Colombo, Democracy, Featured Video, Governance, Human Rights, Human Security, Life quips, Video

දේවගැතිතුමාට පහර දී, පල්ලිය බිමට සමතලා කරයි..

‛‛මට ඒ වෙලාවේ හිතුනේ එකම එක කාරණයක්. මම මැරුණත් කමක් නෑ කියලා මම සභාව ඇතුළට ගිහිල්ලා හිටියා. පොළිස් රාළහමිලා දෙන්නෙක් ඇවිල්ලා මට ගහළා ඇදගන ආවා. මට ගහන්ඩ එපා කියලා අපේ පල්ලියේ ගැහැණු ළමයෙක්, එයාට ළමයෙකුත් ඉන්නවා. එයා ඇවිල්ලා ‛අනේ අපේ පාස්ටර් ට ගහන්න එපා කියලා කෑ ගහලා අඬනකොට එයාටත් ගැහුවා. ඒ විතරක් නෙමේ මෙතන හිටපු කතාකරන කට්ටියට ඔක්කොම පොළිසියෙන් ගැහුවා. අපිට කතා කරන්න බැරි උනා…..’’ මෙසේ පැවසූවේ ඊෙය්[25] නාගරික සංවර්ධන අධිකාරිය විසින්, ෙපාලීසිෙය් අාරක්ෂාව යටෙත් සුන් බුන් ගොඩක් බවට පත් කරන ලද රාජගිරිය, 4වන පටුමගේ පිහිටා තිබූ පල්ලියේ තිරුචෙල්වම් දේවගැති තුමා යි..

ලංකාවේ මානව හිමිකම් පිළිබදව ලෝකයේ රටවල්, සංවිධාන විවේචනාත්මක ලෙස කතා කරන විටදී සහ එයට ලංකාව දෙනු ලබන පිළිතුරු දිළිදු සහ අතාර්කික මට්ටමක තිබියදී නාගරික සංවර්ධන අධිකාරිය සහ පොළීසිය ප්‍රචණ්ඩ බලය පාවිච්චිකරමින්, කිසිදු නීතිමය හෝ සදාචාර්ත්මක භාවිතයකින් තොරව මෙි සිදුකරන්නේ ද තවත් එක් මානව හිමිකමක් වන ‛තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස’ ජනතාවගෙන් උදුරා ගැනීම නොවේ ද? එවිට ලංකාව මානව හිමිකම් පිළිබද අමුතුවෙන් සොයාබෑලීමක් අවශ්‍ය වන්නේ ද? එබැවින්, දේවගැතිවරයෙකුට පහර දී පල්ලියක් සුනු විසිනු කිරීම ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන තැන පිළිබදව වටහා ගැනීමට හොඳම සාක්ෂියක් සපයනු ඇත.
බලන්න එහි සම්පූර්ණ වීඩිෙයා් ව..
[youtube]http://www.youtube.com/watch?v=Nodu3_1qmZQ[/youtube]