අගෝස්තු 30 වන දිනට යෙදෙන බලහත්කාරයෙන් අතුරුදහන් කරවිමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය නිමිති කරගනිමින් විකල්ප වෙබ් අඩවිය වෙනුවෙන් අප විසින් දැනට සිනමා හල් වල තිරගත වෙමින් පවතින විසාකේස චන්ද්‍රසේකරම්ගේ පාංශූ චිත්‍රපටය පිළිබඳව සුවිශේෂි සාකච්ජාවක නිරත වීමු. විශේෂයෙන්ම එහිදී චිත්‍රපටයට පසුබිම් ගතව ඇති සමාජ,දේශපාලන ගතිකයන් පිළිබඳ දීර්ඝව විමසීමක් කළෙමු.

නිර්මාණකරණයේ යෙදෙන කෙනෙකුට වගකීමක් තියෙනවා. මොකද එක්තරා අකාරයකින් අපි නියමුවන් මේ සමාජයේ. අපි කරන්නෙ මොනවද කියලා බෙදා හදාගන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අනුව සමහර වෙලාවට ඔවුන්ගේ හිතන පතන ආකාරය වෙනස් වෙන්න පුළුවන් . එතකොට ඒ තරම් විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. අපිට ඇත්තටම වගකීමක් තියෙනවා ඒ හැකියාව පාවිච්චි කිරීමේදී. මං මේක තව විදියකට දකිනවා. ඒ කියන්නෙ අපි ඉන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ . අපේ රටේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී බව සම්බන්ධයෙන් ගැටලු තිබුණත්, එහි පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය නොතිබුණත් අපි ඒ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සිටින නිසා තමයි අපිට අපේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙන්නේ. එතකොට අපිට ඒ තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස එක පැත්තකින් අදහස් ප්‍රකාශ කරන්නත් තවත් පැත්තකින් ඒ නිදහස පෝෂණය කරන්නත් යොදාගැනීමට අපිට වගකීමක් තියෙනවා.

1.පාංශූ චිත්‍රපටයේ ප්‍රස්තුතය මොකක්ද? මේ කතාව ගෙතෙන්නේ කා වටාද?

2.වසර ගණනාවක් තිස්සේ අතුරුදහන් වුවන්ගේ පවුල් විසින් නගන “කෝ මගේ දරුවා ” කියන ප්‍රශ්නය රාජ්‍ය නිරන්තරයෙන් මග හැර යන ප්‍රශ්නයක්. ඇයි එවැනි ප්‍රශ්නයක් ඔබේ සිනමා කෘතිය හරහා අමාන්ත්‍රණය කරන්න ඔබ තෝර ගත්තේ?

3.පාංශු කියන නමයි චිත්‍රපටයයි අතර තියෙන සංකේතාත්මක අර්ථය මොකක්ද ?

4.සමස්ත කථාංගය පුරා දිවෙන බබා නෝනාගේ චරිතයත්, හමුදා සොල්දාදුවාගේ බිරිඳගේ චරිතයත් ගත්තොත් මේ සියල්ල ස්ත්‍රී චරිත. ඇයි ඔබ අතුරුදන් වීම් සම්බන්දව කරපු මේ නිර්මාණයේදී ස්ත්‍රිය කේන්ද්‍රයට ගේන්නේ ?

5.ඔබ සමාජ ක්‍රියාකාරිකයෙක්, ආචාර්‍යවරයෙක්, නිර්මාණකරුවෙක්, නීතිවේදියෙක් යන විවිධ භූමිකා වල අපි දකිනවා. ඒ නිසාද ඔබේ නිර්මාණ ‍යම් දේශපාලනික අරමුණක් මුදුන් පමුණුවා ගන්න යොදා ගන්න උත්සහ කරන්නේ ?

6.එක අතකින් ගෝලීය වසංගත තත්වයක් පවතිනවා, තවත් පසෙකින් ප්‍රකාශනයේ නිදහස සම්බන්දව යම් කතිකාවතක් ඇති වෙලා තියෙන මොහොතක්, ඒ වගේම විශේෂයෙන්ම අගෝස්තු තිස් වැනිදා බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන්ගේ වින්දිතයන් සැමරීම සඳහා වන ජාත්‍යන්තර දිනය යෙදිලා තියෙනවා. මේ සියල්ල අතරේ ඔබේ චිත්‍රපටිය ප්‍රදර්ශනය වීම ඔබ දකින්නේ කොහොමද?

7.අවසාන වශයෙන් පාංශූ චිත්‍රපට අත්දැකිම ගැන කිව්වොත්?

විනාඩි 30 ක් දක්වා දිවෙන සම්මුඛ සාකච්ජාව සම්පුර්ණයෙන් නැරඹීම සඳහා

Youtube ඔස්සේ නැරඹීමට 

Facebook  ඔස්සේ නැරඹීමට