සිංහල, Democracy, Galle, Governance, Human Rights, Human Security, Media

විජිත හේරත් ඇතුලු පිරිස අත්අඩංගුවට – මාධ්‍යවේදීන් ද තුවාල ලබයි.

ඊයේ(12) ගාල්ලේ පැවති උද්ඝෝෂනයේදී අත්අඩංගුවට පත් ප්‍රජාතන්ත්‍රාදී ජාතික සංන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රී විජිත හේරත් ඇතුලු පිරිස ලබන 16වනදා දක්වා බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවට වාර්තාවේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙසත් ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංන්ධානය එම උද්ඝෝසණය සංවිධානය කර තිබූ අතර එහිදී පොලීසිය විසින් කඳුලු ගැස් ප්‍රහාරයන් එල්ල කිරීමේදී එය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදින්ටද තුවාල සිදුවිය. එසේ තුවාල ලැබූ මාධ්‍යවේදියෙක් මේ වන විටද කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

ජායාරූප – www.lankatrouth.com