International Day of the Victims of Enforced Disappearances, 30 August

“පොලීසියේ ඉහළ නිලධාරියෙක් මං ළගට ඇවිල්ල කිව්වා කරන් යන්ඩකෝ මං බලාගන්නං කියලා.අපි මොනවද කළේ. අමලනායගී ට උසාවි නියෝගයක් ආවොත් ඒක අමලනායගීට විතරයි බලපාන්නේ. ඒක අපිට අදාළ නෑ. අපි මෙතන්ට ඇවිත් ඉන්නේ අපේ ඥාතීන් හොයාගෙන”

බලහත්කාරයෙන් අතුරුදහන් කරවිමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය මුල්කර ගනිමින් අතුරුදහන් වූවන්ගේ පවුල් අද උතුරු-නැගෙනහිර දී උද්ගෝෂණ ව්‍යාපාරයන් දියත් කළේය. එම උද්ඝෝෂණයන් සදහා, දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ආගමික නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්වී සිටියේ ය. නමුත් මෙම සාමකාමි උද්ඝෝෂණයන්වලට පොලිසියි විසින් දිගින් දිගටම බාධා එල්ල කලේය. කෙසේ වුවත් එම බාධා නොතකමින් අතුරුදහන්වූවන්ගේ සමීපතමයින් විසින් සිය සිය ඉල්ලීම සමග එම උද්ගෝෂණ ව්‍යාපාරයේ නියැළිනි.

බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන්, සිය ආදරණීයයන් පිළිබද කුමක් හෝ තොරතුරක් ලබා දෙන ලෙස ඉල්ලා දින 1,289 ක් තිස්සේ උතුරු නැගෙනහිර පුරා වීදිවල උපවාසන පවත්වන අතර, 1980 ගණන්වල සිට 2009 සන්නද්ධ ගැටුම අවසන් වන විට 60,000 -100,000 අතර පිරිසක් බලහත්කාරයෙන් අතුරුදහන් වූ බවට ගණන් බලා ඇතැයි පැවසේ. නමුත්, මේ කිසිදු අතුරුදහන්වීමකට කිසිදු ආකාරයක ‘යුක්තියක්’ ලබා දීමට ශ්‍රි ලංකා රාජ්‍ය අසමත් වී තිබේ.

පහත පළවන්නේ යාපනය සහ මඩකලපුවේ දී පැවති උද්ඝෝෂණවල අවස්ථා කිහිපයකි

යාපනය (ඡායාරූප Kumanan Kana )

මඩකලපුව(iMages : Vikalpa/Ishara Danasekara)