යාපනය වීරසිංහම් ශාලාවේ දී පසුගිය සැප්තැම්බර් 5වන දින විද්වතුන්, දේශපාලන නායකයින් සහ මහජනතාව ගෙන් සමන්විත දෙමළ මහජන සභාව විසින් ජනතාවගේ අදහස් හා යෝජනාවලට අනුව සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සිංහල අනුවාදය පහත දැක්වේ.

1. ලංකාවේ ජාතික ප්‍රශ්ණයට විසඳුම, මෙම ජාතික ප්‍රශ්ණයේ මූලික හේතුකාරණා හදුණාගෙන එයට ස්ථිර විසඳුමක් ලබා දෙන අයුරින් තිබිය යුතුය.

2. ජාතික ප්‍රශ්ණයට විසඳුම උතුරු නැගෙණහිර ප්‍රදේශයේ ස්වයං-නීර්ණ අයිතිය හා අනාගමික, ෆෙඩරල් විසඳුමක් වන අතර ශ්‍රී ලංකාවේ ගෞරවයට හා සාමයට ගරු කර සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි ස්ථිර සාමයක් ඇති කිරීමට එය රුකුලක් වනු ඇත. මෙය දෙමළ ජනතාවගේ මූළික දේශපාලන අභිලාශයක් වන අතර දශක ගණනාවක් මැතිවරණවලදී ලබා දුන් පොරොන්දු, තිම්පු ප්‍රකාශණය, පොංගු තමිල්, එළුග තමිල් වැනි ප්‍රකාශණ තුළින් ඉතා පැහැදිලිවම අවස්ථා ගණනාවක දී ප්‍රකාශ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන්ද වේ. උතුරු නැගෙණහිර ප්‍රදේශයේ ස්වයංනීර්ණ අයිතිය පිළිගෙන එහි අනන්‍යතාවය ස්වෛරීභාවය යටතේ ෆෙඩරල් විසඳුමක් යනු අත්හැරීමට නොහැකි දේශපාලන ඉල්ලීමකි. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණයට ඉදිරිපත්කරන ඕනෑම විසඳුමක් මෙම කාරණා යටතේ ප්‍රවේශවීම සාධාරණීය වන අතර දිගුකලක් ස්ථීරව පවතිනු ඇත.

3. උතුරු නැගෙණහිර ඒකාබද්ධ දෙමළ ප්‍රදේශයේ (සැළසුම් සහගතව රාජ්‍ය විසින් බලෙන් පදිංචි කළ ජනතාව හැර) ස්වදේශීයව ජීවත්වන මුස්ලිම් සහ සිංහල ජනතාව ද එම ෆෙඩරල් විසඳුමෙහි සියලු අයිතිවාසිකම්වලට හිමිකම් තිබේ. ඒකාබද්ධ උතුර, නැගෙණහිර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව තමන් සදහා වූ දේශපාලන බලය ඉල්ලා සිටීමට ද අයිතියක් ඇත.

4. ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කදුකර දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශයන්, මූලික අවශ්‍යතාවයන් තෘප්තිමත් ලෙස ලබා දෙන අයුරින් තිබිය යුතුය. ඒ සදහා වූ හඩ සහ මිත්‍ර ස්ථාවරය ද අපි සැමවිටම ලබා දෙන්නෙමු.

5. පසුගිය වසර 70ක කාලයක් දෙමළ ජනතාව වෙත සැළසුම් සහගතව ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන ජන සංහාරයෙන් අප ජාතියේ පැවැත්ම ආරක්ෂාකර ගැනීමට ඉහත සදහන් දේශපාලන ඉල්ලීම පිළිගත යුතුය. තවද ජාත්‍යන්තර අධිකරණය නැති නම් ඒක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි ස්වාධින ජාත්‍යන්තර අපරාධ නීති ක්‍රමවේදයක් මගින් මෙම ජන සංහාරය පිළිබද විභාග කර පීඩාවට පත්වූ ජනතාවට සාධාරණයක් ලබා දිය යුතුය. අපගේ දේශපාලන විසඳුම සදහා ඉල්ලීම සහ ජන සංහාරයට වගවීම යන කාරණා අත්හැරිය හැකි විකල්පයකට අයත් කාරණාවක් නොවේ. දෙමළ ජනතාවට ස්වාභාවික යුක්තියට අනුව සාධාරණයක් ලැබෙන්නේ ඉහත සදහන් කාරණා දෙක සම්පූර්ණ කිරීම තුළින්ය.

6. දේශපාලන විසඳුම සහ වගවීම ගැන ජාත්‍යන්තර වේදිකාවල පොරොන්දු ලබා දී, එය ඉටු නොකර කල් ගත කරමින් රැවටීම ශ්‍රී ලංකා රජය කාලාන්තරයක් තිස්සේ සිදු කරන ක්‍රියාවලිය වේ. ජාත්‍යන්තර බලපෑම්වලින් තමන්ව ආරක්ෂා කර ගැනීමට මෙම අසත්‍ය පොරොන්දු ලබා දීම තම සාමාන්‍ය වැඩපිළිවෙලක් ලෙස ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව වත්මන් රජය පසුගිය කාලයේ රජයන් අතර කිසිදු ආකාරයකින් වෙනසක් නැත.

මේ රජය 2015, 2016 සහ 2017 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවල ලබා දුන් පොරොන්දු කිසිවකු නිහතමානී ලෙස, එක්සත් ජාතීන්ගේ සභාවේ අවධාරණය කළ පරිදි පීඩාවට පත්වූවන්ගේ අදහස් විමසා සිදුකර නැත. ජාත්‍යන්තරය රැවටීමට නාමිකම කටයුතු කරමින් සිටී.

ලොව ඉහළම සභාවක් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් හි විශ්වාසයන් තබා ඇති රටවල් හී ගෞරවයට හානි කරන අයුරින් එයට අභියෝග කරන ආකාරයෙන්, එක්සත් ජාතීන්ගේ සභාවේ නිර්දේශ කළ ජාත්‍යන්තර විනිසුරුවන්, ත්‍රස්ථ මර්දන පනත ඉවත් කිරීම, වැනි කටයුතු පැහැදිලිවම ප්‍රතික්ෂේප කරමින් වත්මන් රජයේ ජනපති, අගමැති සහ මැති ඇමතිවරුන් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කරමින් සිටීම ගැන ජාත්‍යන්තර බලවේග සිය අවධානය යොමුකල යුතුයි.

7. වගවීම පමණක් නොව දෙමළ ජනතාවගේ දේශපාලනික අපේක්ෂාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා මහජන කමිටුව ට ද කරුණු ඉදිරිපත් කිරීම ඇතුලු අවස්ථා ගණනාවකදී ජනතාව සිය අපේක්ෂාව ඉදිරිපත්කල නමුත්, ඒ සියල්ල සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අයුරින් ජනපති, අගමැති සහ මැති ඇමතිවරුන් සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සභාපති ඇතුලු නිළධාරීන්ගේ අදහස්, ප්‍රකාශණ දක්නට තිබේ.

රජයේ ඉහළ බළධාරීන් නිළ වශයෙන් ප්‍රතික්ෂේප කිරීම, මෙම රජයටද දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්ණයට විසඳුමක් ලබා දීම ගැන හෝ අවංකව වගවීම ගැන ද, සැබෑ අපේක්ෂාවක් නොමැති බව වරින් වර පැහැදිලි වන හේතුවෙන් වර්තමානයේ සිදුවන කටයුතු වලින් රජය කෙරෙහි දෙමළ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති හෙයින් ජාත්‍යන්තර රටවල් මේ සම්බන්ධයෙන් සෘජුව මැදිහත් වී පීඩාවට පත් වූ ජනතාවට සාධාරණ යුක්තියක් ලබා දීමට කටයුතු කළ යුතුයි.

දෙමළ මහජන සභාව(2017 සැප්තැම්බර් 05)
විශේෂ ස්තූතිය ග්ලෝබල් ටැමිල්