“සත්‍යය සඳහා සුරක්ෂිත ලෝකයක්” යන ව්‍යාපාරය මගින් මෙතෙක් කල් ලොව පුරා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම, මතකයෙන් ඈත්ව ගිය සිදුවීම් ලේඛනගත කිරීම සහ විමර්ශනය කිරීම යන අරමුණු ඒකාබද්ධ කරමින් නව්‍ය “ඩිජිටල් ස්මාරකයක්” ඉදි කිරීමට සැරසේ.

මෙම ප්‍රකාශය මුලින්ම 2020 දෙසැම්බර් 9 වන දින rsf.org හි ප්‍රකාශයට පත් විය.

ලොව පුරා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කිරීමේ අභිලාෂයෙන් යුතුව, ලොව ප්‍රමුඛපෙලේ, මාධ්‍ය නිදහස පිළිබද ක්‍රියාකාරන සංවිධාන රැසක් එකට එක් වී තිබේ.

‘සත්‍යය සඳහා ආරක්ෂිත ලෝකයක්’ යනු Free Press Unlimited (FPU), Reporters Without Borders (RSF) සහ Committee to Protect Journalists (CPJ) යන ත්‍රිත්වය අතර, එසේ ඝාතනය කෙරුණු ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන වලට දඬුවම් නොපැනවීමේ නිරන්තර ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමුකරමින් ඇති කරගත් සහයෝගීතාවයකි. ලොව පුරා” සතිපතා මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වන අතර ඉන් 86% ක් සිදුවීම් වල ඝාතකයන් නිදහස ලබති. මෙම ව්‍යාපාරය මගින් ලොව පුරා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සඳහා සහ අමතකව ගිය සිදුවීම් ලේඛනගත කිරීම සහ විමර්ශනය කිරීමේ අභිලාෂිත ඉලක්කය සහිතව නව්‍ය “ඩිජිටල් ස්මාරකයක්” ඒකාබද්ධ කෙරේ. මෙම ව්‍යාපාරය දියත් කිරීම 20 දෙසැම්බර් 9 සහ 10 යන දෙදින ලෝක මාධ්‍ය නිදහස් සම්මේලනය පැවැත්වීමට නියමිත දිනයන්ගේම පැවැත්වෙනු ඇත. මෙම නව ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු තුනක් දැකිය හැකිය:

1. ප්‍රලේඛනය: asaferworldforthetruth.com යන ඩිජිටල් ස්මාරකය යනු සිය මාධ්‍ය ක්‍රියාවලියේ යෙදී සිටියදී මියගිය සියලුම මාධ්‍යවේදීන්ව සිහිපත් කෙරෙන සජීවී අනුස්මරණයකි. මෙම ස්මාරකය අඛණ්ඩව යාවත්කාලීන කෙරෙනු ඇති අතර ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳ දීර්ඝ විශේෂාංග කථා රැසක් මෙහි සමන්විත වනු ඇත.

2. විමර්ශනය: සත්‍ය සඳහා ආරක්‍ෂිත ලෝකයක් ව්‍යාපෘතිය එසේ අමතක වූ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා පර්යේෂකයන් කණ්ඩායමකින් සමන්විත වනු ඇති අතර ගෝලීය විද්‍යුත් තැපැල් ලැයිස්තුවට සම්බන්ධ වීමෙන් සිය ප්‍රගතිය පිලිබඳ යාවත්කාලීනව දැනුවත් කිරීමට ලොව පුරා මාධ්‍යවේදීන්ට ආරාධනා කෙරේ.

3. යුක්තිය පසිඳලීම: එසේ අමතකව ගිය සිදුවීම් පිළිබඳ පරීක්ෂණ සහ විමර්ශන කිරීම සදහා, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්, පර්යේෂකයින් සහ නීති විශාරදයින් පිරිසක් විසින් මෙහෙයවනු ලැබෙන අතර එකී විමර්ශන පසුව උසාවියක් හමුවට ඉදිරිපත් කෙරෙන නඩු සකස් කිරීම සඳහා යොදා ගැනෙනු ඇත.

_________________________________________________________________

‘ලොව පුරා සිටින මාධ්‍යවේදීන් සිය රාජකාරිය ඉටුකිරීමදී, මිනිසුන්ට සත්‍යය සැපයීම වෙනුවෙන් හිරිහැරයට ලක්වෙති, අත්අඩංගුවට පත්වෙති, පැහැර ගෙන යෑම් සහ ඝාතනයට ලක් වෙති. ලොව ප්‍රමුඛ මාධ්‍ය සංවිධාන තුනක් වන, Free Press Unlimited, Committee to Protect Journalists සහ Reporters Without Borders, මෙසේ එක්ව සිටින්නේ ඉවසා සිටියා ඇති යැයි කීමට ය. සත්‍යය සඳහා ආරක්ෂිත ලෝකයක් සඳහා මේ හොඳම කාලයයි.’ – ලියොන් විලියම්ස්
(Leon Willems, Director at Free Press Unlimited (FPU))

‘ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කිරීම නමුත් ඉතා විරලයි. එසේ සාධාරණය ඉෂ්ට කිරීම, වාරණය කිරීමේ ක්‍රමවේදයක් ලෙස ප්‍රචණ්ඩත්වය භාවිතා කරන අයට එරෙහිව සටන් කිරීමේදීද අත්‍යවශ්‍ය වේ. තොරතුරු නිදහස් වීමට නම්, මාධ්‍යවේදීන් ඝාතනය කරන අයට ඔවුන්ගේ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතුය. වගවීම සහතික කිරීමේ පළමු පියවර වන්නේ එසේ ඝාතනයට ලක්වූ සහ අහිමි වූවන්ගේ ජීවිත ලේඛනගත කිරීමයි.‘ – ජොයෙල් සයිමන් (Joel Simon, Executive Director of the Committee to Protect Journalists (CPJ)

‘සත්‍යය ඝාතනය කිරීම යනු ලෝකයේ ඇති ආරක්ෂිතම අපරාධයයි – එසේ මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූ සෑම අවස්ථා දහකින් නවයකම ඝාතකයින් නිදහස් වේ. සත්‍යය සඳහා ආරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමට නම්, එසේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉෂ්ඨ කළ යුතුය. එසේ අමතකව ගිය නඩු විභාග කිරීමට සහ යුක්තිය පසිඳලීමට අප එක් වී සිටින්නේ එබැවිනි.’
ක්‍රිස්ටෝෆ් ඩෙලොයර්(Christophe Deloire, Secretary General of Reporters Without Borders (RSF))

[BY ©IFEX]