2015 මහ මැතිවරණය – දේශපාලන පක්ෂ හා ඡන්දදායකයින් වෙත හදිසි ඉල්ලීමක් | සිකුරාදා සංසදය

2015 ජනවාරි 8 වන දින අපි අපේ රටේ මෑත දේශපාලන ඉතිහාසයේ ප‍්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් අත් දුටුවෙමු. ඡන්දදායකයින්ගෙන් බහුතරය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, දූෂිත හා හිංසාකාරී යයි පිළිගත් පවතින දේශපාලන සංස්කෘතිය ප‍්‍රතික්ෂේප කිරීමට ඔවුන්ගේ ඡන්දය පාවිච්චි කළහ. ඇති වූ දේශපාලන වෙනස දේශපාලන පලිගැනීම් පිළිබඳ බියෙන් තොරව නිදහස් අදහස් ප‍්‍රකාශනය හා සමාගමය බුක්ති විඳීම හැකි කරන නිදහස් විවාදය හා සංවාදය සඳහා වන මේ දක්වා පැවති සීමාකරන ලද අවකාශයන් විවෘත කළේ ය. පෞද්ගලික නිදහසට හා ආරක්ෂාවට ඇති අයිතිය බුක්ති විඳීම පැහැදිලි ලෙස ශක්තිමත් කර තිබේ. එපරිද්දෙන්ම විවිධ මූලාශ‍්‍රයන්ගෙන් මතුවෙමින් පැවති වාර්ගික-ආගමික අන්තවාදයෙන් විශාල නිදහසක් ඇතිව තිබේ. සැබවින්ම සම්පූර්ණ නොවුව ද ප‍්‍රජාතන්තී‍්‍රය ප‍්‍රතිමානයන් හා භාවිතයන් පිළිබඳ වැදගත් යයි සැලකිය හැකි නව දේශපාලන සංස්කෘතියක ආරම්භයන් නිරීක්ෂණය කරන්නට හා අත්විඳින්නට අපි අපේක්ෂාවෙන් සිටිමු.

ජනවාරි 8 වෙනි දින ජනතාව විසින් දිනා ගන්නා ලද එකී මොළකැටි ප‍්‍රජාතන්තී‍්‍රය ජයග‍්‍රහණ ආපසු හැරෙනු දැකීම රටට දරන්නට නොහැකි ය. එළඹෙන මහ මැතිවරණය එකී ජයග‍්‍රහණ තහවුරු කිරීමට උපයෝගී කර ගත යුතු ය. රටට හොඳට සේවය කළ හැකි වනුයේ ශී‍්‍ර ලාංකීය සමාජයේ බහුත්වවාදී ස්වභාවය සම්බන්ධව ගැඹුරු ගරු කිරීමක් අඩංගු කර ගන්නා ප‍්‍රජාතන්තී‍්‍රය සදාචාරයකින් යුත් ජනතාවට සේවය කළ හැකි අපේක්ෂකයන් විසින් පමණි.

පදවියේ අධිකාරය අවභාවිතයේ යොදන ලද, නීතියේ පාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමාන අපයෝජනය කරන ලද, තේරීපත්වීමේ ජනපි‍්‍රයතාව අත් කර ගනු පිණිස වාර්ගික හා/හෝ ආගමික වෛරය අවුස්සන ලද හෝ විවෘතව හෝ නිහඩව හෝ දේශපාලන හිංසනය අනුමත කරන ලද අපේක්ෂකයන් නම් කරන ලද පක්ෂ ප‍්‍රතික්ෂේප කරන්නැයි අපි ඡන්ද දායක ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ආචාර්ය දීපිකා උඩගම මහත්මිය | අහිලන් කදිරගාමර් | ශාන්ති ඩයස් මහත්මිය
සිකුරාදා සංසදය වෙනුවෙන්

සිකුරාදා සංසදය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, යහ පාලනයේ, නීතියේ පාලනයේ, මානව හිමිකම්වල, මාධ්‍ය නිදහසේ හා අපේ බහුත්ව සමාජයෙහි ඉවසීමේ ප‍්‍රතිමාන ආරක්ෂා කිරීමට ශපත කළ සැලකිලිමත් පුරවැසියන්ගේ අවිධිමත් කණ්ඩායමකි.

[ආචාර්ය දීපිකා උඩගම මහත්මිය, අහිලන් කදිරගාමර් මහතා, ශාන්ති ඩයස් මහත්මිය, සූරියා වික‍්‍රමසිංහ මහත්මිය, ආචාර්ය ජී. උස්වත්තආරච්චි මහතා, ෆයිසූර් රහමන් මහතා, මනෝරි මුත්තෙට්ටුවෙගම මහත්මිය, ජාවිඞ් යූසුෆ් මහතා, ආනන්ද ගලප්පත්ති මහතා, සාලිය පීරිස් මහතා, ආචාර්ය ඒ. සී. විශ්වලිංගම් මහතා, මහාචාර්ය රංජිනි ඔබේසේකර මහත්මිය, පි‍්‍රයන්ත ගමගේ මහතා, දාමරිස් වික‍්‍රමසේකර මහත්මිය, මහාචාර්ය අර්ජුන අළුවිහාරේ මහතා, මහාචාර්ය ගමීලා සමරසිංහ මහත්මිය, රධිකා කුමාරස්වාමි මහත්මිය, තිස්ස ජයතිලක මහතා, මහාචාර්ය කමීනා ගුණරත්න මහත්මිය, අති පූජ්‍ය දුලිප් චිකේරා රදගුරුතුමා, ඞී. විජයානන්දන් මහතා, දනේශ් කාසි චෙට්ටි මහතා, මහාචාර්ය ගනනාථ ඔබේසේකර මහතා, ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් මහත්මිය, පුලස්ති හේවාමාන්න මහතා, චන්ද්‍රා ජයරත්න මහතා.]