Ampara, සිංහල, Democracy, Governance, Human Rights, Life quips

‛‛හාමුදුරුවන්ට කරපු දේට මේ යුද්ධෙ පටන් ගත්තේ’’ පංසල ඩෝසර් කිරීමට විරුද්ධව ආරුගම්බේ විරෝධතාවක්.

ඉකුත් 23 වන දින ආරුගම්බේ පාලම ආසන්නයේ පිහිටා තිබූ සාම බෝධි විහාරස්ථානය ඩොසර් කර විනාශ කිරීමට විරෝධය පළකරමින් සිවුරු මුල්ලේ ධම්ම හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ජනතාව විසින් ඊයේ(02) ආරුගම්බේ පාලම අසළ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ. මෙහිදී මහා සංඝරත්නය සහ ජනතාව පොතුවිල් – ආරුගම්බේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිය විරෝධය දැක්වීය. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු ද පැය 2 ක කාලයක් අඩාල වූ බව ද වාර්ථාවේ.

මෙහිදී ඔවුන් විරාධය දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් දෙන තුරු ඔවුන් මාර්ගයෙන් ඉවත් නොවන බවයි.
එහිදී අදහස් දැක්වූ මහා සංඝරත්නය,

‛‛හාමුදුරුවන්ට කරපු දේට මේ යුද්ධෙ පටන් ගත්තේ, ඒක අමතක කරන්න එපා කවුරුවත්. අපි මේ වේදනාවට කෑහන්නේ, මේක ඩෝසර් කරනකන් නීතිය රැක්කනම් මේ බුදු හාමුදුරුවො මෙතන ඉන්න එපැයි. ඒක නිසා මම කියන්නේ ඔබ තුමාගේ වචනයෙන් ඒ දිසාපති හාමුදුරුවන්ට එන්න කියන්න.’’

එවිට පොලීසියේ උසස් නිළධාරියා කියා සිටියේ
‛‛ එයා ඉන්දියාවේ ගිහින් ’’

අවසානයේ සිවුරු මුල්ලේ ධම්ම හිමියන් විසින් කියා සිටියේ
‛‛ලංකාව පුරාම එක්කාසු වෙච්ච මේ බෞද්ධ බලවේග වල විජයග්‍රහණයක් මේ දක්වා අපි ලබාගන්නට යෙදුනා. ඒ නිසා මේ විජයග්‍රහණය නිකන් කට වචනයෙන් නෙමෙයි ලිඛිතව නියෝජ්‍ය පොලිස්පති තුමා අත්සන් කරල දීපු ලේඛනයක් හැටියටයි.’’ යනුවෙනි.

මෙහිදී පොලිසීයේ උසස් නිලධාරීන් සහ විරෝධතා කරුවන් අතර උණුසුම් අදහස් හුවමාරු කිරීමක් සිදුවිය.
ඉදිරි දින කිහිපයේදී ඩෝසර් කරන ලද පංසල නැවත සකස් කර දෙන බවට නියෝජ්‍ය පොලිස්පති ලිඛිතව පොරොන්දුවක් දුන් පසු උද්ඝෝෂණ කරුවන් තම උද්ඝෝෂණය නවතා දැමීය.