අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දකු‍ණේ බොහෝ ස්ථානවල වර්ණවත් ලෙස සමරන විට උතුරේ අවතැන් වූවන්ගේ ජීවිතය තවමත් එසේමය. නමුත් දකුණේ බොහෝ වර්ණවත් මානව හිමිකම් සැමරුම්වලට එය නොදැනෙන සෙයකි.

එබැවින් පහත ඡායාරූප සටහන තබන්නේ ඒ අවතැන් වූ මිනිසුන්ගේ යුක්තිය වෙනුවෙනි.

මා මේ ජායාරූප සටහන තබන්නේ 2009 වසරේ දේශපාලකයන් විසින් ඝාතනයෙන් කෙළවර කරන ළද මිනිස් ඔළුගෙඩි යුද්ධයෙන් වසර 8ක් ගෙවී අවසන්ව ඇති මොහොතකය. උතුර බිල්ලකු සේ දකුණේ සිංහල සමාජය විසින් හංවඩු ගැසෙමින් අතහැර දමා ඒ අතර වසර 30කට ආසන්න කාලයක් ගතවී ඇත. තවද ඔබ මා ඇතුළු මෙරට බොහෝ දෙනෙකු ඇහැට දැක නොමැති රුපවාහිනියේ හෝ ගුවන් විදුලියේ පමණක් ඇසු “උතුරේ වෙසෙන දෙමළ ජනතාව” යනු කවුරුන්ද? එහෙව් කාණ්ඩයක් සිටින්නේ දැයි නොදන්නා වුද , අනෙක් අතට රටේ තවමත් “සුභසාධක කඳවුරු” (welfare camps) යනුවෙන් අටවන ළද ඊනියා නාමයකට යටව අභ්‍යන්තරව අවතැන්ව සිටින (internally displaced persons (IDPs) ) අපේම ජනතාවක් තම පනකෙන්ද පමණක් අතැතිව තවදුරටත් සිටින බව නොදන්නා වුද “ජාතික චින්තනයක් , ජාතික රාජ්‍යක් , ඒකිය රාජ්‍යක්” යන වචන ගිලිමින් බණ දෙසමින් තම බඩගෝස්තරය වඩවා ගන්නාවූ පිරිසක්ද රටේ ජන මොළය අරක් ගනිමින් සිටිනා අවස්ථාවකය.

වසර 30කට පසුවත් ජිවිතය එයම විය … here
(විස්තර සදහා පහත ඡායාරූපය මත ක්ලික් කරන්න)

වසර 30කට පසුවත් ජිවිතය එයම විය ...