“එකමත් එක රටක සිටියා ලු විජ්ජාකාරයෙක්. ඔහුට ඒ රටේ රජු සමඟ වෛරයක් වූයෙලු. රජුගෙන් පළි ගැනීමේ උපායක් ලෙස හෙතෙම, පොදු ජනයා භාවිතා කරණ එකම ලිඳට වස දැම්මේ ලු. වස මිශ්‍ර ජලය පානය කළ එරට ජනයා, උම්මන්තකයන් වීලු. හැබැයි රජු සහ රාජකීය පවුල උම්මතකයන් නොවිලු. හේතුව රාජකීය වීම හේතුවෙන් රජු ගේ පවුල වෙනුවෙන් පමණක් වූ පෞද්ගලික ලිඳක්ට විජ්ජාකාරයාගේ වස එකතුව නොවිමලු. එහෙත් උම්මත්තක ජනයා රාජකීයන්ට මානසික අවපීඩනයක් වන බවට තීරණය කළේ, ඔවුන්, බහුතරය තමන්ට වෙනස් ලෙස කටයුතු කිරීම මතලු. රජා උම්මන්තක යැයි, උපකල්පනය කළ ජනයා, රාජකීයන් නෙරපීමට උත්සුක විලු. ගැටලුව නිමා වුයේ, රැජිනගේ උපදෙස් මත, රාජකීයන් ද, වස මිශ්‍ර පොදු ලිඳේ ජලය පානය කර, උම්මන්තකයන්ගෙන් කෙනෙකු වීමෙනි. එතැන් සිට රට පෙර පරිදි සතුටින් විලු”. (උපුටාගැනුම, Paulo Coelho ගේ, Veronika Decides to Die කෘතියෙනි.)

2005 න් පසු ශ්‍රී ලංකා දේශපාලනය උම්මන්තක රාජකීයන් විසින් පාලනය වූ අතර, එයට විරෝධය දැක්වූ පිරිස්, උම්මන්තක නොවීම සහ ද්‍රෝහී වීම හේතුවෙන්, මරා දමන ලදි; අතුරුදහන් කරන ලදී. නො එසේමනම් ස්භාවිකව නිර්මාණය වූ එකී ජනයා ගේ අතපය මුගුරු වලින් ගසා කඩා දැමිය. බරපතලම අපරාධය වුයේ, ද්‍රෝහීන් ලෙස උම්මන්තක රාජකීයයන් නම් කළ යම් ජනතා කොටසක්, මුදලට ගැනුමය. මෙවැනි අපිරිසිදු දේශපාලනය(Dirty Politics) තුළ, මුදල් සහ ලිංගිකත්වය පමණක් අගයක් විය. සියලුම රාජ්‍ය මැදිහත්වීම්, 10 හෝ එයට වැඩි වූ කොමිස් මුදල් මත තීරණය වූ අතර ස්ත්‍රී ලිංග සහිත පිරිස්, තමා පිනවීමට සිටින නාටිකාංගනාවන් පමණක් විය. උදාහරණ නම්, හිටපු විදුලිබල සහ බලශක්ති ඇමතිනි, පවිත්‍රාදේවි වන්නිආරච්චි, කැබිනට් තීරණයක් ලෙස විදුලි ගාස්තු ඉහළ දැමූ අවස්ථාවේ, තීරණය ගනු ලැබූ කැබිනට්ටුවේ නායකව සිටි, වර්තමාන කුරුණෑගල පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ, ඇමතිනිගේ තීරණය හාස්‍යට ලක් කරමින්, ගාස්තු පහත හෙළන ලදී. මේ අවස්ථාවේ දී, පවිත්‍රාදේවි හිටපු ඇමතිනිය පිරිමි විධායක ජනාධිපතිගේ තාලයට රඟන නටිකාංගනාවක් පමණක් ම විය. ඇය හුදෙක්ම රජු සහ පිරිවර වෙත දේශපාලන විනෝදස්වාදය සපයන අමාත්‍යාංශ උපකරණයක් විය. මෙසේ වූ යටගියාව සිහිකැද වීමට හේතු ව නම්, වර්තමාන දේශපාලනය පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමටය. 2015ට ප්‍රථම, මෙරට ආණ්ඩුකරණය එක් පිරිසක් තීරණය කරමින් ද, එකී පිරිස, සිංහල- බෞද්ධ සංස්කෘතියේ එකම මුරදේවතාවුන් තමන් පමණක් බව පෙනී සිටියෝය. 2015න් පසුව, පරාජය වී ගෙදර ගිය ද නැවත ‘ලේ’ නමින්, මාස්ශුද්දී හා සමවන ලෙස මසකට වරක් එලියට එමින්, සිංහල- බෞද්ධ උන්මන්තකයින් ගේ සිහින කුමරුන් ලෙස විවිධ අවස්ථාවන් හිදී විකට ඇදුම් ඇඳ, එකී කණ්ඩායම් නැවත ‘එළිය’ ට බසින අයුරු දැකිය හැක. මැදගොඩ අභයතිස්ස සහ චීවරධාරි සහචරයන්, ගල්කිස්සේ දී ‘එළිය’ට පැමිණිම එක් අවස්ථාවකි.

අක්‍රමවත් මාස්ශුධියක් ඇති ලෙස හැසිරෙන මෙකි චීවරධාරී ‘ලේ’ කණ්ඩයම් හි, දේශපාලන සාක්ෂරතාවේ දරිද්‍රතාව ගැන බරපතල ලෙස සැලකිය යුතුය. හේතුව නම් එකී ‘ලේ’ කණ්ඩයම් හි නායකත්වය ගනු ලබන මැදගොඩ අභයතිස්ස යනාදී බහුතරය විශ්ව විද්‍යල ආචාර්යවරුන් වීමය. විශ්ව විද්‍යාල නම්, විශ්ව දැනුම ගවේෂණකරන මධ්‍යස්ථාන වේ. එකී මධ්‍යස්ථාන පොදු මුදලින් නඩත්තු වේ. පොදු මුදලින් නඩත්තුවන, දැනුම ගවේෂණ මධ්‍යස්ථාන හි දියුණු විඥාණයකින් හෙබි අචාර්යවරුන් ගේ බුද්ධිමය දායකත්වය, දැනුම් නිෂ්පාදන වෙත අත්‍යාවශ වේ. නමුත් එවැනි අචාර්යවරු අනාචාරයව මානවයාට එරෙහිව නෛතික කරුණු පිලිබඳ අනවබෝධයෙන් හැසිරේ නම්, එවැනි පුද්ගලයන් සහිත ආයතන පොදු මුදලින් නඩත්තු කළ යුතු ද?

දෙවැනි ලෝක යුද සමයේදී, අවූෂ්විට්ස් සිර කදවුර සැලසුම් කරන්නේ, අචාර්ය උපාධිය සහිත පිරිසක් බව අමතක කළ යුතු නොවේ. අවිහිංසක යුදෙව් ජාතිකයන් අමානුෂික ලෙස ඝාතන කිරීම උදෙසා මෙකී උපාධි සහිත කණ්ඩයම සිර කදවුර සැලසුම් කළෝය. මැදගොඩ අහයොතිස්ස ඇතුළු අචාර්ය උපාධිය සහිත චීවරධාරීන් ට තවත් අවුෂ්විට්ස් කදවුරක් මෙරට බිහි කිරීමට ඉඩ දිය යුතු ද? එසේම මෙකි ක්ෂුද්‍ර විඥාණයක් සහිත චීවරධාරීන්, විචාර බුද්ධියෙන් ලොව දකිමින්, වටහා ගත යුතු කරුණක් වේ. එනම් 1987 දී ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග ගිවිසුම් ගත ව, මෙරට වෙත ලගාවන, සරණාගතයින් වෙනුවෙන් රාජ්‍ය මැදිහත් වීම වෙනුවෙන් වගවීමට බැදී සිටි.(http://lk.one.un.org/7060/en/unhcr-in-sri-lanka). මෙය නොදැන, මිත්‍යා විශ්වාස වපුරා, ජනයා භීතියෙන් මුලාකිරීමට මැදගොඩ අභයතිස්ස වැනි කණ්ඩායම් වලට ඉඩ දිය යුතුද? අනෙක් කරුණ නම්, ගල්කිස්ස නිවසේ සිටි රෝහින්ග්‍යා(Rohingya) සරණාගතයින්, බහුතරය ස්ත්‍රීන් සහ කුඩා දරුවන් වූ අතර, ඔවුන් ත්‍රස්තාවාදීන් ලෙස නිර්වචනය කිරීමෙන්, මෙකි චීවරධාරීන්ගේ, සිහි බුද්ධියේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වැඩිම ගැන සිතා බැලිය යුතුය. එවැනි අවමවර්ධනයක් සහිත චීවරධාරීන් ගේ ප්‍රකාශන විකාශනය සිදුකරණ, මාධ්‍ය බලන සහ අසන ජනයාට සැබවින්ම මාධ්‍ය විසින්ම මුදල් ගෙවිය යුතුය. නමුත් මෙවැනි චීවරධාරීන් ගේ හැසිරීම පිලිබඳ පුදුම නොවිය යුතුය. මන්දයත්, 2009 දී වෙල්ලමුල්ලිවෛක්කාල් හිදී අවතැන්ව, පිඩාවිදි ජනයා වෙත හමුදා ප්‍රහාර එල්ලකිරීම සාධාරණ කලේ ද මෙකි අවවර්ධිත විඥාණයක් සහිත චීවරධාරීන් විසිනි. අනෙක් අතට, මෙවැනි ස්ත්‍රීන්ට සහ දරුවන්ට ප්‍රචණ්ඩව සලකන චීවරධාරීන් සහ ගැහැණු ‘නටිකාන්ගනාවන්’ලෙස පමණක් සලකු, දේශපාලඥයින් වෙනුවෙන් කොඩි උස්සාගෙන පෙළපාලි යන ස්ත්‍රීන් තමන්ගේ ම ඇසිය යුතු ප්‍රශ්නය නම්, ‘රෝහියානු සරණාගත ස්ත්‍රීන්ට සහ දරුවන්ට, විරුද්ධව ගැසූ ගල් මොවුන්, තමන්ට සහ තමන්ගේ දරුවන්ට විරුද්ධව ගැසීමට පසු නොබසින බවය’.

මේ ආඛයනයේ අනෙක් චරිතය නම්, ඉරාජ් විරරත්නය. මැදගොඩ අභයතිස්ස හා සමව ජිවත්වීමේ එකම ක්‍රමය විකිණීම බවත්, එහිදී විකිණීමේ උපායමාර්ග ජනතාවගේ පෞද්ගලික වරණ, තීරණය කිරීමේ බලය ද උල්ලංඝනය කරමින් අවිචාරව කටයුතු කිරීම ඉරාජ් ගේ හැසිරීම තුළ වේ. මැදගොඩ අභයතිස්ස සහ මස්ශුද්ධි කණ්ඩායම, රාජ්‍යයේ මුලික නීති සහ ස්වතන්ත්‍රතාව ට(Autonomy) අභියෝග කරණවිට, ඉරාජ්, පොදු ජනයාගේ ස්වතන්ත්‍රතාවට (Autonomy) අභියෝග කරයි. එය, මුලින් පෙන්නා දුන් දේශාපාලන ඒකාධිකාරිත්වයේ ලක්ෂනය වේ. ඉරාජ්, පසු ගිය සියලුම සංගීත වීඩියෝ තුල, ස්ත්‍රීන්, ලිංගික වෙළද භාණ්ඩ ලෙස සලකා ඇත. අහෝ!!! පිරිත් නුල් බැදී අතින් යුත්, හෙළ ජාතික පුත්‍රයකුට වූ හදියක්. ලිංගිකතත්වය යනු පරපීඩක උපකරණයක් ලෙස ඔහුගේ සියලුම සංගීත වීඩියෝ තුළ පෙන්නා ඇත. මෙයම, ‘ලේ’ කණ්ඩායම්, බුදු දහම රැකීම යනු පරපීඩන කමුකත්වයෙන් සිදු කළ යුතු ව්‍යපෘතියක් බවට වන පිළිගැනිම හා සම වේ. නාමල් රාජපක්ෂ සමඟ බාලිකා පාසල් වෙත, රාජ්‍ය බලය අවබාවිතයෙන් අශිෂ්ටව ඇතුල් වූ ඉරාජ් ට, ස්ත්‍රීන් යනු දෙවැනි පෙළ පුරවැසියන් ලෙස ද, පුරුෂාධිපත්‍යයෙන් යටත් කරගැනීමට හැකි පිඩිත කණ්ඩායමක් ලෙසද, හදුනා ගනුමින්, හෙතෙම එකී අශිෂ්ට මතය, තම වීඩියෝ හරහා සමාජගත කිරීමට උත්සා කිරිම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය. කෙසේ නමුත්, ඉරාජ්ට, පෞද්ගලික දේශපාලනය මත පවත්වා ගැනීමේ අයිතියක් තිබේ. එහෙත් ගැටලුව නම්, එම පෞද්ගලික දේශපාලන මතය සහ ඒ සමඟ බැදී ආර්ථික අභිලාශ වෙනුවෙන්, පොදු ජනයා පීඩාවට ලක් නොකළ යුතු බවය. එසේම, ස්ත්‍රී ගරුත්වය සහ ස්ත්‍රී දේශපාලනික පිළිගැනුම, වෙළද පොළ තුළ විකිණීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නැත.

නැවත නැවත ප්‍රකාශනයේන් මතු කිරීමට අවශ්‍ය කාරණය නම්, ඉරාජ් ගේ නවතම සංගීත වීඩියෝව ද ඇතුළු බහුතර ඔහුගේ ප්‍රකාශන තුළ වන්නේ, අනෙකා පිඩාවට පත්කිරීමෙන් අමානුෂිකව උපයා ගන්නා විනෝදය පමණි. හෙතෙම නව වීඩියෝව හරහා, ආදරය සහ එයට ආශා කිරීම වචන මගින් පෙන්වා දුන්නද, රුප රාමු, පෞද්ගලික අවකාශය වෙත බලාහාත්කාරයෙන් ඇතුල් වීම ප්‍රක්ෂේපණ කරයි. සම්බන්ධතාවයන් නොමැති රූපක සහ සංකේත වීඩියෝවේ බහුල වේ. ආදරය සහ මුරුංගා, සොසේජස් සහ කෙසෙල් ගෙඩි කෑම අතර සම්බන්ධය පැහැදිලි කිරීමට, ඉරාජ් අපොහොසත් වී ඇත. එසේම ස්ත්‍රීන් ගේ භූමිකාව ‘ආකෘති ගත’ කර ඇත. ස්ත්‍රීන් යනු, ගෙදර වැඩ සඳහා වූ , ශ්‍රමික වටිනාකමක් නොමැති කණ්ඩායමක් බවත්, පිරිමින් ගේ ආශාව, ගැහැණු තමන්ට වන්දවා ගැනීම බවත් හෙතෙම වීඩියෝව තුල පෙන්වා දේ. මෙම දේශපාලනයම, ‘මාස්ශුදධි’ කණ්ඩායම් හි ද දැකිය හැක. එනම්, අනෙකා පිඩා කිරීමෙන් විනෝද වීමය.

මාස්ශුදධි කණ්ඩාම්ගෙන් බෞද්ධ දර්ශනය ආරක්ෂා කරගැනීමට, පවතින හෝ යෝජිත ව්‍යවස්ථාවන්ට හැකි වේ දැයි පියවි සිහියෙන් සැලකිය යුතු කරුණකි. එසේම, විනෝදාස්වාදය වෙනුවෙන් වන මාර්ග, අනෙකා ගරුකරන සහ පිඩාවෙන් මුදවන මාර්ග විය යුතුය. නොඑසේ නම්, උම්මන්තකයන් නැවත රජ වී, අප සැවොම පිඩාවට පත්කරනු ඇත.

අරුණි සමරකෝන් | Aruni Samarakoon