Image: Slvaraj Rajasekar/@Maatram

මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල් සංවිධානවල පිරිස් පසුගිය කාලයේදී මධුෂ්කව සොයාගැනීම සදහා විවිද අන්දමේ බලපෑම් වල නියැලුනා. ඒ අතර මුදුෂ්කගේ බිරිද වන මයුරිත් 2014 නොවැම්බර් 1 වන දින කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ‘ලබන උද්ගොෂණ නවතා දමන ලෙස‘ තර්ජනය කරමින් අත්පා බැද මහ මග දමා යනවා.

නමුත් පැවති රාජපක්ෂ පාලනය සිටියේ බීරි අලියෙක් සේ නිසොල්මනේය.

නමුත් මදුෂ්කගේ බිරිද, මයුරි 2015 ජනවාරි 8න් පසු බලයට පැමිණි යහපාලනය ගැන විශ්වාසයක් තිබුණා.

ඒ විශ්වාසයත් සමග 2015 මාර්තුවේ දී ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරිපිට ඇය සිය දරුවන් දෙදෙනාත් සමග මහමග වාඩි වී සිටියේ ජනාධිපතිවරයාට මේ බව සෘජුවම දැනුම් දීමටයි. නමුත් ඇය පවසන්නේ 2015 මාර්තුවෙන් පසු විවිද අන්දමේ ලිපි ජනාධිපති, අගමැති කාර්යාලයෙන් ලැබුනු බවත්, නමුත් මධුෂ්ක පිළිබද කිසිදු වැදගත් තොරතුරක් නොලැබුනු බවත්ය.

ඒ තත්ත්වය තුළ මධුෂ්කව පැහැර ගෙන දින 1010 පිරෙන මේ මොහොතේ අය නැවතත් සිය දුක කියන්නට ජනාධිපතිතුමා හමුවන්න පැමිණියා. නමුත් ඇයට සුපුරුදු පරිදි ලැබුනේ සුපුරුදු උත්තරයක්. ‘තව සතියකින් කියන්නම්‘. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරියෙක් ඇයට පවසා තිබුණා. බලන්න” 2016 ජූනි 9වනදා කිවූ දේ… එහි වීඩියෝව මෙතැනින්

අද

1

නමුත් මාස 2කකට වඩා ගත වුවත් මෛත්‍රීගේ පොරොන්දු වූ ‘සතිය‘ තාමත් පැමිණ නැත.

එබැවින් මයුරි ජයසේන අද(01) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරමින් පවසා සිටින්නේ,

‘මට ජනාධිපතිතුමා මුණ ගැසෙන්න ඕන. පසුගිය කාලයේම ලේකම්වරු මට බොරු කිව්වා. අද මම මෙතනින් නැගිටින්නේ නැහැ‘

මේ වන විටත් මයුරි උපවාසයේ යෙදී සිටින්නේ රටේ ප්‍රධාන පුරවැසියාගෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරුය. ඇය මේ ලංකාවේ පුරවැසියෙකි. ඒ බව ජනාධිපතිවරයාට අලුතින් මතක් කර දියුතු ද? ජනපතිට ‘සතිය‘ පිළිබද නැවතත් මතක් කර දිය යුතුද?

IMAG5050