iMAGE: Vikalpa

ශ්‍රී ලංකාවේ “ හොඳ දෙමළු” වගේම “නරක දෙමළු’ කියලා ජාතියක් ඉන්න බව දැන් මට අවබෝධ වෙලා තියෙනවා.

මම “හොඳ දෙමළෙක්” නම් , මට මගේ හිසේ මල් ගවසන්න වගේම, නළලේ පොට්ටුව තියන්නත් පුළුවන්. (පිරිමි බැල්ම සතුටු කරන්න ලස්සනට පෙනි ඉන්න එක, ඇත්තටම ඒක මම හැම වෙලේම කරනවා නම් හොඳයි) නමුත් සිංහල කථා කරන්න වගේම, කාටවත් කිසිම අපහසුතාවයක් ඇති වෙන්නේ නැති විදියට සිංහල මට තේරුම් ගන්නත් පුළුවන් වෙන්න ඕනේ, හැබැයි මොනම විදියටවත්, කොහොමවත් භාෂා ප්‍රශ්නය ගැන නම් මට කරන්නම බෑ. (“උඹ සිංහල ඉගෙන ගනින් මචං”).

“හොඳ දෙමළා” හැමවෙලේම ආචාරශිලිව හිනාවෙනවා ; ඒවගේම ඔවුන්ගේ සිංහල මිතුරෝ එක්ක අනෙක් සුළු ජාතීන්ට වගේම ඔවුන්ගේම ජාතියට එරෙහිවත් ජාතිවාදී සාමිචියේ යෙදෙනවා; මොන වෙලාවක වත් සිදුවෙමින් තියෙන දේවල් ගැන පොඩ්ඩක් වත් වද වෙන්නේ නෑ, නැත්නම් එහෙම අපහසුතාවයකින් ඉන්න බවවත් පෙන්වන්නේ ඉතාම කලාතුරකින්. ඔබ මේ සියල්ලම කරනවා නම් ඔබ “හොඳ දෙමළෙක්”.

හැබැයි ඔබ මේ කිසිවකුත් නොකර,තවදුරටත් ආසාධාරණයත් පෙන්වල දෙන්න යනවා නම් ඔබේ තත්වය ඉතාම නරක අතට හැරෙනවා. එතකොට ඔබ “ නරක දෙමළෙක්” වෙනවා , අනෙක් අතට නිකන්ම ඔබ “කොටියෙකු” වෙනවා.

මුලිකවම, බහුතරය අපහුතාවයට පත්වෙන මගේ දෙමළකම මම වඩ වඩා හඟවා ගන්න කොට, මම වඩා හොඳ දෙමළෙක් වෙනවා.

ස්වස්තිකා අරුලිංගම් | Swasthika Arulingam

සංස්කාරක සටහන : ස්වස්තිකා අරුලිංගම් විසින් තම ෆේස් බුක් ප්‍රෝෆයිලයේ ඉංග්‍රීසියෙන් පළ කොට තිබු  සටහනක් විකල්ප විසින් සිංහලට පරිවර්තනය කරනු ලදුව ඇගේ අවසරය මත මෙසේ පළ කරමු.  ස්වස්තිකා අරුලිංගම් වෘත්තියෙන් නීතිඥවරියක වන අතර තරුණ සමාජ ක්‍රියාකාරිනියක ද වේ.