නොහැකි විය. ඇයි මේ කරමට මම ප්‍රචණ්ඩ වූයේ යැයි සිතුණ ද මහින්ද ද ඔහු පිටු පසට වී සිටින් ඥාති පරම්පරාව යළිත් වරක් මූර්තිමත් විය. එවර ද මගේ මණ්නය ගමන් කළේ ගෝඨා දෙසටය. ඒත් සමගම මස් කඩයක් මතකයට පැමිණියෙමි. මෙම සිද්ධිය සඳහා නූතන අවි භාවිත නොකරන්නේ මන්ද යැයි යන සිතිවිල්ල ඔස්සේ යන්නට ඉඩ නොහැර වාසු දේව වෙතට හැරුණේ නූතන අවියත් අතැතිවය. ඔහුට කිසිවක් කරන්නට තුන් හිතකවත් අදහසක් තිබුණෙ නෑ…ඒත් අවස්ථාවේත් ඔහු කියන්නට වූ සාධාරණිකරණය ගර ගන්නා ප්‍රකාශය ඇසීමෙන් මගේ ඉන්ද්‍රියන් තවත් ඉවසන්නට සූදානම් බවක් නොපෙනුණි.

කට වහපං පකයා!
ස්වයංක්‍රීයව මටත් නොදැනී කොකා ගැස්සුනි…
විප්ලවවාදී මරණයක්
මේ ආරංචියත් සමඟ සැඟවෙන්නට තැන් සොයන විමල් සහෝදරයාද මතක් වීමෙන් තරමක සැමැල්ලුවත් ඇති කර්නනට විය. මේ ආකාරයට සියලු දෙනාට කළ යුතු දේ දර්ශනය වුවත් එය අනුමත කළ හොහැකිය. එහෙත් එවැනි සන්දර්භයක් නිර්මණය වූ අතීතයක අත්දැකීම් ද නැතුවා නොවේ. ගඩාෆිගේ ඉතිහාසය ලඟම හා ගැලපෙනම එකකි.

එවැනි සිතුවිලි රටක මිනිසුන්ගේ හිස්තුල බීජ රෝපණය කිරීමට ඉඩ සළස්වනු ඇත්තේ නීතිය හා යුක්තිය යන සාධකයෝය. ඉතින් මං තුල ඇති වූ නොසන්සුන්තාව පහ කර ගැනීමට කළ යුතු දෑ මොනවාද යන්න කල්පනා කිරීමේ දී, රතන සූත්‍රය සහිපත් විය. අන්තර්ජාලයේ ප්‍රවෘත්ති කියවීම සීමා කළ යුතු යැයි ද සිතුණෙමි.

අවිහිංසාවාදියෙක් වීමට උත්හාහ කරන මාගේ සිතුවිලි චලනය කිරමින් ප්‍රචණ්ඩකාරී කිරීම සඳහා වූ අභිප්‍රේරණය ඇති කළේ ජන මාධ්‍යය දැයි ද සිතෙන්නෙමි. මට හිතෙන්නේ අපි කවුරුවත් ශිෂ්ඨ නෑ. මොකද අපිට ශිෂ්ඨ සම්පන්න නීතියක් ධර්මයක් නෑ. මේ වෙලාවෙදිවත් ඒක නොකෙරුවොත් වෙන දේවල් බලන්න වෙන්නෙත්, විඳින්න වෙන්නෙත් අපිටමයි. සමහරවිට අපි නැතුව උඹලා, ඒ කියන්නේ මතු පරපුර
මේ ඔක්කොම මෙහෙම වෙද්දී ලෝකෙන් උතුම් රට ලංකාවයි කියයි.

ඉතින් මට කින්න ඕනැ උනේ මේ ටික.

එළැඹෙන මැතිවරණයට රටේ අනාගතයට වැදගත් දේවල් රැසැක් එක් වෙනු ඇත. තනි පක්ෂ බල රටාව ආහෝසි වී යාම, ජනතා විමුක්ති පෙරමුණ සැලකිය යුතු ලෙස වර්ධනය වීම, චම්පික බලවේගයට ද ශත්කිය ලැබීම, දමිළ නියෝජන පදනම එලෙසම වියුක්ත බලයක් වීම හා සිවිල් බලවේග වල නොනවතින අරගලයග කැමැත්තෙන් අකමැත්තේ වුවද එජාපය හා සන්ධාන ගත පාර්ලිමේන්තුවක් ජනනය වීම. මහින්ද හා ඔහු වටා සිටින තක්කඩි රැළ බිත්තියට හේත්තු කොට සියලු දෙනා අධිකරණය වෙතට පැමිණවීමට ක්‍රියා කිරීම අනාගත විකල්ප සිවිල් ක්‍රියාකාරී කටයුතුය. සැබෑවටම එය කළ හැකි නම්, ඊටත් විප්ලවයක් යැයි නොකිය හැකිද?? එය දාහතේ ඔක්තෝබර් විප්ලවය විය නොහැකි උවත් නවසිය පහේ විප්ලවය විය හැකිය. ලෙනින්ලා වගේ සිහින දකින වාමාංශිකයින්ට නම් එන පොට තේරුම් ගන්න බැරි උණොත් වෙන දේ මේ කාලය තුලම බලා ගන්නට පුළුවන්ය.

ඒ එහෙම උනා උනත් ඔවුන්ටත් ජනාතාව කීප දෙනෙක් වත් කැමැති විය යුතු වන්නේ ඔවුන් ද මේ විවිධත්වයේ අහු මුළු නිෂේධනයන්ගෙන් හරි පවා වර්ණවත් කරන්නෝ වන බැවිනි.

Mels Macasche | මෙල්ස් මාකැස්චේ