IMAGE: Pradeep Pathirana

කටුනායක නිදහස් වෙළඳ කලාපය (FTZ) ආශ්‍රිතව සේවය කරන සේවක සේවිකාවන් අනාරක්ෂිත ලෙස නිරෝධායන ක්‍රියාවලිය වෙත යොමු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත HRCSL) පසුගිය ඔක්තෝම්බර් 16 වනදා පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

කම්කරුවන් වටලාගත් ගත් අත්තනෝමතික නීති විරෝධී ආකාරය, සහ ඔවුන්ට කුරිරු, අමානුෂික හෝ පහත් ලෙස සැලකීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12 (1), 12 (2), 13 (1), 13 (2), 14 (1) (14) වගන්ති යටතේ සහතික කර ඇති ඔවුන්ගේ නිදහස සීමා කිරීම, කම්කරුවන්ගේ ආර්ථික හා සමාජ තත්වය මත පදනම් කරගෙන වෙනස් කොට සැලකීම පිළිබඳව වූ මෙම බරපතල ගැටලුව මානව හිමිකම් කොමිසමේ අවධානයට ලක් කොට ඒ සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් පැමිණිල්ල විසින් ඉල්ලා සිටියි.

COVID-19 පැතිරී යාම අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ මෙම කම්කරුවන් 98 දෙනෙකු වැටලීමට (පැමිණල්ල සිදුකර ඇත්තේ මේ අය වෙනුවෙනි) යවන ලද ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව මෙම පැමිණිල්ල ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා (කටුනායක) හි අශිලා දන්දෙනිය (කටුනායක) , ශ්‍රී ලංකා දාබිඳු සාමූහිකය (කටුනායක) හි චමිලා තුෂාරි, මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED) (කටුනායක) හි චන්ද්‍ර දේවනාරායන සහ ශ්‍රම අභිමානී කේන්ද්‍රය (සීදූව) හී නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු යන විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.

මෙහිදී NOCPCO හි ප්‍රධානියා සහ යුද හමුදාපති ලෙස ඔහුගේ නිල බලය සැළකීමෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහි වගඋත්තරකරුවෙකු බවට පත් කොට තිබේ. ඔහුගේ උපදෙස් නොමැතිව හමුදා නිලධාරීන්ට මෙම මෙහෙයුම සිදු කළ නොහැකි බව එහි අවධාරණය කොට තිබේ.

පැමිණිල්ල තුළ විශේෂයෙන්ම කාන්තා සේවිකාවන් සමඟ කටයුතු කළ ආකාරය සැලකිල්ලට ගත්විට රජය සහ හමුදාව මෙම මෑත අර්බුදය හසුරුවා ඇති ආකාරය ඉතාමත් ගැටලු සහගතය බව අවධාරණය කෙරෙනසාක්ෂි ඉදිරිපත් කොට ඇති අතර, නිරෝධාන ක්‍රියාවලිය සඳහා සේවක සේවිකාවන් රැගෙන යාමේදී ඔවුන් වෙත පැහැදිලි තොරතුරු හෝ දැනුවත්භාවයක් ලබා නොදීම , නිරෝධාන මධ්‍යස්තාන වෙත අනාරක්ෂිත ලෙස ප්‍රවාහනය කිරීම , අපිරිසිදු නිරෝධායන පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම සහ සේවකයින් බස්රථවලට පැටවීමට පෙර සහ මධ්‍යස්ථානයට ඇතුළත් වීමට පෙර PCR පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම යන කාරණා පිළිනොපැදීම හේතුවෙන් ආණ්ඩුව විසින් පිළිපැදිය යුතු යැයි ලෙස දක්වා ඇති ලබන මූලික COVID-19 රෙගුලාසි මෙම ක්‍රියාවලිය තුළ පැහැදිලි ලෙසම උල්ලංඝනය කොට ඇති බව පැමිණිල්ල පෙන්වා දෙයි.

ඒ අනුව

1. මෙම ඇඟලුම් කම්හල් සේවකයින් 98 දෙනා වටකර, අත්අඩංගුවට ගෙන, ප්‍රවාහනය කොට කළුතර අනාවරණය නොකළ ස්ථානයක රඳවාගෙන සිටි හමුදා නිලධාරීන් විසින් ව්‍යවස්ථාවේ 12 (1), 13 (1) සහ 13 (2) යන වගන්ති

2. මෙම කම්කරුවන් 98 දෙනා රඳවා තබා ඇති ‘නිරෝධායන මධ්‍යස්ථාන’ නීත්‍යනුකූලව ස්ථාපිත කර නොමැති බැවින් මෙම කම්කරුවන් එවැනි මධ්‍යස්ථාන වල තබා ගැනීම නීතියෙන් ස්ථාපිත කර ඇති ක්‍රියා පටිපාටියට අනුකූල නොවන බව අප විසින් ප්‍රකාශ කරනු ලබන්නෙමු. එබැවින් ඔවුන් අනාවරණය නොකළ සහ නීති විරෝධී නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීම ව්‍යවස්ථාවේ 12 (1), 13 (2), 14 (1) (උ) යන වගන්ති

3. පිරිමි හමුදා නිලධාරීන් කාන්තා සේවිකාවන්ගේ නේවාසිකාගාරවලට ඇතුළු වී මෙම නීති විරෝධී හා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා සිදුකොට තිබේ. මෙය ව්‍යවස්ථාවේ 12 (1) සහ 13 (2) යන වගන්ති

4. හමුදා නිලධාරීන් විසින් කම්කරුවන් මානසික වධහිංසාවලට ලක්කිරීම, කුරිරු, අමානුෂික හෝ පහත් ලෙස සැලකීම නිසා, නිරෝධායන මධ්‍යස්ථානවල පවතින දුර්වල සනීපාරක්ෂක කොන්දේසි, පරීක්ෂණ සිදු නොකර කම්කරුවන් එකට තබා ගැනීම සහ එමඟින් කම්කරුවන් COVID ආසාදනය වීමේ සැබෑ අවදානමට ලක් කිරීම 11 වන වගන්තිය

5. මෙම කම්කරුවන් 98 දෙනා එම අනාවරණය නොකළ නිරෝධායන මධ්‍යස්ථාන හැර යාම වළක්වා තිබූ අතර ඔවුන්ට කිසිදු හේතුවක් ලබා දී නැත. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (උ) වගන්ති

6. මෙම කම්කරුවන් 98 දෙනාට අමානුෂික ලෙස සලකනු ලැබ ඇති අතර, ඔවුන්ගේ අත්‍යවශ්‍ය දෑ ඇසුරුම් කිරීමට මිනිත්තු කිහිපයක් ලබා දී, බස් රථවල පුරවාගෙන, දුර්වල සෞඛ්‍යාරක්ෂිත තත්වයන් යටතේ අනාවරණය නොකළ ස්ථානවල තබා, කෑමට නිසි ආහාර ලබා නොදී තිබූ අතර, කිසිම මනුෂ්‍යයෙකුට නොසැලකිය යුතු ආකාරයෙන් සළකා තිබේ. කර්මාන්තශාලා සේවකයින් වශයෙන් ඔවුන්ගේ ආර්ථික පන්තිය හේතුවෙන් ඔවුන් වෙනස් කොට සැලකීමට ලක්ව ඇති හෙයින්, ඉහත සඳහන් කළ සියලුම උල්ලංඝනයන් හැරුණු විට මෙය ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය

යන ඒවා වග උත්තරකරුවන් විසින් උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම සේවකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවට පැමිණිල්ල විසින් දක්වා තිබේ.

ඒ අනුව නිරෝධායනය වෙත රැගෙන යාමේ ක්‍රියාවලිය තුළදී මෙම නීති විරෝධී හා අත්තනෝමතික ලෙස වටකිරීම හා රඳවා තබා ගැනීම සිදු කර ඇති ආකාරය හේතුවෙන් සියලුම කම්කරුවන්ට COVID ආසාදනය වීමේ සැබෑ තර්ජනයට ලක්ව ඇති හෙයින්, මෙම ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් 98 දෙනා සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව විමර්ශනය කරන ලෙස එයින් මනාව හිමිකම් කොමිසම වෙත දක්වා තිබේ.

විශාල කොට බැලීම සඳහා  පිටු මත click කරන්න