ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී, ආගම්වාදී ප්‍රචණ්ඩත්වය යළි හිස ඔසවා තිබීම ගැන මේ දක්වා ‘යහපාලන‘ ආණ්ඩුවද කිසිවක් නොකර සිටීමේ පිළිවෙතක් පවත්වාගෙන යාමේන ඉදිරියේදී තත්ත්වය බියකරු විය හැකි බවට සිදුවීම් සිදුවෙමින් තිබේ.

පසුගිය මාසයක කාලය තුළ පමණක් මුස්ලිම් ආගමික සන්ථාන 3ක් ඇතුළු මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියාවන් 16ක් වාර්තාවී තිබෙන බව ග්ලෝබල් ටැමිල් පුවත් සේවය වාර්තා කරයි. නමුත් ඒවාට සම්බන්ධ කිසිදු අයෙක්ට එරෙහිව නීදිතිය ක්‍රියාත්මක කිරීමට යහපාලන ආණ්ඩුව ච අසමත් ව තිබේ. එය අලුත්ගම, දර්ගා නගරය ගිණිතැබීමට සම්බන්ධ කිසිවෙක් නීතිය හමුවට පමුණුවා දඩුවම් නොකිරීමේ තවත් එක් ප්‍රථිපලයකි.

එසේම පසුගිය කාල පුරාම රට තුළ ජාතිවාදී අදහස් ප්‍රචාරය කළ බොදු බල සේනාව, රාවණා බලය සහ සිංහල රාවය වැනි සංවිධානවල ක්‍රියා කටයුතු යළි හිස ඔසවා තිබෙන අතර, ඥාණසාර ද යළි තම ජාතිවාදී අදහස් ප්‍රචාරය කිරීමේ කටයුත්ත ආරම්භ කර තිබේ.

නමුත් මෙවැනි සිද්ධීන් මැඩ පැවැත්වීමට යහපාලන ආණ්ඩුලව සහ ආරක්‍ෂක අංශය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, මුස්ලිම් දේශපාලන නායකයන් ද ආණ්ඩුවට අවශ්‍ය තරමේ බලපෑමක් සිදුකිරීමට අපොහොසත් වී ඇත.

මාසයක් තුළ ප්‍රචණ්ඩ ක්‍රියා 16ක්

මේ වසරේ අප්‍රේල් 15වනදා සිට මැයි 20වනදා දක්වා වූ කාලය තුල සිදුවූ මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩකාරි සිද්ධින් පහත සඳහන් වේ.

16.04.2017:
දකුණු පළාතේ ගොඩපිටිය, පෝරුව නගරයේ පිහිටි මුස්ලිම් ජනතාවට අයත් වෙළඳසැල් හතරකට අළුයම් කාලයේදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

17.04.2017 :
ගාල්ල කොටුව හමුදා කඳවුරු ආරක්‍ෂක කලාපයෙහි පිහිටා ඇති ෂෙයිහ් සාලිහ් වලියුල්ලාහ් ආගමික ස්ථානයේ ආරක්‍ෂක තාප්පය නාඳුනන පිරිසක් විසින් කඩා විනාශ කර තිබීම.

20.04.2017 :
අම්පාර, ඉරක්කාමම්, මායක්කල්ලි කන්ද පාමුල පිහිටි මුස්ලිම් ජනතාවට අයත් අක්කර දෙකකට වැඩි ඉඩම් ප්‍රමාණයක් ආක්‍රමණය කර එහි බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමේ කටයුත්තක් බෞද්ධ හිමිවරුන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන් තත්වයක්ද ඇතිවුණි.

25.04.2017 :
අම්පාර, ඉරක්කාමම්, මායක්කල්ලි කන්ද පාමුල පිහිටි මුස්ලිම් ජනතාවට අයත් මුස්ලිම් ජනතාවගේ ඉඩම් ආක්‍රමණය කර එහි විහාරස්ථානයක් ඉදිකිරීමේ වැඩ කටයුතු නිරීක්‍ෂණය කිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥාණසාර හිමියන් එම ප්‍රදේශයට පැමිණියේය. තවද අම්පාර දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති රැස්වීමට සහභාගිවූ අතර එහිදී මුස්ලිම් ජනතාවට හා ඉස්ලාම් ආගමට එරෙහිව වෛර සහගත අදහස් ප්‍රකාශ කළේය. රටතුල තවත් බෞද්ධ විහාර දහ දාහක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවද උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේය.

03.05.2017 :
ඉරක්කාමම් ප්‍රදේශයේ අනවසරයෙන් පැමිණ ජාති භේදයක් ඇති කිරීමට තැත් කරන ඥාණසාර හිමියන් සහ සිංහල රාවය හිමිවරුන්ව අත්අඩංගුවට ගත යුතු යැයි අම්පාර දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හරීස් මහතා පාර්ලිමේන්තුවේදි ඉල්ලා සිටියේය.

08.05.2017 :
ශ්‍රී ලංකා මුහුදු කලාපයේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින මියන්මාර මුස්ලිම් සංක්‍රමණිකයන්ව රටින් පිටුවහල් කළ යුතු බවත්, සංක්‍රමණිකයන් මුවාවෙන් මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකා ආක්‍රමණය කිරීමට උත්සහ කරන බවට කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී බොදු බල සේනාවේ මහ ලේකම් ඥාණසාර හිමියන් පවසා තිබුණි.

10.05.2017 :
ඉරක්කාමම් මායක්කල්ලි කඳු පර්වතයේ වෙසක් දිනය නිමිත්තෙන් පොලිස් ආරක්‍ෂාව මැද විශේෂ බෞද්ධ පූජාවන්ද පැවැත්වුණි.

10.05.2017 :
පොළොන්නරුව, ඕනේගම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ බොදු බල සේනා මහ ලේකම් ඥාණසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායම එම ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම් ජනතාවට තර්ජනය කළ අතර, ඔවුන්ගේ ගව පට්ටි ද ගලවා විනාශ කළෝය. එහිදී මුස්ලිම්වරුන්ගේ දෙවියන්ව අපහස කර වෛරී සහගත අදහස්ද ඥාණසාර හිමි විසින් ප්‍රකාශ කර තිබුණි.

15.05.2017 :
තෝප්පූර් නීනාක්කේනි ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට අයත් පාරම්පරික ඉඩම්වලට අනවසරයෙන් ඇතුල් වූ බෞද්ධ හිමිවරුන්, එම ජනතාවගේ ඉඩම්වල වැට කඩා විනාශ කළහ.

15.05.2017 :
පානදුර, පැරණි බසාර් ප්‍රදේශයෙහි පිහිටි මුස්ලිම් මස්ජිදයකට අලුයම 3ට පමණ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි. ප්‍රහාරය හේතුවෙන් මස්ජිදයට දැඩි අලාභ හානි සිදුවූ නමුත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

16.05.2017 :
කොළඹ, වැල්ලම්පිටිය, කොහිළවත්ත ප්‍රදේශයේ පිහිටි ඉබ්‍රාහිමියියා ජුම්මා මස්ජිදයට අලුයම 1.45ට පමණ අට දෙනෙකුගෙන් යුතු මැර කල්ලියක් විසින් පහරදී තිබුණි. ප්‍රහාරයෙන් මස්ජිදයට දැඩි අලාභ හානි සිදුව ඇති නමුත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

16.05.2017 :
බොදු බල සේනා කාර්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මුස්ලිම් ජනතාවට සහ ඉස්ලාම් ආගමට එරෙහිව වෛරී සහගතව අදහස් ප්‍රකාශ කළ අතර, මුස්ලිම්වරුන්ගේ දෙවියන් අපහස කර යළි අදහස් ප්‍රකාශ කර තිබුණි.

16.05.2017 :
සෙල්වනගර්, නීනාක්කේනි ප්‍රදේශයට උල් ආයුධ සහ පොලු මුගරු සහිත කඩා වැදුනු 200කට වැඩි පිරිසකින් යුතු මැර කණ්ඩායමක් එම ප්‍රදේශයේ ජීවත් වු මුස්ලිම් ජනතාවගේ නිවස්වලට පහරදී අලාභහානි සිදු කළහ. එහිදී නිවාස 16කට දැඩි අලාභ හානි සිදුවූ අතර කිහිප දෙනෙකු තුවාල ලැබූහ.

17.05.2017 :
පානදුර, එලුවිල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ජාතිකයන් අයත් බේකරියක් ඇතුළු වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිඳු නීතිමය පියවරක් ගෙන නොමැත.

18.05.2017 :
වෙන්නප්පු ප්‍රදේශයෙහි පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් ලාස්ට් චාන්ස් නැමැති වෙළඳසැලට අලුයම 2ට පමණ ගිනි තබා විනාශ කර තිබුණි.

21.05.2017
කුරුණෑගල, මල්ලවපිටිය මුස්ලිම් මස්ජිදයට අලුයම පෙට්‍රල් අත්බෝම්බ හතරක් එල්ලවී තිබේ. ප්‍රහාරයෙන් මස්ජිදයේ බිත්තිවලට ද දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තාවේ.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයද වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ‘‘ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ආගමික නිදහස සම්බන්ධයෙන් පුරවැසියන් සතු අයිතිය සුරක්ෂා කළ යුතු බව දැඩිව අවධාරණය කරයි. ආගම විශ්වාසයන් හේතුවෙන් පීඩාවට පත් නොවී සිටීමටත්, ගැටුම්වලින් ආරක්ෂාවීමටත් සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇති බවත් , අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත්, බිය සැක දුරු කිරීමත් රජයේ වගකීමකි. කාලීන අවශ්‍යතාවයක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.

ඔවුන් නිකුත් කරන ලද සිදුවීම් අඩංගු වාර්තාව පිිවිසෙන්න