2018 පෙබරවාරි මස 20 වන දින ලොව පුරා අන්තර්ජාතික සමාජීය යුක්තිය උදෙසා වූ දිනය (SOCIAL JUSTICE DAY) සමරද් දී ලංකාවේ උතුරේ දී නම් සමරන්නට සිදුවුයේ කිසිදිනෙක යුක්තියේ අකුරු 4 දකින්නට හෝ අහන්නට නොහැකිව එකා දෙන්නා මිය යමින් සිටින අපේම වූ එහෙත් අපේම රටේ බහුතරයකට අපේම නොවූ අනෙකාගේ “දෙමළා” ගේ අරගලයේ තවත් දින 366 කි.

ඒ අනුව 2009 උතුරේ දෙමළ ජාතීන්ට විමුක්තිය උදා කර දී දකුණේ සිංහලයාට ඉවරයක් කර දී ඇතැ යි සැලකෙන මෙරට පැවති යුද්ධය අවසන් වීමෙන් පසුව මෙම මව් පියවරුන්, බිරින්දෑවරුන් තම දෑතින්ම විශ්වාසයෙන් යුතුව හමුදාව වෙත භාරදුන් තම දරුවන් වන දූ පුතුන්, අඹු සැමියන් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැතිව ගෙවන 9 වන වසර බවට 2018 වසර පත් වෙමින් තිබේ. ඒ අතර 2015 තේරී පත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයට වසර 3ක් ගෙවී හමාරය. දැන් දැන් අමාරුවෙන් තටමමින් සිටින “යහපාලන ආණ්ඩුව” ද බලයට පත් වී වසර 3 කට ආසන්නය.

විස්තර සදහා පහත සටහනට පිවිසෙන්න.

"මගේ පුතා හොයල දෙනවද ඔයා. හොයලා දෙනවද ? "
​​

here