තේ වගාව සදහා අත්‍යවශ්‍ය බව පවසමින් මරණීය ග්ලයිෆොසෙට් යළි ආනයනය සදහා පිඹුරුපත් සකසමින් තිබෙන බව අද(11) මාධ්‍ය හමුවක් කැදවමින් ‘මහජන සැලසුම් ජාතික සංසදය‘ පවසා සිටියි.

සීග්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගය සදහා ග්ලයිෆොසෙට් සෘජුවම බලපාන බව වගකිවයුතු විවිද පාර්ශව වලින් සායනිකව ඔප්පුකර තිබියදී මෙරටට ගෙන්වීම තහණම් කළ ග්ලයිෆොසෙට් ජාවාරම්කාර සමාගම් විසින් වෙනස් නම්වලින් ගෙන්වා බෙදාහරින බවට ද තොරතුරු හෙළිදරව් වී තිබෙන බව මොන්ලාර් සංවිධානයේ, චින්තක රාජපක්ෂ පවසයි.

මධ්‍යම කදුකරයේ වකුගඩු රෝගීන් නොමැති බව හේතුවක් සේ ගෙනහැර පාමින් ද තේ වගාව සදහා ග්ලයිෆොසෙට් අනිවාර්ය බව තහවරු කරමින් ද වහා පිටු දැකිය යුතු බව ‘මහජන සැලසුම් ජාතික සංසදය‘ පවසා සිටියි.

පහත දැක්වෙන්නේ ග්ලයිෆොසෙට් සහ එහි තහණම ඉවත්කළහොත් මතුවන බියකරු තත්ත්වය පිළිබද අදහස් දක්වන ‘මහජන සැලසුම් ජාතික සංසදය‘ හි ක්‍රියාකාරීන්ගේ අදහස් කිහිපයකි.

පහත දැක්වෙන්නේ ග්ලයිෆොසෙට් වල බලපෑම පිළිබදව වැඩිදුර තොරතුරු ඇතුලත් පත්‍රිකාවන්ය.

Leaflet 1

Leaflet 2